• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමි ගෝඨා ‌කෝල් කළා කිව්වා! ගෝඨා කිව්වා මම කෝල් කළේ නෑ කියලා! දැන් කාදිනල් හිමි ආයෙමත් කියනවා ගෝඨා කතා කළා කියලා! ඒ මදිවාට කතා කරපු දේවලුත් කියනවා! මෙන්න කාදිනල් හිමියන්ගේ අලුත්ම නිවේදනය! I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා තිබේ.Sri Lanka Latest News

උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් අප්‍රේල් 21 වැනි ඉරිදා පැවති වැඩසටහනකදී  කාදිනල් හිමි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන යටපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවට චෝදනා කර තිබුණි.

එහිදී කාදිනල් හිමි කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු යැයි හිටපු ජනාධිපතිවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා පැවසූ බවය.

කෙසේ වෙතත් එම චෝදනා සිදුකර දින 04කට පසු ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වුනේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලද විගස තමන් කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බව නොපැවසූ බවය.

එමෙන්ම අප්‍රේල් 21 වනදා පැවති වැඩසටහනේදී කාදිනල් හිමි තමන්ට එල්ල කළ අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම මාධ්‍ය නිවේදනයට කාදිනල් හිමි මෙලෙස යළි නිවේදනයකින් ප්‍රතිචාර දක්වා තිබුණි.

එහි දැක්වෙන්නේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සිය අතට පත්වූ දිනට පසුදින තමන් කාදිනල් හිමිට දුරකථන ඇමතුමක් නොගත් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනයෙන් පැවසුවද, එය මුළුමනින්ම අසත්‍ය බවය.

එවැනි ඇමතුමක් හිටපු ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් බව යළිත් තහවුරු කරන කාදිනල් හිමි පවසන්නේ, අදාළ ඇමතුමේදී ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබු මුස්ලීම් ජාතිකයන් අතර වෛරය පැතිරවීමට මුල්වූ ප්‍රතිවිරුද්ධ සංවිධානයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බවය.

“වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර ඒ සමග තහනම් කළ යුතු වෙනත් සංවිධානද නම්කර ඒවායේ විස්තරද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා එදා මා හට දුරකථනයෙන් ප්‍රකාශකර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත්වීම නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි. එම සංවිධානයට රාජපක්ෂ ජනාධිපතිතුමා කිට්ටුවෙන් සම්බන්ධවූ බව අප තේරුම් ගන්නේ එතුමා විසින් එම සංවිධානයේ ලේකම්තුමා පසු කලෙක “එක රටක් එක නීතියක් ” යන කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නට යෙදුණු නිසාය.” යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවු විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර කාදිනල් හිමි තමන්ට පමණක් දොස් නගන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නගන චෝදනාව ද සත්‍යයෙන් තොර බව කාදිනල් හිමි සිය නිවේදනය තුළින් පෙන්වා දී තිබේ.

එහිදී කාදිනල් හිමි හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රහාරය වළක්වා නොගත් පොලීසියේ උසස් නිලධාරීන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොමිෂන් සභාව කර තිබු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිය ධුර කාලය තුළදී කටයුතු නොකළේ මන්ද යන්නය.

එසේම කාදිනල් හිමි සිය නිවේදනය අවසානයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත අද පවතින රජයද ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බවය.

SendShareShare
Previous Post

එකක් ගැන විතරක් කයිය ගහන කයියනායකයකු වෙන්න එපා! කයිවාරු ගහන්නත් එපා! විවාද දෙකටම අපි සූදානම්! මැයි මාසයේම විවාද දෙකම කරමු! සජිත් අනුරට විවාදයට දින දෙයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

තාත්තා මන්ත්‍රී ! තාත්තා ඇමැති ! පුතා වරායේ කම්කරු! මෙහෙම දෙයක් වෙලා අපේ ලංකාවේ! Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper