අද උදෑසන අභාවප්‍රාප්ත වූ කැපිටල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්.රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් සමගි ජ බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.
එහි මෙසේ සදහන්ය.
ආර්.රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේ සාතිශය සංවේගය පළකරමු ..
මහරාජා සමුහ ව්‍යපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේ සාතිශය සංවේගය පළකරමු.
ශ්‍රී ලංකාවේ කිර්තිමත් ව්‍යපාර ජාලයක් නිර්මාණය කළ එතුමා දේශිය ව්‍යවසාය පිළිබඳව පුර්වාදර්ශ රැසක් සැපයු අයෙක් ලෙස තබා ඇති සටහන තරුණ ව්‍යවසායකයින්ට මඟ පෙන්විමකි.
සිය ව්‍යපාර ජාලයේ ආරම්භ කළ මාධ්‍ය සමුහය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නව මානයකට ගෙන යාමට එතුමා සමත් විය. නව වැඩසටහන්, ආකෘති හඳුන්වාදෙමින් පෞද්ගලිකවම මාධ්‍ය මෙහෙවරට දුන් දායකත්වය සිරස මාධ්‍ය ජාලය ජනතාව අතර ප්‍රචලිත විමට ප්‍රධානතම සාධකය බව අවිවාදිතය.
රටක සිව්වෙනි ආණ්ඩුව ජන මාධ්‍ය බව කියවෙන විග්‍රහය යථාර්ථයක් බවට පෙන්වා දිමට සිරස මාධ්‍ය ජාලයට අයෝමය සවියක් වුයේ එතුමා බව නොරහසකි. සෑම විටම ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬ නගන්නට සිය මාධ්‍ය මෙහෙය වුයේ එයින් පැන නැගෙන අභියෝග කුමක් වුවද එයට අභිතව මුහුණ දෙමිනි.
සිය කාර්‍යමණ්ඩලයට පියෙකු මෙන් රැකවරණය දුන් රාජා මහේන්ද්‍රන් මහතාගේ වියෝව සිරස මාධ්‍ය ජාලයට පමනක් නොව රටේ සියලු ජනතාවට දැරිය නොහැකි පාඩුවකි .
රටේ ජාතික සමගිය සර්ව ආගමික සහජිවනය නිරන්තරයෙන් අපේක්ෂා කල එතුමා රටට අවශ්‍යම මොහොතක අභාවයට පත්විම සමගි ජන බලවේගය මහත් කම්පනයකට පත්කළ මොහොතකි.
මේ මොහොතේ ශෝකයට පත්ව සිටින එතුමාගේ පවුලේ සාමාජිකයන්ටත්, මහරාජා සමුහ ව්‍යපාරයේ සියලුම කාර්‍යමණඩලවල සාමාජිකයන්ටත් සමගි ජන බලවේගයේ සතිශය සංවේගය පුදකරමු.
මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය