ජනාධිපතිවරයා විසින් සිය කතාව මඟින් ජාතික පරිවර්තනයක් නිර්මාණය කිරීමේ කුළුණු 4ක් මත පදනම් වූ මාර්ග සිතියමක් නිර්මාණය කරන බවට පැවසුවත් රටේ ජනතාවගේ බඩටයි ආර්ථීකයටයි කුළු ගෙඩි 4කින් පහර දෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් රට තුළ ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
එසේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සුඛේපභෝගී ජීවිත ගත කරන විට රටේ බිම් මට්ටමේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය ගොඩ නගනවා යනුවෙන් කයිවාරු ගැසුවත් අවම වශයෙන් ජනතාවගේ ආර්ථිකය ගැන නිසි සමීක්ෂණයක් වත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රටේ ආර්ථිකය සීග්‍ර ලෙස පහළ වැටෙමින් තිබුණත් හොරා කාපු පගා ගහපු රටේ සම්පත් සූරා කමින් රට බංකොලොත් කළ පිරිස රට නැවත සුන්දර යුගයකට යන බවට වන ව්‍යාජ කතා පතුරවමින් සිටියත් රටේ ජනතාව දුප්පත්කමින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර දැන්වත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් කර අවබෝධයක් ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.










