• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා මන්ත්‍රී ! තාත්තා ඇමැති ! පුතා වරායේ කම්කරු! මෙහෙම දෙයක් වෙලා අපේ ලංකාවේ! Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

තම පියා වසර 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරුවත්, විවිධ නියෝජ්‍ය ඇමැති ධුර දැරුවත් එම තනතුරුවලට අදාළ වැටුපට අමතරව කිසිදු මුදලක් වංචාසහගතව උපයාගෙන නැති බව අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ බාල පුත්‍රයා වන තිලක්ෂණ තෙවරප්පෙරුම පවසනවා. පියාණන් මියගිය මොහොතේදී ඔහුගේ අවසන් කටයුතු සංවිධාන කිරීමට පවා තම පවුලේ කිසිවකු සතුව මුදල් නොතිබූ බවත්, ඒ සියලු වියදම් දැරුවේ හිතවතකු විසින් බවත් පෙන්වා දුන් ඔහු සඳහන් කළේ දේශපාලනයෙන් හරිහම්බ නොකළ තම පියා අවංක දේශපාලන චරිතයකට කදිම උදාහරණයක් බවයි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙහෙයවූ සාකච්ඡාවකට එක්වෙමින් තිලක්ෂණ තෙවරප්පෙරුම සිදුකළ එම අදහස් දැක්වීම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එමු. (Sri Lanka Latest News)

ඔබේ නම කියන්න
නුශාන් තිලක්ෂණ තෙවරප්පෙරුම

ඔබේ පියාගේ මරණය ස්වභාවික මරණයක්ද, එහෙම නැත්නම් ඝාතනයක්ද? ඒ ගැන ඔබට මොකක්ද හිතෙන්නේ පුතා විදියට?
මරණය සිදුවුණු මොහොතේ මම එතැන හිටියේ නෑ. නමුත් මම එතැනට ගිහින් බැලුවාම තේරුණා ඒක ස්වභාවික මරණයක් බව.

ඝාතනයක් බවට සැක කරන්න බැරිද? තාත්තව කවුරු හෝ මැරුවා කියලා හිතන්න පුළුවන් අය එතැන හිටියේ නැද්ද?
නැහැ. එතැන හිටියේ අද ඊයේ ආපු අය නෙවෙයි. අපි කාලයක් තිස්සේ දන්න පිරිසක්.

සමාජ මාධ්‍යවල පළවෙනවා පුවත් ඔබේ තාත්තා මේ ඉඩමට අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබුණා, ඒ විදුලියෙන් වල් ඌරෙකුට අටවපු උගුලක පැටලිලා තමයි මියගියේ කියලා. මොකක්ද ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව?
ඒක අසත්‍යයක්. ඔය වත්තේ තාත්තා රෑ වෙනකල් වැඩකරනවා. වතුර මෝටර් එහෙමත් පාවිච්චි කරනවා. ඒ සඳහා ඇදපු වයර් තමයි එතැන තිබුණේ.
තාත්තාගේ මරණය සිදුවෙන වෙලාවේ ඔබ හිටියේ වෙන තැනක. ඔබට කතා කරලා මරණය ගැන කිව්වා. ඒ කියපු කතා ගැන ඔබට විශ්වාසද?
මම එතැන තමයි හිටියේ. නමුත් පෝර ගෙනල්ලා බානකොට තාත්තා කිව්වා පුතේ ඔයා ගිහිල්ලා කෑම ටික අරගෙන එන්න කියලා. ඒ වෙලාවේ හොඳටම වැස්ස. මට ස්කූටර් එකක් තියෙන්නේ. ඒකේ සීට් එක යට ෆෝන් එක තියාගෙන තමයි මම ගෙදරට ආවේ. ඒ ආවම තමයි කෝල් එක ආවේ තාත්තට කරන්ට් එක වැදුණා කියලා. එතකොට අපි නාගොඩ ඉස්පිරිතාලෙට ගියා. ඒ යනකොටත් තාත්තා නැතිවෙලා.

