• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුපිළිමය තැන්පත් කරන්න ගියාම පොලිසිය ඇවිත් බාධා කළේ කොහොමද? කාගේ අනුදැනුම පිටද? ව්‍යවස්ථාවේ කියන විදිහට කෝ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය? ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරයේ බුදුපිළිම ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! දයාසිරිව නැවැත්තුවට කතානායකතුමාටත් විරෝධය! VIDEO I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමිවන බවට දෙවැනි පරිච්ඡේදයේ සඳහන් බවත් බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ස්ථානය ලබා දීම ගැන සඳහන් බවත් එවන් අවස්ථාවක 1951ක් ආරම්භ වු ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පූජා භූමි ඔප්පුවක් පිරිනමා ඇති බවත් මෙහි බෞද්ධාගමට අදාළ සියලු කාර්ය ඉටු කිරිමට නිදහස ලබා දී ඇති බවත් එය රටේ නීතිය වුවත් අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුළු වී බුදුපිළිමය තියන තැන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු තැන් ගැන නියෝග නිකුත් කර ඇති බවත් මේ වැනි කටයුතු හරහා ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්න සූදානම් අයට එවැනි ජාතිවාදි අදහස්වලට උඩගෙඩි දීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්නම් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හමුවී සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සිදුවිය යුතු බවත් මහරෑ පොලිසිය යවා සංවර්ධන කටයුතු කඩාකප්පල් කරන්න නොහැකි බවත් මේ නියෝග කාගේද කියා ඉදිරිපත් කරන ලෙසත් රජය උත්තරීතර නීතිය නොදන්නේ නම් නැවත වරක් කියවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ ගැන දයාසිරි ජයසේකර මහතා මේ සභාවේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලා සිටින විට කතානායකවරයා වැළැක්වීම වැරදි බවත් ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්න කතානායකවරයා කරන ක්‍රියාවලිය නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජයට හරියට පොහොර සහනාධාරයවත් දෙන්න බැරි වෙලා

අදටත් මහකන්නයේ වැඩ ආරම්භ කර තිබිය දී රජයට පොහොර සහනාධාරය දෙන්න නොහැකි වී ඇති බවත් මෙය නොදන්නේ නම් කෘෂිකර්ම ඇමතිවරයා මේ ගැන තලාවේ, රාජාංගනයට ගොස් සොයා බලන ලෙසත් පසුගිය කාලයේ මේ සහනාධාර දුන්නේ වගා කටයුතු අවසන් වන විට බවත් මෙය ක්‍රමයේ වෙනසද කියා ප්‍රශ්න කරන බවත් ගොවියා රැක ගන්නේ මේ ආකාරයට ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ ආකාරයෙන් ගොවියා රවටන්නේ නැතිව වහාම නියමිත දිනට පොහොර සහනාධාරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

හදීසි මරණපරීක්ෂකවරුන්ට ගෙවන මුදල් වැඩි කරන්න

රට තුළ හදිසි මරණ පරීක්ෂකවරු 500ක් පමණ සිටින බවත් පැය 24 දින 7ම මොවුන් රාජකාරී කරන බවත් මොවුන්ට ලැබෙන්නේ සැතපුමට රු.6ක ගමන් දීමනාවක් බැවින් මරණයකට ලබා දෙන්නේ රු. 1000ක් වුවත් වියදම රු. 1700 ඉක්මවන බවත් වසර 7ක් පමණ මෙය යාවත්කාලීන කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2019 කැබිනට් පත්‍රිකාවක් හරහා රු. 1000 රු. 2500ක් කරන්න අනුමත වුවත් තවමත් ක්‍රියාත්මක නොමැති බවත් ලිපිද්‍රව්‍ය සහන නොමැති බවත් කොළ 39ක් පුරවන්න ඇති බවත් කොවිඩ් සමයේ අවදානම ඇති කටයුතු කළත් ජීවිත 3ක් අහිමි වී ඇති නිසා මොවුනගේ වැඩකිරීම් සිදු කරන ලෙසත් මේ රාජකාරිය තුළ වෙනත් රැකියාවක් කළ නොහැකි නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් මොවුන්ගේ වෘත්තියට සහ විෂයට‌ ගරු කිරීමක් ලෙස මේ පත්වීම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන් පගා කාරයන් ලෙස හංවඩු නොගහන ලෙසත් මරණ 80000ක් සිදු වන බවත් ඒ වෙනුවෙන් මි. 80ක් කැපකරන නිසා තවත් රු. මි. 160ක් වැඩි කර මේ මුදල් වැඩි කර දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු විසදන්න

ඊයේ සවස සිට තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල ශක්තියක් වු ගුරු සංවර්ධන නිලධාරීන් 16600ක් කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිටින බවත් මොවුන්ට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මැතිවරණ සමයේ මොවුන්ට පත්වීම් දෙනවා කියා අන්තිමේ කතිරය අරන් මොවුන රැවටූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමථකරණ තීන්දුවක් පවා තිබියදී ඒ යුතුකම ඉටු කරන්න නොහැකි ඇයි ද කියා තවමත් ගැටලුවක් ඇති බවත් මහමැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී පළාත් පාලන මැතිවරණයේ දී මේවා කරනවා කියා කිව්වත් අද ඒ කිසිවක් කර නැති බවත් දිගින් දිගටම මොවුන් රවටා ඇති බවත් අගමැතිවරියට අනුව 52000ක් උපාධි පත්වීම් ලබා දෙන්න හැකියාවක් තිබුණත් එයට නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ගුරු සංවර්ධන නිලධාරීන්‌ගේ මේ ගැටලුව විසදිය යුතු බවත් මේ කටයුතු වහාම ක්‍රියාත්මක කර රැකියා ගැටලු විසදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට සජිතුත් යයි! ඉස්සර නම් මේ වගේ උද්ඝෝෂණවලට ගියේ අනුරලා-බිමල්ලා-විජිතලා-මහින්ද ජයසිංහලා..! දැන් බය නැතිව යන්න පුළුවන් සජිත්ට විතරද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඊයෙ රෑ පොලිසිය අයින් කරපු ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරයේ බුදුපිළිමය අද යළි තැන්පත් කරන බව පොලිස් ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.