• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් පාර්ලිමේන්තුවට එයි! අයවැය විවාදයට එක්වී කතාකරයි! නඩු අංකයක් ගැන ඡායාරූපයක් ගැන විපක්ෂනායකටත් චෝදනා කරයි! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ගේ පැය දෙකේ 2024 අයවැය මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහී ගිය බවත්, දේශපාලන අතපෙවීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ක්‍රිකට් පිළිබඳ ගැටලුවේදී කිසිවෙකු ආරක්ෂා කිරීමට තමාට අවශ්‍ය නොවන අතර කේ.ටී. චිත්‍රසිරි වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රිකට් සඳහා නව නීතියක් ගෙන ඒමට කටයුතු කිරීම සුදුසු බව තමා අවස්ථා ගණනාවකදී යෝජනා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

පළමුවෙන්ම අයවැය දෙවන වර කියවීම ඊයේ (21) රාත්‍රියේ සම්මත කර ගැනීමට හැකිවීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරු එකසිය විසි දෙනාට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. එම ශක්තියෙන් තමයි අප ඉදිරියට යන්නේ.

අපිට විරුද්ධව 77 දෙනෙකු ඡන්දය ලබා දී තිබෙනවා මම ඔවුන්ටත් ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන් පෙන්වා තිබෙනවා ඔවුන්ට මේ සභාවේ සහාය නැති බව.
ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා දැන් උසාවියට පාලකයන්ට විරුද්ධව තීන්දු ගන්න පුළුවන් කියලා. මමයි එය ඇති කළේ. ඒ නිසා මට විරුද්ධ වෙන්න එපා. ඔබතුමා පවසන ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා අඩුම තරමින් මේ වැය ශීර්ෂයට අපට පක්ෂව ඡන්දය දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.
හිටපු ජනාධිපතිතුමා නීතිඥවරයෙක්. එයා එයාගේ කටයුතු බලා ගනි. මීට පෙර නඩු කියලා ඔහුට පුරුදුයි. ඔහු නිදොස් නම් නිදොස් කරයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි මේ රටේ ඇති කර තිබෙනවා. ඒ නිසා අපි ඡන්දයට බිය බව කිසිවෙකුට ප්‍රකාශ කරන්න බැහැ. මම ලබන වසරේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම පවත්වනවා. ඊට පසු අවුරුද්දේ පළාත් සභා, පළාත් පාලන මේ සියලු මැතිවරණ පැවැත්විය හැකියි.
පසුගියදා විපක්ෂනායක තුමා අප වෙත ප්‍රශ්නයක් යොමු කර තිබුණා. ඒ ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඒ පිළිබඳ මට වාර්තාවක් ලැබී තිබෙනවා. ඒබීසී එන්ට්‍රප්‍රයිසස් ත්‍යාගරාජා විනයමූර්ති, එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ හා තවත් 24 දෙනෙකුට විරුද්ධව නිතිපතිවරයා දමා තිබෙන නඩුවක්.

එම නඩුව ගොනුකර තිබුණේ 2023, 2024 තුළ ත්‍රිකුණාමලය බන්ධනාගාරය සඳහා වියළි ආහාර සහ පාන් සැපයිමේ ටෙන්ඩරය ඒබීසී එන්ට්‍රප්‍රයිසස් සමාගම වෙත ලබාදීම හේතුවෙන් පෙත්සම්කරුගේ මානව අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කිරීම සහ රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබා ගැනීම සඳහායි. මේ ගැන අවශ්‍ය තොරතුරු මොනවද කියලා මට හරියට පැහැදිළි කළොත් මම නීතිපතිතුමාගෙන් අහලා ඒ බව දැනුම් දෙන්නම්.