තාත්තා පවුලෙන් ඈත් වෙලාද හිටියේ? සමහර සාකච්ඡාවලදී තාත්තා කිව්වා මම ඉන්නේ වෙනම කාමරේක කියලා. තාත්තා පවුලත් එක්ක අමනාපෙන්ද හිටියේ?
තාත්තා, අයියා නැති වුණාට පස්සේ ගෙදර ඉන්න කැමැති වුණේ නෑ. අයියට අවුරුදු 24දී නැතිවෙන තුරුම හිටියේ මේ ගෙදර. තාත්තා ගොඩක් කිට්ටු අයියට. තාත්තගේ දේශපාලන වැඩවලට උදව් කළෙත් අයියා තමයි. මේ ගෙදර අයියගේ පින්තූර එහෙම ගොඩක් තියෙනවා. ඒවා දකිද්දී තාත්තාට ගොඩක් දුකයි. ඒ නිසා තාත්තා ගෙදර ඉන්න කැමැති වුණේ නෑ. වත්තේ ඉඳලා ඉන්නේ රෑ 10ට 11ට විතර. අයියා නැතිවුණාට පස්සේ තාත්තට නින්ද ගියේම නෑ. නිදි පෙති පවා පාවිච්චි කළා. දේශපාලනය කරන කාලේ නම් තාත්තා කාර්යබහුල නිසා ඒ දුක දැනුණේ නෑ. නමුත් පැරැදුණාට පස්සේ අවුරුදු 4ම තාත්තා පුළුවන් තරම් කාලේ ගතකළේ වත්තේ. නිදාගන්න ටිකට විතරයි ගෙදර ආවේ.

ඇයි තාත්තා ඔබ ගැන කලකිරීමෙන් හිටියේ?
මම වරාය අධිකාරියේ කම්කරු රැකියාවකට ගියා. පෑලියගොඩ යාඩ් එකේ මම වැඩ කළේ. ඒ ගැන තාත්තා කලකිරීමෙන් හිටියේ.

ඔබත් එක්ක වැඩකරපු අනිත් අය දන්නවද ඔබ පාලිත තෙවරප්පෙරුම ගේ පුතා කියලා?
මම රස්සාවට ගිය අලුත ඒ අයත් හොයනවා කවුද මේ පාලිත තෙවරප්පෙරුමගේ පුතා කියලා. ඒ අය මගෙනුත් අහනවා ‘ඇමැතිතුමාගේ පුතා ඇවිල්ලා තියෙනවා, කවුද දන්නේ නෑ නේද බං’ කියලා. මාත් උත්තර දේනනේ නැතුව නිශ්ශබ්දව හිටියා.

ඔබ එතැන මොකක්ද කළේ?
ඒකේ කස්ටම් එකක් තිබුණා. මට තිබුණේ එන අයගේ බෑග් පරීක්ෂා කරන්න.

කවුද ඒ රස්සාව හොයලා දුන්නේ?
ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා තමයි සාගල රත්නායක ඇමැතුමාට කතා කරලා රැකියාව ලබාදෙන්න මූලික වුණේ.

තාත්තද කතා කළේ?
නෑ. තාත්තා දන්නේ නෑ. තාත්තට හොරෙන් කළේ. තාත්තා කැමැති නෑ මම රස්සාවකට යනවට. තාත්තා කියන්නේ වත්ත බලාගෙන ඉන්න කියලා.

ඇයි එහෙනම් ඔයා රස්සාවට ගියේ?
ඒ වත්තෙන් ලොකු ආදායමක් ලැබෙන්නේ නෑ. මමත් විවාහ වෙලා. මට දරුවෙක් ඉන්නවා. අයියයි, අම්මයි, තාත්තයි අපි ඔක්කොටම ජීවත් වෙන්න වත්තේ ආදායම මදි නිසා මම ඒ රස්සාවට ගියේ. නමුත් තාත්තාගේ අකැමැත්ත නිසා අවුරුදු දෙකහමාරක් මම ඒ රස්සාව කරලා අයින් වුණා.

