විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි දේශපාලඥයකු වුවද අපේ රටේ ආණ්ඩු පක්ෂයේ බොහෝදෙනකු මැතිවරණ වේදිකාවේදී විපක්ෂනායකවරයාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම හාස්‍යයට ලක්කරමින් උසුලු විසුලු කරන ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
ඒ, ඔවුන්ගේ භාෂා නොදැනුවත්භාවය නිසාද, දේශපාලන කුහකකම නිසාද, විපක්ෂනායකවරයාට ඇති බිය නිසාද යන්න නොදන්නා නමුත් ජවිපෙ බොහෝ දෙනකු දේශපාලන වේදිකාවේ කියා සිටියේ සජිත්ගේ ඉංග්‍රීසි තේරෙන්නේ නැතැයි කියාය.
අවසානයේදී අද වනවිට ප්‍රබල ඇමැතිකම් දරන ජවිපෙ ප්‍රධානීන්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විලාසය ජාත්‍යන්තර මාතෘකාවක් බවට පත්වන තරමටම දුරදිග ගොස් ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
කෙසේවෙතත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙසෙන තරුණයන් පිරිසක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පන්ති කිහිපයක් ආරම්භ කොට ඇති අතර ඔවුන් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විලාසය උදාහරණයට ගෙන තිබීම විශේෂත්වයකි.
පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් ඔවුන් සකස් කොට තිබූ කෙටි වීඩියෝවය.










