ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජල බෝතල් පිරිපහදුවට වැරදි ක්‍රම යොදා ගැනීමෙන් වෙළද පොළේ ඇතැම් පානීය ජල බෝතල් තුල මැරුණු ජලය පවතින බවත් එම මැරුණු ජලය පානයෙන් ජනතාවට බරපතළ සෞඛ්‍ය තර්ජනයක් සිදුවන බැවින් පානීය ජල බෝතල් නිෂ්පාදනය අනුව වර්ග කර ජනතාව අතට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතු යැයි බව මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. Sri Lanka Latest News
ඔවුන් මේ බව කියා සිටියේ පානීය ජල බෝතල් ප්‍රමිතිගත කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් රජය දැනුවත් කිරීම් සඳහා විශේෂ මාධ්‍ය හමුවක් (10) නුවරඑළියෙදී පවත්වමිනි ,
එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මහතා දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් මෙලෙස අදහස් හා සිය සංගමී යෝජනා ප්‍රකාශ කලේය.
මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ජලයයි.
ලොව පුරා ශිෂ්ටාචාර බිහි වූයේද ඒවායේහි රදා පැවැත්ම හා සුරක්ෂිත බව රැකුණේද ජලය යන සාධකය මතය.
ජලයේ වටිනාකම එසේ වුවද ශ්‍රි ලාංකිකයන් වශයෙන් අප තවමත් ඒ ගැන උනන්දුවක් දක්වයිද ?
මේ අප කියන්නට යන්නේ ශ්‍රි ලංකාවේ ජනතාව තමන් පානය කරන පානීය ජල බෝතල් පිළිබඳ මෙතෙක් හෙළි නොවූ බරපතළ සෞඛ්‍ය තර්ජනයක් ගැන කතාවක් ,
කවුරුන් කුමන මත දැරුවද ශ්‍රි ලංකාවේ ජනතාව දිනෙන් දින බෝතල් කළ පානීය ජලයට සීඝ්‍රයෙන් හුරු වෙමින් සිටී.
එවන් තත්වයක් තුල අප දිනපතා බීමට ගන්නා මෙම බෝතල් කළ පානීය ජලය පිළිබඳව රටේ සෞඛ්‍ය අංශ,පාරිභෝගික අධිකාරිය ,ඇතුලු අංශ මෙතෙක් අතවත් නොගැසූ දැඩි සෞඛ්‍ය අහිතකර භාවයක් මේ පානීය වතුර බෝතල් තුළ සැඟවී අපේ ජනතාවගේ ජීවිත වලට රතු එළි දල්වම්න් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
වෙළඳපොළේ ඇති ඇතැම් පානීය ජල බෝතල් හරහා රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කරනවා,
ශ්‍රි ලංකාවේ වෙළඳපොළ තුළ ඇති ප්ලාස්ටික් බෝතල් තුළ ඇසුරුම් කරන ලද ඇතැම් පානීය ජල බෝතල් තුළ ඇත්තේ කිසිදු ජීව ගුණයක් නොමැති මැරුණු ජලය.
ජනතාව ජලය පානය කිරීමේ අරමුණ වන්නේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීම නමුත් අවාසනාවකට අද අපිට වෙළඳපොළේ එසේ සෞඛ්‍ය සම්පන්න පානීය ජල බෝතලයක් ගන්න ක්‍රමයක් නැහැ.
වෙළඳපොළේ විකිණෙන බෝතල් කළ පානීය ජලය තුළ අපි පෙන්වා දෙන පෝෂණීය ජල බෝතල් තිබෙනවා.ඒ වගේම අධික ලාභ අපේක්ෂාවෙන් වැරදි පිරිපහදු ක්‍රමයක් වන RO ක්‍රමය මගින් පිරිපහදු කරන ලද පානීය ජල බෝතල් තිබෙනවා.
වැඩිපුරම වෙළඳපොළේ තිබෙන්නේ RO ක්‍රමයට පිරිපහදු කරන ලද බෝතල් කළ ජලය.ඒ ජලය තුළ අපේ සිරුරට අවශ්‍ය කිසිදු ඛණිජ වර්ගයක් අඩංගු නැහැ.
මේක ඉතාම බරපතළ ගැටළුවක් මිනිස් සිරුරේ නිරෝගී ක්‍රියාකාරිත්වයට විවිධ ලවණ වර්ග අත්‍යාවශ්‍යයයි.
එසේ වුවත් අපිට මුදල් ගෙවා බීමට සිදු වී ඇත්තේ H2o කියන මූලික ජල සංඝටකය පමණයි.
අපි මේ ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක අධ්‍යක්ෂ වරිය සමඟ මේ ගැන සාකච්ඡා කළා නමුත් ඔවුන් ළඟ මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ.
අපි ඉල්ලන්නේ සල්ලි දීල වතුර බෝතලයක් අරන් බීමට ගන්නා ජනතාවට තමන් බීමට ගන්නා ජලය කුමන ආකාරයෙන් නිෂ්පාදනය කර තිබේදැයි දැන ගැනීමට පාරිභෝගික ජනතාවට ඇති මූලික අයිතිවාසිකම ලබා දෙන්න කියලයි.
මේ වතුර බෝතල් නිෂ්පාදනයේ වෙළඳාමේ නිරත ඇතැම් මහා පරිමාණ සමාගම් විවිධාකාරයෙන් ලබා ගන්නා ජලය RO පිරිපහදු ක්‍රමය මගින් පිරිපහදු කර බෝතල් කර වෙළද පොළට එවනවා.මේ වතුර වල තිබෙන්නේ මොනවාද ?
ජලය ලබා ගන්නේ කොහෙන්ද ඒ ගැන වගකිව යුතු අංශ හරිහැටි හොයා බැලීමක් කරනවාද කියන ගැටළුව තිබෙනවා .
අනෙක් අතට මේ කර්මාන්තයේ ඒකාධිකාරිත්වය තබාගෙන සිටින ඇතැම් සමාගම් මෙහි ගුණාත්මක භාවය මුලුමනින්ම බිඳදමා ලාභය පසුපස හබා ගෙන යනවා.
එහි අවාසනාවන්ත සිදු වීම වෙන්නේ විවිධ රෝගාබාධ වලට ලක්වූ ජනතාවක් සිටින රටක් බවට අපේ රට පත්වීමයි.ඊට ප්‍රධාන හේතුව අපි මිනිස් සිරුරේ මනා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කිසිදු ඛණිජ වර්ගයක් නොමැති මළ ජලය පානය කිරීමයි.
සෞඛ්‍ය අංශ හා මෙරට ජල විද්‍යාඥයන්ගේ මතය අනුව RO ජල පිරිපහදු ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට ප්‍රබල හේතුව වී ඇත්තේ මෙරට ජනතාව සීඝ්‍රයෙන් වකුගඩු රෝග වලට ගොදුරු වීමයි.
එම ක්‍රමය මගින් වකුගඩු රෝගීන් වැඩිවීම පාලනය කිරීමට හැකිවීම ශුභවාදි වුවත් මෙරට සෞඛ්‍ය අංශ හරිහැටි හදුනානොගත් එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලොව ඉහළ පෙළේ විද්‍යාඥයන්ගේ දැඩි අවධානය දිනාගත් මේ හෙළිදරව්ව පිළිබඳව දැන්වත් සියළු දෙනා ඇස් හැර බැලිය යුතු නොවේද ?










