පසුගිය වසරේ සංඛ්‍යා දත්ත අනුව, පළමු ශ්‍රේණිය සදහා ඇතුළුවන දරුවන් ප්‍රමාණය 40,000 කින් පමණ පහත වැටී ඇතැයි, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.Sri Lanka Latest News
මීට හේතුව උපත් ප්‍රමාණය අඩුවීම විය හැකි යැයි අමාත්‍යවරයා අනුමාන කරයි.
කෙසේ වෙතත්, පළමු ශ්‍රේණිය සදහා ඇතුළුවන දරුවන් සංඛ්‍යාව අඩු වීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
2021 වසරේ පළමු ශ්‍රේණිය සදහා දරුවන් 304,105 දෙනෙකු ඇතුළත් වී ඇති නමුත්, 2022 වසරේ දී එම සංඛ්‍යාව 292,216 දක්වා පහත වැටී තිබේ.










