විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපයේම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහන් රාශියකට සම්බන්ධ විය.
“සමගි ජන බලවේගයෙන් හුස්මක්” යටතේ රෝහල් රැසකට අපි අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, “සක්වල” වැඩසටහන යටතේ පාසල් කිහිපයකටම පරිගණක තාක්ෂණික උපකරණ සැපයීම, පාසල් සිසුන් පන්සියයකට අධික ප්‍රමාණයකට සත්කාරක වැඩසටහනක් දියත් කිරීම ඇතුළු සමාජ සත්කාර කටයුතු රාශියක්ම ඒ දින කිහිපය තුළ ඉටු කිරීමට හැකි විය.
ඒ අතර පසුගියදා විපක්ෂ නායකතුමා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.