තාත්තා අකැමැති වුණේ තාත්තා වගේ දේශපාලකයෙක්ගේ පුතෙක් කම්කරු රැකියාවක් කරන එක ඔහුට අවනම්බුවක් නිසාද?
අපේ ගම්වල අයත් මම වැඩකරපු තැනට එනවා යනවා. ඒ අය මාව දැකලා අහනවා ‘අනේ මල්ලි උඹ මොකද මෙහෙ කරන්නේ’ කියලා. ඒ අය තාත්තාව හම්බවුණාම කියනවා ‘පාලිත අයියේ පුතා මෙතන වැඩකරනවා, හරියන්නේ නෑනේ ඒක. කොල්ලට මොකක් හරි වෙන රස්සාවක් හොයලා දෙන්න’ කියලා. ඒ ප්‍රශ්නෙත් තාත්තගේ ඔළුවේ තිබුණා. තාත්තා ඒ වෙලාවට මට කෝල් කරලා කියනවා ‘පුතේ වරෙං අපි මොකක් හරි කරමු’ කියලා.

ඔබ කොයි තරම් දුරට ඉගෙනගෙන තියෙනවද?
මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විතරයි කරලා තියෙන්නේ. මටවත්, අපේ පවුලේ කාටවත් රැකියාවක් අරන් දීලා නැහැ තාත්තා.

තාත්තට බාර් පර්මිට්, පෙට්‍රල් ෂෙඩ් එහෙම නැද්ද? ඡන්දෙට උදව් කරපු අයට පර්මිට් අරන් දීලා නැද්ද?
ඒ කිසිම දෙයක් තාත්තා අරගෙන නෑ. කාටවත් අරගෙන දීලත් නෑ. මම ඒක වගකීමෙන් කියනවා.

ඔබේ පියා දෙපාරක් පාර්ලිමේන්තුවට තේරුණා. ඒ වෙනුවෙන් වාහන පර්මිට් දෙකක් ලැබෙන්න ඇති. ඒ පර්මිට්වලට ලැබුණු වාහන කෝ?
ඒ පර්මිට් දෙකම විකුණලා කළේ අයියා වෙනුවෙන් දානමාන දීපු එක තමයි.

ඔබේ තාත්තා අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ හිටියා. නියෝජ්‍ය ඇමැති ධුර පවා දැරුවා. එහෙම කෙනෙක්ට තමන්ගේ ගේ හදාගන්නවත් බැරිවෙලා තියෙනවා. ඔබලා ඉන්නේ ඔබේ සීයා හදපු ගෙදර. පාවිච්චි කරන්නේ පරණ පැජරෝ ජීප් එක. පුතාට රස්සාවක් නෑ. මොකක්ද එහෙම වෙන්න හේතුව?

දේශපාලනයෙන් නීත්‍යනුකූලව හම්බ කරන ක්‍රමය මොකක්ද? ලැබෙන පඩිය විතරයි දේශපාලකයෙක්ට අයිති. ඉන්ධන දීමනා වගේ තවත් පොඩි දීමනා ටිකක් ලැබෙන එක ඇත්ත.

ඔබ කියන්නේ දේශපාලකයකුට ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් ඇත්තම විදියට හොඳම උදාහරණය තමයි පාලිතගේ ගෙදර?
ඔව්. මේ තමයි උපරිම විදිය. මීට වඩා දෙයක් කරන්න බෑ.

ඊට උඩින් ජීවත් වෙන හැම එකාම හොරාකාපු එවුන් කියලද ඔබ කියන්නේ?
ඔව්. ඒක තමයි ඇත්ත කතාව.

තාත්තා ඩීල් ගහලා නැද්ද කා එක්කවත්? කන්ට්‍රැක්ට්වලින් සල්ලි අරගෙන නැද්ද? දැකලා නැද්ද මේ ගෙදර සල්ලි ගණන් කරනවා එහෙම?
ජීවිතේටවත් නැහැ.