විශේෂයෙන් මට ලැබී ඇති වාර්තාවේ පෙන්වා දෙන්නේ, මෙහි සිදුව තිබෙන්නේ මූලික අයිතිවාසිකමක් උල්ළංඝනය කිරීමක් මිස අපරාධ නඩුවකට අවශ්‍ය තරම් සාක්ෂි ඒ අවස්ථාවේ නොමැති බවයි. ඒවා පිළිබඳ වෙනම නීති අනුව ක්‍රියාකළ යුතුයි කියා එහි සඳහන් වෙනවා.
ඒ නිසා මෙය පැහැදිළි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොකද “මහජන විශ්වාසය” (Public Trust) කියන එක තමා තිබෙන ගැටලුව. අප සියලුදෙනා ළඟ මහජන විශ්වාසය තිබෙනවා. මෙහි කියලා තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියලා. ඉන් අනතුරුව කුමක්ද සිදු වුනේ කියා අප පුළුල් විග්‍රහයක් කළයුතුයි.
අපේ සම්ප්‍රාදය වන්නේ විපක්ෂනායකවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ විට බහුතරය ඇත්නම් එතුමා එය පිහිටුවීමයි. අපේ විපක්ෂනායකතුමා ඒක කළේ නැහැ. එයත් මහජන විශ්වාසය කඩකිරීමක්. එදා මට ලැබුණ අගමැතිකම රාජපක්ෂලා දුන්න එකක් නෙවෙයි. ඔබතුමන්ලා දන්නවා මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා එය භාරගන්න කියලා. හිටපු ජනාධිපතිතුමා මට එන්න කිව්වා. මම ගියා. මම එය භාරගත්තා. මම සියලුදෙනාගේ සහාය ඉල්ලුවා මේ රට ගොඩගන්න. මහජන විශ්වාසයට අනුව මට සහයෝගය ලබාදිය යුතුයි.
මම මේවා කරන්න ගියවිට මගේ නිවස ගිනි තිබ්බා. ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වැටලුවා. විපක්ෂය මට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. මම කිව්වා බහුතරයක් තිබෙන කවුරු හරි ඉන්නවනම් එන්න එවිට මම ඉල්ලා අස්වෙන්නම් කියලා.
එදා පාර්ලිමේන්තුව වටලන්න ආපු වෙලාවේ මොකක්ද වුණේ හමුදාපති ආ විට පක්ෂ නායකයින් පැනලා ගියා. අවසානයේ මට හමුදාපතිට කියන්න සිදුවුණා පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න කියලා. අපි මේ සියල්ල විභාග කරමු. කවුද වගකියන්නේ, කවුද වගකියන්නේ නැත්තේ කියලා එවිට පෙනී යයි. ඔබතුමාගේ යුතුකම ඔබතුමා කළා. මගේ යුතුකම මම කරනවා. මමනම් කියන්නේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් කරන්න අවශ්‍ය නම් ඒ සියල්ල කරමු.
ඒ වගේම ක්‍රිකට් පිළිබඳ මෙතන ප්‍රකාශ වූ නිසා මමත් ඒ ගැන වචනයක් කියන්න කැමතියි. එක් එක් පුද්ගලයන් ආරක්ෂා කරනවා කියලා මටත් චෝදනා කර තිබුණා. ක්‍රිකට් ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා ක්‍රිකට් පිරිහුණා. ඒක ඇත්ත. ඒ සඳහා තිබෙන විසඳුම් ලෙස අප සෑම අවස්ථාවකම පෙන්වා දුන්නේ නීතියක් ගෙනවිත් එම නීතිය අනුව හරි කණ්ඩායමක් තෝරා ගැනීමයි. ඒ නීතිය ගෙන ඒම සඳහා තමයි අප චිත්‍රසිරි වාර්තාවත් ගෙන එම නීතිය සකස් කරන්න කියලා කිව්වේ.

