• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති SHADES ව්‍යාපාරිකයාගේ සිරුර ඥාතීන් හඳුනා නොගනි! මරණ පරීක්ෂණය කල් යයි! DNA පරීක්ෂණයක් කරන්න ලෑස්ති වෙයි!

February 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝටිපති SHADES ව්‍යාපාරිකයාගේ සිරුර ඥාතීන් හඳුනා නොගනි! මරණ පරීක්ෂණය කල් යයි! DNA පරීක්ෂණයක් කරන්න ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම ලබන සඳුදා දක්වා කල් දැමුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද පවුලේ ඥාතීන්ට සිරුර හඳුනාගත නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ එය ලබන සඳුදා දක්වා කල් දැමීමටයි තීරණය කළේ.

අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි.

පසුගිය 30 වැනිදා සිට අතරුදන්ව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නැමැති මෙම ව්‍යාපාරිකයාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් ඔහුට අයිති පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී පසුගිය 02 වැනිදා සොයා ගත්තා.

එය සොයාගන්නා අවස්ථාවේදීත් හඳුනාගත නොහැකි ලෙස නරක්වී තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 30 වැනිදා සිට තම සොහොයුරා නිවසට නොපැමිණි බව සඳහන් කරමින් එම ව්‍යාපාරිකයාගේ සොහොයුරිය වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි ඔහුගේ බවට සැකකෙරෙන මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා අවසන් වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත මෝටර් රථයෙන් ගොස් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ යතුර රැගෙන පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා ද සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති නමුත් මෝටර් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

මේ අතර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද අස්ථානගත වී තිබෙන අතර, ඔහුගේ බැංකු කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට් පත් 2ක්ද මිලදීගෙන ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ වූවන් විදෙස්ගත වී ඇත්තද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි.

මේ අතර ව්‍යාපාරිකයාට අයත් බව කියන මෝටර් රථය ඊයේ (03) මීගමුව ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගැනුණා.

එම රථය පසුගිය 31 වැනිදා රාත්‍රියේ ආපදා රථයකින් අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.

දැනට පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත්, මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් දෙදෙනා ද එම ආපදා රථයේම නැගී පිටව යන ආකාරයක් සටහන් වී තිබෙනවා.

මේ වනවිට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ප්‍රශ්න කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන අතර, පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන සඳහා යොදවා තිබෙනවා.

dasathalankanews

SendShareShare
Previous Post

ගාඩ් එක දාගෙන ඩී.එස්. පිළිරුවට මල්මාල දාන්න ආපු විජේදාසට-කරුට-රුවන්ට-රෝසිට තනි මිනිහෙක් බය නැතිව විරෝධය පළ කරයි! VIDEO

Next Post

වසන්තයි සිරිධම්ම හිමියි පෙරටු කොටගෙන අන්තරේ සිසුන් පාරට බහී! පොලිසිය මග අහුරයි! උසාවි නියෝගය කියවයි! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper