ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට හොරරහසේ ඇතුළු වූ පුද්ගලයකු සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධානීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
මෙසේ ඇතුල් වූ පුද්ගලයා පක්ෂ මූලස්ථානයේ සවිකර තිබු වායු සමීකරණ යන්ත්‍ර 4ක තඹ කම්බි සහිත කොටස් සොරකම් කොට ඇති බව පැවසේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවය.
එම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවත් ඔහු අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.










