දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බංගලාදේශ මහකොමසාරිස් ගරු Andalib Elias මහතා හමු විය. Sri Lanka Latest News
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් සිදු වූ මෙම හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සෑම අසීරු අවස්ථාවකම බංගලාදේශය අප රට සමඟ සමීපව සිටීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය පිරි නැමීමට කටයුතු කළේය.
එසේම මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට අවැසි ශක්තිය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias මහතා ගෙන් ඉල්ලා සිටියේය.