තාත්තගේ බැංකු පොත්වල සල්ලි පුරවලා තියෙනවද?
නෑ. ඔයාට චෙක් කරලා බලන්න පුළුවන්නේ අවශ්‍ය නම්. මම, අම්මා විතරයි දැනට ජීවතුන් අතර ඉන්නේ. කිසිම ඉතුරුවක් නෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. තාත්තා නැතිවුණේ නාගොඩ ඉස්පිරිතාලේ. තාත්තාගේ යාළුවන්ගෙන් යම් කිසි තැනක ඉන්නේ ප්‍රසාද් මාමා විතරයි. ෆයිව්ස්ටාර් බේකරියේ අයිති කෙනා. එයා තාත්තා ඉස්කෝලේ යන කාලේ ඉඳලම යාළුවෙක්. තාත්තා නැතිවුණු වෙලාවේ මුලින්ම අපි එයාට තමයි කතා කරලා ඇහුවේ දැන් මොකක්ද කරන්නේ කියලා. ප්‍රසාද් මාමා විනාඩි 20ක් යන්න කලින් ඉස්පිරිතාලෙට ආවා. මම ඇහුවා අපි අතේ සල්ලි නැහැ, කොහොමද මළ ගෙදර කටයුතු කරගන්නේ කියලා. එයා කිව්වා ප්‍රශ්නයක් නෑ. මම මුදල් පැත්තෙන් උදව් කරන්නම් කියලා. ප්‍රසාද් මාමා තමයි ඒ කටයුතු බලාගත්තේ, දේශපාලන පක්ෂවලින් නෙවෙයි. මරණෙට කෑම ගත්ත තැන්වලට අදටත් ණයයි. ඒ දේවල් ප්‍රසාද් මාමා බලාගන්නවා. ප්‍රශ්නයක් නෑ. ගොඩක් අය උදව් කරන්න ඇහුවා. නමුත් අවශ්‍ය වුණේ නෑ, ප්‍රසාද් මාමා ඒ දේවල් හොයලා බලලා කරපු නිසා.

තාත්තට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප ලැබුණානේ? ඒ පඩිය ඉතුරු කරලා තිබුණේ නැද්ද?
නැහැ. ඒ පඩියෙන් සහ වත්තෙන් ලැබෙන ආදායමෙන් තමයි ගෙදර කෑම බීමවලට වියදම් කළේ.

ඔබේ පියා කොවිඩ් කාලේ පාරට බැහැලා මිනිස්සුන්ට කන්න දුන්නා. වාහනේ උකස් කරලා මිනිස්සුන්ට බඩු බෙදුවා. එච්චර කරපු මනුස්සයා මේ පාර ඡන්දෙන් පැරැදුණේ ඇයි?
ඒක හිතාගන්න බෑ. මම හිතන්නේ මිනිස්සු පක්ෂේ මොකක්ද කියන එක බැලුවා කියලා.

තාත්තා සමගි ජන බලවේගයට එකතු වුණේ නෑ. නමුත් බහුතරයක් දෙනා එකතු වුණා. ඔබ හිතනවද තාත්තා සමගි ජන බලවේගයට එකතු වුණා නම් පාර්ලිමේන්තු එන්න තිබුණා කියලා?
ඔව්, මම එහෙම හිතනවා.

වර්තමානයේ තරුණයෝ ආසයි ක්ලබ්වලට යන්න, නයිට් රේස් බලන්න යන්න, විනෝද වෙන්න. ඔබට ඒ වගේ ආසාවක් නැද්ද?
තාත්තාගෙන් මම ඉගෙන ගත්තේ ඒ දේවල් නෙවෙයි. පොඩි කාලේ ඉඳලම තාත්තා අපිව එක්කගෙන ගියේ ගංවතුර ආපු ගම්වලට කෑම බෙදන්න, සුළිසුළං ආවාම ඒ අයට උදව් කරන්න.

සාමාන්‍යයෙන් දේශපාලකයන්ගේ පුත්තු සෙට් එක එකට ඉන්නේ. ඔබට නාමල්ලා, යෝෂිතලා, චිචීලා එක්ක සම්බන්ධතා නැද්ද?
නැහැ. කිසිම කෙනකුගේ ටෙලිෆෝන් නම්බර් එකක්වත් මා ළඟ නෑ. අරක්කු සිගරට් පාවිච්චියක්වත් නෑ, ක්ලබ් යන්නෙත් නෑ.

ඔබ හිතන්නේ නැද්ද තාත්තට ඡන්ද නොලැබුණේ තාත්තගෙම කට හින්දා කියලා? තාත්තා හැමෝටම බණිනවා නේද?
තාත්තා බණිනවා නෙවෙයි. තාත්තා කෙළින් කතා කළා. ඒ නිසා ගොඩක් අය තාත්තා එක්ක අමනාප වුණා. ඒක ඇත්ත.

