දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ ආයෝජකයන් විසින් තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ සිනමන් ලයිෆ් හි පැවති Vestige Investor and Dealer සමුළුව අමතමිනි.
මෙහි දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකාලීන සංස්කෘතික, අධ්‍යාත්මික සහ ආර්ථික සබඳතා ඉස්මතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ UPI ඒකාබද්ධ කිරීම සහ යෝජිත බලශක්ති සම්බන්ධතා ව්‍යාපෘති වැනි මුලපිරීම් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරන අතර වර්ධනය සඳහා නව අවස්ථා ද නිර්මාණය කරන බවයි.
නිදහස් වෙළෙදපොළ සමඟ සමාජ වෙළෙදපොළ ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි
ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ රටක් ලෙස ලැබූ අත්දැකීම් ඉස්මතු කරමින් නිදහස් වෙළෙඳපොළවල කාර්යක්ෂමතාව, සමාජ සාධාරණත්වය, විනිවිදභාවය සහ සමාන අවස්ථා සමඟ ඒකාබද්ධ කරන සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැමිණ සිටි පිරිස හමුවේ අවධාරණය කළේය.
සැවොම බෙදාගත් ආර්ථික සමෘද්ධියක් අප අපේක්ෂා කරනවා
සැවොම බෙදා ගත් සමෘද්ධිය සහ ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනය තමා විශ්වාස කරන බවත් ආර්ථික ප්‍රගතිය සමාජයේ සියලුම කොටස්වලට ප්‍රතිලාභ ලෙස ලබා දිය යුතු බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. රැකියා නිර්මාණය කිරීම, ධනය උත්පාදනය කිරීම සහ දේශීය ප්‍රජාවන්ට සහාය වීම සඳහා අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින්ගේ කාර්යභාරය ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශංසාවට ලක් වූ අතර ස්වයංක්‍රීයකරණය සහ කෘතිම බුද්ධිය මඟින් වැඩි වැඩියෙන් හැඩගැසෙන යුගයක, විශ්වාසය, ශක්තිමත් පාරිභෝගික සබඳතා සහ ගුණාත්මක සේවාව ඕනෑ ම ව්‍යාපාරයක වටිනාම වත්කම් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නත් පැමිණෙන්න
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාව වෙළෙඳාම සහ ආයෝජන සඳහා පෙර නොවූ විරූ අවස්ථා නිර්මාණය කරන බවත් නවෝත්පාදනය සහ ව්‍යාප්තිය වැළඳ ගැනීමට ව්‍යාපාර දිරිමත් කරන බවත් දකුණු ආසියාවේ ආර්ථික පුනර්ජීවනයේ සාර්ථකත්වය අවසානයේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් වැඩිදුරටත් කියා සිටියේ ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ අවස්ථා ගවේෂණය කර රටේ ආර්ථික වර්ධනයට දායක වන ලෙස ආරාධනා කරන බවයි.
























