• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුවන්වැලි මහා සෑය-අභයගිරිය-ජේතවනාරාමය ගොඩනැගූ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය යළි ඇති කරන්න රනිල් සූදානම් වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
රුවන්වැලි මහා සෑය-අභයගිරිය-ජේතවනාරාමය ගොඩනැගූ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය යළි ඇති කරන්න රනිල් සූදානම් වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි එහි ඇති කරගත යුතු බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05)පෙරවරුවේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

“ගෘහ නිර්මාණ ශිල්පය : කල්පවත්නා බලපෑමක්” තේමාව යටතේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාස්තු විද්‍යා ආයතනය (AIA) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාවේ සහ දකුණු හා අග්නිදිග ආසියා කලාපයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු 350කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පීන් කල්පවතින නිර්මාණ සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාඩම්බර සිහිවටන අපට තිබෙනවා. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිවහැකියි.

මෙරට විශ්මිත නිර්මාණයන් පිළිබඳ හොඳම වාස්තු විද්‍යාත්මක උදාහරණය සීගිරියයි. පොළොන්නරුවේ දකින්න තිබෙන විශ්මිත ඉදිකිරීම්වලට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා.

ඒ වගේම 19 වන සියවසේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චැපල් ශාලාව, කැලණි විහාරය, ලේක්හවුස් ගොඩනැඟිල්ල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නිදහස් චතුරස්‍රය, ජෙෆ්රි බාවා නිර්මාණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත ඉතිහාසයේ සිදු කළ විශ්මිත නිර්මාණ අතරට ගැනෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් කඩා වැටීමක් සිදු වුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි වුණා.

මෙම ආර්ථික කඩා වැටීමට පෙර අපේ රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. නමුත් පසුගිය කාලයේ ගෙන ගිය අවිධිමත් ක්‍රියාවලිය නිසා රටට ණය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා.

කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් විය යුතු බව මම විශ්වාස කරනවා. රජය ගෙන යන ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නැවත අවස්ථාවන් රැසක් නිර්මාණය වනු ඇතියි. මීට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය ලබා තිබූ ප්‍රගතිය අපට වේගයෙන් අත්කරගත නොහැකි වුවත්, යම් යහපත් මට්ටමකට ළගාවීමේ හැකියාව තිබෙනවා. එසේම විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ මෙම කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා.

කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබා දිය යුතු බව මම විශ්වාස කරනවා. අඩු හා මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදිකර නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා ලබා දෙනවා නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකියි.
ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා ලබා දුනහොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න. එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයකයන්ගේ ප්‍රමාණය මිලියන 2.5 සිට මිලියන 5ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙරට හොටල් ගොඩනැඟිලි නවීකරණය කිරීම අවශ්‍ය වෙනවා. එහිදී මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා වැදගත්. වරාය නගරයේ රජයට අයත් කොටසේ ඉදිකිරීම් සඳහා අපේ ගෘහ නිර්මාණශිල්පීන්ගේ උපදෙස් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයන් තම දියුණුව වෙනුවෙන් මෙම අවස්ථා භාවිතා කළ යුතු අතර හොඳ නාමයක් ද ගොඩනඟා ගත යුතුයි.
කොළඹ නගරය ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය මඩකලපුව වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්විද්‍යාල නිර්මාණය කිරීමට ද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාරවත් නගර බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නව පනතක් ගෙන ඒමට ද ඉදිරියේ දී කටයුතු කරනවා. එම නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අවශ්‍යයි.
මහනුවර නගරය තුළ විධිමත් නගර සංවර්ධන සැලැස්මක් නැවත ක්‍රියාත්මක කිරීමට අප ජපාන රජය සමඟ සාකච්ඡා කරනවා. එම නව නගර සැලැස්ම සහ පාලම පේරාදෙණිය දක්වා දීර්ඝ කළ යුතුයි.ඒ වගේම නැවත විධිමත් සංවර්ධනයකට ලක් කළයුතු තවත් නගර තිබෙනවා. මෙම සියලු කටයුතු අප සිදු කළ යුතුයි. එම අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් වන්න.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. මම 2016 වසරේ එම වගකීම භාරගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළා. දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේ දී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ලැව් ගිනි ඇති වී තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මෙම අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා.
ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලට ද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.
මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක් ද අප මේ වන විට හඳුනාගෙන සිටිනවා.
මෑත යුගයේදී මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යන්න බැහැ. එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙනවා. එම වගකීම ඔබ භාරගත යුතුයි.
අමෙරිකානු ‍නියෝජ්‍ය තානාපති ඩග්ලස් ‍‍ සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටොල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-05

SendShareShare
Previous Post

හෙට විතරයි දෙන්නේ! සමනලේ වතුර වළවේ ගොවීන්ට නොදුන්නොත් ගොවීන් එක්ක සඳුදා විදුලි බල මණ්ඩලය වටලනවා! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ගොවි සටනට එකතු වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල්ගෙ මගුල් ගෙදර ලයිට් බිල ගැන නාමල් මුල්වරට කතා කරයි! සජිත් මිහින්තලේ ලයිට් බිල ගෙවපු එක ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.