තාත්තා කලින් කියලා තිබුණා අවසන් කටයුතු මල්ශාලාවටත් භාරදීලා තියෙන්නේ, පෙට්ටියට කරගහන්නත් හතර දෙනකුට කියලා තියෙන්නේ කියලා. කවුද ඒ හතර දෙනා?

වත්තෙම වැඩකරපු හතර දෙනෙක්. ඒ අය මරණෙට කරගැහුවා.

ඔබ කම්කරු රැකියාවකට ගියා කියලා තාත්තා තරහෙන් හිටියා කිව්වා. ඔබව රැකියාවට දාපු ජයන්ත කැටගොඩට තාත්තා කතා කරලා දොස් කිව්වේ නැද්ද?
ඒක නම් දන්නේ නෑ. නමුත් සාගල ඇමැතිතුමාට නම් කිව්වා. අපි සාගල ඇමැතිතුමාට කියලා තිබුණේ නෑ මගේ රස්සාව ගැන තාත්තා දන්නේ නෑ කියලා. තාත්තා වෙන වැඩකට සාගල ඇමැතිතුමාට කතා කරපු වෙලාවක සාගල ඇමැතිතුමා තාත්තට කියලා තියෙනවා ‘පාලිත, පුතාගේ වැඩේ හරි’ කියලා. ඒ වෙලාවේ තමයි තාත්තා දොස් කියලා තිබුණේ. පස්සේ සාගල ඇමැතිතුමා අපිටත් කතා කරලා කිව්වා ඇයි තාත්තට හොරෙන් මෙහෙම දෙයක් කළේ, මමත් ඒකෙන් අපහසුතාවට පත්වුණානේ කියලා. ඒ වෙලාවේ අපි ඇත්ත කතාව එතුමාට කිව්වා. එතුමාත් ඒක තේරුම් ගත්තා.

රනිල් බලයට ආපු වෙලාවේ පැරැදිච්ච අයටත් තනතුරු දුන්නානේ. ඔබේ පියාට තනතුරක් දුන්නේ නැද්ද?
ජනාධිපතිතුමා තාත්තට කතා කරලා තිබුණා. ඒ වෙලාවේ තාත්තා කියලා තිබුණා මේක තනතුරු බෙදාගන්න වෙලාවක් නෙවෙයි. මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔබතුමා මේ වැඩේ හරියට කරන්න, නැත්නම් අපිටත් ගෙවල්වල ඉන්න වෙන්නේ නැ කියලා.

තාත්තා රනිල්ගේ පාලනයට ඒ තරම් කැමැත්තෙන් නෙමෙයිද හිටියේ?
මම හිතන්නේ කලකිරීමෙන් හිටියේ. එහෙම නැත්නම් තනතුරක් බාරගන්නවනේ. මොකද ඒ වෙලාව තනතුරු බෙදාගන්න වෙලාවක් නෙවෙයි. රට හොඳටම වැටිලා තිබුණේ.

තාත්තට දේශපාලනය ගැන කලකිරීමක් තිබුණද?
ඔව්. අන්තිම කාලේ කලකිරීමෙන් හිටියේ.

කවුරු ගැනද කලකිරිලා හිටියේ? තාත්තා යූ.ඇන්.පී.කාරයෙක්නේ. යූ.ඇන්.පී. එක ගැනත් කලකිරීමක් තිබුණද?
ඒ ගැනත් පැහැදීමක් තිබුණේ නෑ. නමුත් පක්ෂය මාරුකරන තැනක නෙවෙයි ඔහු හිටියේ.

වෙනත් පක්ෂවලින් තාත්තට ආරාධනා ලැබුණේ නැද්ද, අපේ පැත්තට එන්න කියලා?
පක්ෂය දෙකට කැඩෙන්න ආසන්න කාලෙදී සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් ආරාධනාවක් ආවා. එතුමා ඇවිල්ලා තාත්තා එක්ක කතා කළා. යූ.ඇන්.පී. එක දෙකට කැඩෙනවා කියලා අදහසක් තිබුණේ නෑ ඒ දවස්වල. නමුත් එතුමා තාත්තට කිව්වේ අපි එකතු වෙලා පක්ෂය ගොඩගමු කියන එක. ඊට පස්සේ පක්ෂය දෙකට කැඩෙන එකටයි තාත්තා විරුද්ධ වුණේ.