එදා මම ඇමතිතුමාට කිව්වා මේ නඩුව ඔය විදියට ගෙනයන්න එපා, මෙහෙම වුණොත් අපට අයිසීසී නැති වෙනවා. ක්‍රිකට් තරග නැතිවෙනවා. ඒ වගේම සංචාරකයන් නැති වෙනවා කියලා. ඒ වගේම නඩුවකට ගියොත් එයින් නිදහස් වෙන්න බැහැ කියලා. කැබිනට් මණ්ඩලය තුළත්, ඉන් පසුවත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා.
ඇමතිතුමා කිව්වා ඔහුට නීතිඥයෙක් අවශ්‍යයි කියලා. මම කිව්වා හෙට මේ අය නඩු දාන්න යනවා කියලා ආරංචියක් ආවා. ඒ නිසා ඔබතුමා සූදානම් වෙන්න කියලා. නීතිපතිතුමත් එහි සිටියා. හිටපු ජනාධිපතිතුමත් හිටියා. අපි නීතිපතිතුමාට කිව්වා මෙතුමා වෙනුවෙන් පෙනී සිටින්න කියලා. මෙතන වුණේ මේ අය යන විට 10.30යි. එතකොට නඩුව ඉවරයි. මොකක්ද සිදු වුණේ කියලා සොයා බැලිය යුතුයි. මම ඒ පිළිබඳ ඇමතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම්විට එතැනට ගියානම් කුමන තීන්දුවක් ලැබෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් තරග තිබෙන මෙවැනි අවස්ථාවක උසාවියෙන් යම් තීන්දුවක් ලැබිය යුතුයි. මෙම තහනම් නියෝගය වලංගුද, නැද්ද කියලා අපි දන්නේ නැහැ.
එම අවස්ථාවේ මම අයිසීසී ය සමඟත් කථා කළා. ඔවුන් කිව්වේ ඔබලා දේශපාලනය ගෙනවිත් මෙයට මැදිහත් වුණා කියලා. මට ෂම්මි සිල්වා ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. විවිධ චෝදනා තිබෙනවා. ඒකයි මම කියන්නේ නීතියක් ගෙන ආ යුතුයි කියලා.
දැන් අපට විරුද්ධව චෝදනා 02ක් තිබෙනවා. එකක් තමයි මේ සභාව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම. මම කිව්වා ඇමතිතුමා කළ දේ නීත්‍යානුකූලද නැද්ද කියලා අධිකරණය තීන්දුවක් ලබා දෙයි කියලා. අනිත් චෝදනාව වන්නේ පාර්ලිමේන්තුව මීට එකතු වීමයි. ඇමැතිතුමා ප්‍රකාශ කළ ගමන් විපක්ෂය නැගිට එය සම්මත කළා. එවිට කොහොමද මෙහි දේශපාලනය නැහැ කියන්නේ.
දැන් සිදුවූ දේ වුණා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරැද්ද මේ සභාව පිළිගත යුතුයි. අපේ නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා නැගිටලා විනිශ්චයකාරවරුන්ගෙන් සමාව ඉල්ලුවා. මොකද අපි කළේ වැරදි වැඩක්. විනිශ්චයකාරවරුන්ට බැන්නා. ඇයි ඔවුන්ට දොස් කිව්වේ.
එය තාවකාලික නියෝගයක්. අවශ්‍ය නම් ඊළග දවසේ ගිහින් විසුරුවා හරින්න කියලා කියන්න තිබ්බා. ඕක හැමදාම වෙන දෙයක්. ඒ වෙනුවෙන් විනිශ්චයකාරවරුන්ට එක එක චෝදනා කළා. මේ මම තෝරපු කෙනෙක් නෙවෙයි, අග්‍රවිනිශ්චයකාරතුමා විසින් තෝරලා දැනුම් දුන්නා රාජකරුණාව අභියාචනාධිකරණයේ සභාපති කරන්න කියලා.
නමුත් මෙහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉදලා වරප්‍රසාදවලට මුවා වෙලා මේ විදියට ගහන්න බැහැ. මෙතන වරප්‍රසාදයක් නැහැ. ස්ථාවර නියෝග අනුව එම යෝජනාව සම්මත කළේ නැහැ. සභාව කොහොමද මේ වැඩකටයුතු කරන්නේ. අපේ වැඩ අපිට තිබෙනවා. අධිකරණයේ කටයුතු අධිකරණය කරයි.
