මාධ්‍යවේදී රත්නපාල ගමගේ රචනා කළ ‘ක්‍රිෂාන්තිගේ අඩි පාරේ’ කෘතිය ජනගත කිරීම මේ මස 17 වැනිදා සවස 2.30ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කෘතිය පිළිබඳ ආරාධිත දේශනය පවත්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසිනි.
ගමගේ මහතාගේ දෙවැනි කෘතිය ‘ක්‍රිෂාන්තිගේ අඩි පාරේ’ ග්‍රන්ථය වන අතර, ‘රණබිමක පන්හිඳ’ ඔහුගේ ප්‍රථම කෘතියයි.
රත්නපාල ගමගේ මහතා මේ වනවිට ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේය.