දේශපාලනය ගැන තාත්තාගේ කලකිරීම ඇතිවුණේ කොතැනින්ද?
ඒක පුද්ගලයෙක් ගැන නෙවෙයි. රට යන විදිය ගැනයි තාත්තා කලකිරුණේ. සමහර දවස්වලට මිනිස්සු එනවා. ඇවිත් තාත්තට කියනවා මම දුවට ඉගැන්නුවේ ගොඩක් දුක් විඳලා. දුවට ඩිග්‍රි දෙකක් තියෙනවා. නමුත් තවම රස්සාවක් නෑ කියලා කිව්වාම තාත්තාට කරන්න කිසිම දෙයක් නෑ. තාත්තා එයාගෙන් මුලින්ම අහන්නේ කෑම කාලද ඉන්නේ කියලා. කාලා නැත්නම් ගෙට එක්කගෙන ගිහින් කන්න දෙනවා. සමහර දවස්වලට අම්මා පස්පාරක් උයනවා. තාත්තාට ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට දෙන්න උත්තරයක් නෑ වෙන.

අනිත් ඇමැතිවරුන්ගේ දරුවෝ ගොඩක් සැප විඳිනවා. රට රටවල සවාරි යනවා. සුපිරි වාහන පාවිච්චි කරනවා. ඔබට හිතෙන්නේ නැද්ද ඔබේ තරුණ කාලේ ඔබට නැතිවුණා කියලා. තාත්තා එක්ක සියුම් තරහක් ඇතිවෙන්නේ නැද්ද ඒ ගැන?

තාත්තා ගියේ වෙනම ගමනක්. එයා සමාජයට සේවයක් කළේ.
තාත්තා සමාජයට හැම දේම කළා. නමුත් ගෙදරට කිසි දෙයක් කළේ නෑ කියලා හිතෙන්නේ නැද්ද?

අපේ රටේ දේශපාලනයෙන් වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි හොඳට සල්ලි හම්බකරගෙන, ගෙයක් දොරක් හදාගෙන, තමන්ගේ පවුලේ අයවත් ගොඩදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයට සේවයක් කරන්න පුළුවන්.

තාත්තට සහෝදරයෝ ඉන්නවද?
අටදෙනෙක් ඉන්නවා.

එතකොට තාත්තා පවුල් සමාගමක් හැදුවේ නැද්ද?
නැහැ.

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ දෙයක් නෙවෙයිද තාත්තා කළේ?
ඒ ගැන අපිට කලකිරීමක් නෑ.

තාත්තට තිබුණේ ලැබෙන පඩිය කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක්ද?
තාත්තා පාර්ලිමේන්තුවෙන් පඩි අරගෙන ගෙදර එද්දී පඩිය ඉවරයි. අතර මඟදී හම්බවෙන මිනිස්සු ඒ අයගේ ප්‍රශ්න කිව්වාම තාත්තට දෙන්න ලොකු උත්තර නෑ. ඒ වෙලාවට තාත්තා රුපියල් 5000ක් හරි ඒ වගේ මුදලක් දීලා ඒ මනුස්සයව සතුටු කරලා පිටත් කරනවා. දොඩංගොඩ එක්සිට් එකෙන් වාහනේ දාලා ගෙදරට එද්දී පඩිය අනිවාර්යයෙන් ඉවරයි කියන එක අපිත් දන්නවා.

ඔබට වාහනයක් තියෙනවද?
මට වාහනයක් නෑ

ඔබේ විවාහයට ලොකු උත්සවයක් ගත්තද?නැහැ. කොට්ටාවේ පොඩි හොටෙල් එකක පොඩියට තමයි වෙඩින් එක ගත්තේ. අපේ ඥාතීන් 100කට විතරයි ඒක කිව්වේ. යාළුවන්ටවත් කිව්වේ නැහැ. දේශපාලකයෝ කිසිම කෙනෙක් ආවෙත් නැහැ.

