ඊයේ වෙළෙදපොළට නිකුත් වූ මව්රට පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස අපි වාර්තා කළේ අප්‍රේල් අවසානය වන විට ආණ්ඩුව දෙකඩ වීමට නියමිතව ඇති බවකි.Sri Lanka Latest News
ඒ හරහා අප පෙන්වා දුන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වනපොහොට්ටුව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි කියාය.
අප කළ එම අනාවරණය තවදුරටත් තහවුරු කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන ශ්‍රීලනිප නියෝජිතයන් ඔවුන් දරන පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පියවර ගත්තේය.
එමෙන්ම පක්ෂය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම විපක්ෂයේ දේශපාලනය සිදුකිරීමට කටයුතු කරන බවද ශ්‍රීලනිප නියෝජිතයෝ ඊයේ සදහන් කර සිටියහ.
ඒ අනුව ආණ්ඩුව ඇතුළේ පිපිරිලි රැසක ආරම්භය සනිටුහන් වී තිබේ.
අද අප පළ කළ මව්රට සිරස්තලය!
අප්‍රේල් මාසය අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහයෝගය දැක්වීමෙන් ඉවත් වීමට නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇතැයි එම පක්ෂයට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව, අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂයක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කොට ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බොහෝ දුරට පොහොට්ටුවේ මෙම තීන්දුවට ජනාධිපතිවරයාට සහාය දක්වන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළකිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
පොහොට්ටුව තීන්දු කොට ඇත්තේ එසේ වුවහොත් ජනාධිපතිවරයා සමග සිටින මන්ත්‍රී කණ්ඩායම හැරුණු කොට අනෙකුත් පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ස්වාධීනව කටයුතු කිරීමටය.
ඒ අනුව, දැනට මතුව ඇති තත්ත්වය යටතේ ලබන අප්‍රේල් මාසය අවසන් වන විට ආණ්ඩු පක්ෂය දෙකඩ වීමට නියමිත බව එම විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.