• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මහනුවර නීතීඥවරුන් හමුවී කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (Sri Lanka Latest News)

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නීතිඥවරුන් සමඟ ඊයේ (07) මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් එය ආපසු හරවනවාද යන්න පිළිබඳ අප තීරණය කළ යුතුයි. මේ සඳහා එකඟත්වය පළ කරුණු සෑම අවස්ථාවකම පසුව එම තීරණය ආපසු හරවන බවට නරක නාමයක් ශ්‍රී ලංකාවට තිබෙනවා. රට වෙනුවෙන් අපට ලැබී ඇති අවසන් අවස්ථාව මෙයයි. ඒ නිසා මෙම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට අප බලාපෙරොත්තු වෙනවා.

රට හමුවේ ඇති වගකීමෙන් අප කිසිවෙකුට පැන යන්න බැහැ. ඒ නිසා එහිදී වැදගත් තීන්දු තීරණවලට එළැඹිය යුතුයි.

එසේම රටේ දැනට පවතින ආර්ථික ක්‍රමය සමඟ එක තැන සිරවී සිටිනවාද, නැතිනම් තරගකාරී අපනයන ආර්ථිකයකට යොමුව රටේ ආර්ථිකය ශක්තිමත් කර, නැවත රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන්නට වග බලා ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි.

මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කළ හැකි බවට විශ්වාසයක් මා තුළ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත මෙන්ම මානව සම්පත්ද අප සතුව තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් පිටරටවල සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබනවා. අද ලෝකයේ විශාලතම වැවිලි සමාගම අයත් වන්නේ ලංකාවේ සමාගමකටයි. ඒ වගේම ලෝකයේ විශාලතම තේ වතු සමාගම අයත් රට ශ්‍රී ලංකාවයි. අපගේ ඇඟලුම් කර්මාන්තයට ලෝකයේ ඉහළ තැනක් හිමිව තිබෙනවා. එම නිසා උත්සාහ කළහොත් අපට ලෝකය දිනාගත හැකියි. එබැවින් අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී නව ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

එසේම අපගේ වෙළෙඳ භාවිතාවන්වල විශාල වෙනස්කම් සිදුවිය යුතුයි. එහිදී බොහෝ නීති නවීකරණය කළයුතුයි. එසේම ලෝකය පිළිගත් නවීන නීති බොහොමයක් තවමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. අප ලෝකයට අවතීරණවීමට නම් එම නීති පද්ධතියටද ඇතුළත් විය යුතුයි.

ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළේදී ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේදී ඩිජිටල්කරණය හා සම්බන්ධ සියලුම නීති ඊට ඇතුළත් විය යුතුයි.

ඒ වගේම දේශගුණික විපර්යාස පිළිබඳ නීති සහ නව පාරිසරික නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. එසේම නව මූල්‍ය නීති හා බැඳුණු වාණිජ නීති අප විසින් සම්පාදනය කරනවා. නව බැංකු නීති කෙටුම්පත් කරනවා. මෙම පියවර සමඟ ඉදිරි වසර 10 තුළ නව නීති පද්ධතියක් රට තුළ නිර්මාණය වෙනවා. එය ශ්‍රී ලංකාව දිගුකාලීන සංවර්ධනයක් කරා ගෙන යන වැඩපිළිවෙළක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

නව නීති ගෙන එන අතරම පවතින නීතිවල සංශෝධනද සිදු විය යුතුයි. ශ්‍රී ලංකාව අයෝජන සඳහා සුදුසු රටක් ලෙස සාර්ථකවීමට නම් ඊට අදාළව ක්‍රියාත්මකවන නීති පද්ධතියේද සංශෝධනයක් අවශ්‍යයි. අප රට තුළ ආයෝජකයන් රඳවා තබා ගැනීමට නොහැකි එක් හේතුවක් වන්නේ නීතිමය කටයුතුවල තිබෙන ප්‍රමාදයයි.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමු කර තිබෙනවා. එවිට එය අක්වෙරළ ආර්ථිකයක් බවට පත් වනු ඇතියි. එය වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වන අතර අලුත් නීති මාලාවක්ද ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව, කාන්තාවන් සවිබල ගැන්වීමේ නීතිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ නීතිය ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
රටේ සිදුකරන ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතිය ද නවීකරණය කළ යුතුයි. අප තීරණ ගත යුත්තේ තවත් වසර 20ක ඉදිරිය දෙස අවධානය යොමු කරමිනුයි. තවත් වසර 20ක් යන විට මා සහ මෙතන සිටින බොහෝ පිරිසක් ජීවතුන් අතර නොසිටීවි. නමුත් මෙහි සිටින තරුණ නීතිඥයන් මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි.

අද අපට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ අවසාන අවස්ථාවයි. එබැවින් නවීකරණය වී ලෝකය සමඟ ඉදිරියට යනවාද, පසුපසට ඇද වැටෙනවාද කියා තීරණය කළ යුතුයි. 1948 නිදහස ලැබූ දා සිට අපට ලැබුණු කිසිඳු අවස්ථාවකින් අප නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. නමුත් අප මෙම වසරේදී රට පිළිබඳ සිතා තීරණයකට එළැඹිය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුද, නැතිනම් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න අද රට හමුවේ තිබෙන වැදගත් ප්‍රශ්නය බවට පත් කිරීමට ඇතැමුන් උත්සාහ දරනවා. එය වැදගත් දෙයක් කියා මා සිතන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.අද දවසේ වැදගත් ප්‍රශ්නය වන්නේ රටේ සිටින්නේ විධායක ජනාධිපතිවරයෙකුද, අගමැතිවරයෙකු ද යන ප්‍රශ්නය නොවෙයි. ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ නිසා සැබෑ අරමුණ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙමින් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අප සියලුදෙනා එක් වෙමු කියා මම ආරාධනා කරනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

මෙන්න රට ගොඩ දාලා තියෙන හැටි! පළමුවැනි ශ්‍රේණියට ළමයි 40,000කින් අඩුවෙලා! දෙයිහාමුදුරුවනේ මේ රටට යන කල මොකද්ද? I Sri Lanka Latest News

Next Post

නෙලුම් මාවතෙන් ප්‍රසන්න රණතුංගට චැලෙන්ජ් එකක්! පුළුවන් නම් ඔය ඉන්නවා කියන කට්ටිය එක්ක එළියට එන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.