අම්මගේ අසනීපයට වියදම් කරන්නේ කොහොමද?
පොල් ඉඩමෙන් ලැබෙන ආදායමෙන්. වෙන කිසිම ආදායමක් නෑ. මම රැකියාවට යන්න හේතු වුණෙත් ඒකයි.

ආයෙත් රැකියාවට යන්න බලනවද?
නෑ. මොකද ගෙදර ඔක්කොම හිරවෙලා තියෙන්නේ. අම්මව බලාගන්න කවුරුවත් නෑ.

අපි දැක්කා තාත්තගේ හත් දවසේ පින්කම වෙලාවේ ස්වාමින්වහන්සේ නමක් ඔබේ අම්මට ආරාධනා කළා දේශපාලනයට එන්න කියලා. ඒ ගැන අම්මා මොකද කියන්නේ?
ඒ ගැන කතාකරන්න පුළුවන් මට්ටමක නෙවෙයි අම්මා තවම ඉන්නේ. අනිත් එක තාත්තා කියන්නේ දැවැන්ත වැඩකොටසක් කරපු කෙනෙක්. ගමේ අයටත් උදව් කරනවා, වත්තේ වැඩත් කරනවා. විශාල බරක් තනියෙන් ඇදපු කෙනෙක් තාත්තා. අපි කළේ ඒ දේවලට උදව් කරපු එක විතරයි. ඉතින් අම්මා තවම ඒ දේවල් ගැන හිතලා නෑ.

දේශපාලනයට එනවා නම් එන්න ඉන්නේ ඔබ හෝ ඔබේ අම්මා. කවුද එහෙම වුණොත් දේශපාලනයට එන්නේ?
දේශපාලනයට එන්න කියලා ආරාධනා නම් ගොඩක් තියෙනවා.

තාත්තගේ මළගෙදර වෙලාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම කථිකයෝ කතා කළා. මොන පක්ෂයෙන්ද ඔබට ආරාධනා ලැබිලා තියෙන්නේ?
ඒක අපි කතා නොකර ඉමු. හැම පක්ෂෙකින්ම වගේ ආරාධනා ලැබුණා. නමුත් මට සහ අම්මට තනිවම ඒ ගැන තීරණයක් ගන්න බැහැ. හේතුව, තාත්තා මේ ගමන තනිව ආපු එකක් නෙවෙයි. දංවැලක් වගේ තාත්තට උදව් කරපු පිරිසක් ඉන්නවා ඥාතීන් සහ ළඟම හිතවතුන්. ඒ අයත් එක්ක කතාබහ කරලා ඉදිරියේදී තීරණයක් ගන්නවා.

අම්මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක ඇයට දේශපාලනයට එන්න පුළුවන් වෙයිද?
මගේ අම්මා කලින් අවස්ථාවක ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලුවා. ඒකෙදී අම්මා මන්ත්‍රී වුණා. නමුත් අම්මගේ එක රැස්වීමකටවත් තාත්තා ආවේ නෑ. තාත්තා මිනිස්සුන්ට උදව් කරගෙන වත්තේ කටයුතු බලාගෙන හිටියා.

අයියා ඡන්දේ ඉල්ලුවද?
නැහැ. අයියා දේශපාලනයට එන්න සූදානමින් ඉන්න අවස්ථාවේ තමයි අසනීප වෙලා මියගියේ.

තාත්තා දඩබ්බරයි. හරි කලබලයිනේ. ඒක පාඩුවක් වුණේ නැද්ද තාත්තට?
ඒක මොහොතින් මොහොතට වෙනස් වෙනවා. සමහර අවස්ථාවලදී දඩබ්බර නොවීත් බැහැ.

හොඳට නරකට දෙකටම බලපෑවේ තාත්තගේ කලබලේ නේද?
හරියට හරි. තාත්තට හරිගියෙත් ඒ නිසා. වැරැදුණෙත් ඒ නිසා. ඒක තමයි උත්තරේ.

රනිල් මළගෙදරට ඇවිල්ලා මොනවද කිව්වේ?
දේශපාලනය ගැන කිව්වේ නැහැ. මුලින් මේ වැඩේ කරලා ඉමු කියලා තමයි කිව්වේ.

