ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ලක්ෂ 11ක් පමණ සිටින බවත් ඔවුන් ලක්ෂ 45කට රැකියා ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වයක් ලබා දෙන බවත් පසුගිය කාලයේ රටේ සිදු වූ ඛේදවාචක හතරක් නිසා මොවුන්ගේ ව්‍යාපාර හා කර්මාන්ත කඩා වැටීම මොවුන්ගේ වරදක් නොවන බවත් 2022 සංඛ්‍යා ලේඛන අනුව 263000ක් කර්මාන්ත වැසී ගොස් තවත් 150000ක් පමණ බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රටේ ණය පියවන්න 2028 තෙක් සහන කාලයක් ලැබී ඇති නමුත් රටේ ආර්ථික ජීවනාලිය වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලැබෙන්නේ පරාටේ නීතිය නතර කරන විරාමයක් වුවත් ඒ කාලයේ මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොවූ නිසා බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ගැටලු පිළිබඳ ව පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
සහන ණයක් දෙනවා කිව්වත් මේ ණය යෝජනාවලට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බහුතරයකට මේ ණයවලට ප්‍රවේශ විය නොහැකි ණය මර උගුලක සිරවී ඇති බැවින් පැහැදිලි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් මේ ණය වැඩසටහනට ප්‍රවේශ වන්නට අවස්ථාව දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක සහනයක් මොවුන්ට දි ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සිය ස්තූතිය පුද කරන බවත් බැංකු පද්ධතිය විවිධ ඛේදවාචකයන් තුළ පවා සුවිශාල ලාභ ලැබූ නිසා මේ ලාභ මොවුන්ටද හිමිවිය යුතු බවත් සාධාරණ ලාභයක් ලැබිය යුතු වුවත් මේ වන විට සුපිරි ලාභ ලබා ඇති නිසා ඉන් කොටසක් මොවුන් වෙනුවෙන් කර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



















