පක්ෂ නායකත්වයට, පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
පසුගිය සතියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව මෙම යෝජනාව සම්මත කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කටයුතු කොට තිබේ.
ඒ අනුව පක්ෂයේ විනය කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්ථිර විනය කමිටුවක් පත්කිරීමටද තීන්දු වී ඇත.
පක්ෂ තීන්දුවට එරෙහිව කටයුතු කරන යම් මන්ත්‍රීවරයකු වේ නම් හෝ පක්ෂ නායකත්වයට එරෙහිව අදහස් දක්වන යම් මන්ත්‍රීවරයකු වේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් ඉවත් කිරීමටද එහිදී යෝජනා වී ඇත.