පවුලේ අය ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවද?
නැහැ.

යූ.ඇන්.පී. එකෙන් ලැබුණු සහාය ප්‍රමාණවත්ද?
උදව් කරන්න ඇහුවා. යූ.ඇන්.පී. එකෙන් වගේම තවත් පක්ෂවලින්. නමුත් අපි ඉල්ලුවේ නෑ. මොකද තාත්තා ඒවට කැමැති නැති බව අපි දන්න නිසා.

ඇත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් විදිය කාට හරි දකින්න ඕනේ නම් මතුගම යටදොළවත්තේ තියෙන පාලිතගේ ගෙදරට ඇවිල්ලා බැලුවොත් දැකගන්න පුළුවන් නේද?
ඔව්. ඒ වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් උපරිම විදියට තමයි අද අපි මේ ජීවත් වෙන්නේ. මීට එහා කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. මේ උපරිමය. ඒ කියන්නේ සාමාන්‍ය විදියට කාලා ඇඳලා ඉන්න පුළුවන්. එච්චරයි. අපේ පොල් ඉඩමෙන් එන ආදායම නැත්නම් අම්මගේ බෙහෙත්වලට වියදම් කරන්නවත්, වාහනේට තෙල් ටික ගහන්නවත් වෙන්නේ නැහැ.

තාත්තා බරපතළ කලකිරීමක නේද ඉඳලා තියෙන්නේ? මරණය බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා නේද? තමන්ගෙම සොහොනක් හදාගත්තේ ඒකනේ?
අයියගේ මරණෙන් පස්සේ මැරෙන්න බලාගෙන තමයි තාත්තා හිටියේ. ස්ලීපිං ටැබ්ලට් එකක් ගත්තා. ඒක ඇත්තටම පිස්සන්ට දෙන ටැබ්ලට් එකක් කිව්වොත් හරි. ඒ තරම් පවර්ෆුල් එකක්. තාත්තට නින්ද යන්නේ නැති ප්‍රශ්නය තිබුණේ. අයියගේ සොහොන උඩ අවුරුදු දෙකක් විතර නිදාගත්තා. නින්ද යන්නේ නෑ, සොහොන උඩ ඇලවෙලා ඉන්නවා එළිවෙන කල්ම.

හාට් ප්‍රශ්නයක් තිබුණද තාත්තට?
ඔව්. ස්ටෙන්ට් හතරක් දාලා තියෙන්නේ. ඒ හැරෙන්න වෙන ලෙඩක් තිබුණේ නෑ. බොහොම නිරෝගී කෙනෙක්. කෑමෙන් බීමෙන් 100%ක් පරිස්සම් වෙච්ච කෙනෙක්.

තව කියන්න විශේෂ දෙයක් තියෙනවද?
තාත්තාගේ අවසන් කැමැත්ත තිබුණා ‘හමාර බණවර’ කියන සින්දුවට. මුල් ගායක රොයිස්ටර්ගෙන් අහන්නෙවත් නැතුවයි තාත්තා ඒක වෙනස් කළේ. ඊට පස්සේ ඒ ගායකයා ඒක වෙනස් කරලා ගායනා කරලා තිබුණා. ඒක ඇත්තටම තාත්තට කරන ලොකු ගෞරවයක්. ඒ ගායකයාට මම මේ වෙලාවේ ස්තුති කරනවා. තාත්තා හිටියා නම් ගොඩක් සතුටු වේවි.

Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කාදිනල් හිමි ගෝඨා ‌කෝල් කළා කිව්වා! ගෝඨා කිව්වා මම කෝල් කළේ නෑ කියලා! දැන් කාදිනල් හිමි ආයෙමත් කියනවා ගෝඨා කතා කළා කියලා! ඒ මදිවාට කතා කරපු දේවලුත් කියනවා! මෙන්න කාදිනල් හිමියන්ගේ අලුත්ම නිවේදනය! I Sri Lanka Latest News

Next Post

ලොහානුත් පොහොට්ටුවෙන් ගැලවෙයි! රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කියයි!  I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.