අඟහරු ග්‍රහයා සහ මෙරට පොළවේ අතර ඇති සමානකම් පිළිබඳව අධ්‍යයනයක් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යායේ සහ නාසා ආයතනයට අනුබද්ධ තවත් රටවල් කිහිපයක විද්‍යාඥයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන බව වාර්තා වෙනවා. ඒ බව පවසන්නේ ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්‍යාඥවරියක වන මහාචාර්ය සුනීති කරුණාතිලක යි. Sri Lanka Latest News
ඇය සමඟ නාසා ආයතනයේ තවත් විද්‍යාඥයින් පිරිසක් 2018 වසරේ දී ත් දින කිහිපයේ ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ දකුණු ප්‍රදේශයේ උස්සන්ගොඩ, ගිනිගලපැලැස්ස, ඉඳිකොලපැලැස්ස ඇතුළු ස්ථාන කිහිපයක විමර්ශන සිදු කර තිබුණා.
මෙම කණ්ඩායම මේ වන විට අඟහරු ග්‍රහයා මත ශාඛ වගාවක් ආරම්භ කිරීමේ මුලපිරීමක් විමර්ශනය කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ පර්යේෂණ තුළින් ඔවුන් අඟහරු ග්‍රහයා මත දකින පසට භූ විද්‍යාත්මකව සමාන පස් වර්ගයක් සොයා ගැනීමටත් ඔවුන් මුහුණ දෙන අභියෝග දැකීමටත් අපේක්ෂා කරන බව එවර සඳහන් වුණා.
නාසා හී විද්‍යාඥයෙකු වූ ඩොනල්ඩ් ආර්. හුඩ් එම කණ්ඩායම නියෝජනය කරමින් 2018 අගෝස්තු 15 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයක් පවත්වමින් පවසා තිබුණේ තම කණ්ඩායම අඟහරු පසෙහි බෝගයක් ස්ථාපිත කිරීම සඳහා තම කණ්ඩායම සිදු කරන පර්යේෂණ සඳහා මෙරට තෝරාගත් ස්ථාන වල පාෂාණ, ජීවීන්ගේ ජීව විද්‍යාව සහ පසෙහි රසායනික හා භෞතික ස්වභාවය පිළිබඳව කටයුතු කරමින් සිටින බවයි.
එම අවස්ථාවට එක්වූ මහාචාර්ය සුනීති එවර එම කණ්ඩායමට නායකත්වය දී තිබුණු අතර අධ්‍යයනය සඳහා ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්‍යාඥවරියක වන මහාචාර්ය මහේෂි දසනායක ද එක්ව සිටියා.
මෙවර කෙරෙන අධ්‍යනයන් පිළිබඳව අදහස් දක්වා තිබෙන සුනිති කරුණාතිලක පවසා ඇත්තේ අඟහරු ග්‍රහයා තුළ ඇති භූ විද්‍යාත්මක තත්ත්වයන්ට සමාන භූ විද්‍යාත්මක තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළ ද අනාවරණය වනු ඇතැයි විශ්වාස කරන බවයි.
මෙවර මෙම අධ්‍යයනය ජුනි 26 වැනිදා ආරම්භ වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සිදු කිරීමට නියමිත බව පැවසෙනවා.