මම සෑම අවස්ථාවකම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තියට අත තබන්න බැහැ කියලා. මම කිසිදවසක විනිශ්චයකාරවරයෙක්ට දොස් කියලා නැහැ. නඩු තීන්දු විවේචනය කරන්න අපට පුළුවන්. නමුත් විනිශ්චයකාරයෙකුට චෝදනා කරන්න බැහැ. එසේ කරනවානම් ස්ථාවර නියෝග යටතේ එය සිදු කළයුතුයි. එසේ නැත්නම් අපට වරප්‍රසාද ඉල්ලන්න බැහැ. ඇයි අපි මේ සභාව එම තත්ත්වයට පත් කරන්නේ. මීට පෙර මෙලෙස සිදු වී නැහැ. ඒකයි මට කණගාටු.

නෙවිල් සමරකෝන් මහත්මයට විරුද්ධව කටයුතු කරන්න අපට සිදු වුණා. පළමුව අපි ස්ථාවර නියෝග ගෙනවිත් එතුමාගේ ක්‍රියාකලාපය සාකච්ඡා කිරීමට අවසර ගත්තා.
අනික රැකව මැතිතුමා කියන්නේ70 ගණන්වල එක්සත් ජාතික පක්ෂයේ අප සමග එකට වැඩකළ අයෙක්. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට කිව්වා ඡන්දයට ඉදිරිපත් වෙන්න කියලා. ඔහු මේ සභාවේ උපසභාපති ලෙස ක්‍රියාකළා. ඒ පුද්ගලයාට ඇයි අපි පහර ගහන්නේ. ඔහු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් විශ්වාස තැබූ කෙනෙක්. මම විශ්වාස කළ කෙනෙක්.
මම එතුමාව වියට්නාමයේ තානාපති ලෙස යැව්වා. ඇයි එතුමා ආවේ. මම එතුමාව දන්නවා. මීට වඩා කියන්න දෙයක් නැහැ. එතුමා හොද මහත්මයෙක්. ඒ වගේම පුතාවත් මම දන්නවා. ඔවුන් මේ වැඩවලට සම්බන්ධවෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකමයි මම කණගාටු වුණේ. අපි එක්ක ඉදලා. අපිට වැඩ කරලා අපි දැන් ඒ මනුස්සයටයි, එයාගේ පුතාටයි ගහනවා.
එදා මේ අය ආවා ජනාධිපති මන්දිරයට. අපි ඡායාරූපයක් ගත්තා. ඕක ලොකු දෙයක් ද, මම අවශ්‍යනම් මේ සභාවේ ඕන අයෙකුට එහි පිටපතක් දෙන්නම්. මට ඒක ගැටලුවක් නොවෙයි. කරුණාකරලා මේවා ඇදගන්න එපා. මම මේ පිළිබඳ කණගාටු වෙනවා. මෙහිදී අප ස්ථාවර නියෝග පිළිබඳ අවධානය යොමු කළයුතුයි. අපිට අධිකරණය සමඟ රණ්ඩුවකට යන්න බැහැ.
ඒ වගේම ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙයි. විධායකයේ කොටසක්. පත්වීම් දෙන විට ජනාධිපතිවරයාට සහාය දැක්වීම, නම් සුදුසුද නැද්ද කියන්න, නැත්නම් නම් යෝජනා කිරීම ඔවුන්ට පැවරෙනවා. ඒ නිසා ඔබ කරන ඕනෑම කටයුත්තකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. එය අප මතක තබාගෙන යා යුතුයි.
අප දූෂණ විරෝධී කොමිෂන් පනත ගෙනාවා. කොමසාරිස්ගේ නම් එන තෙක් මම බලාගෙන ඉන්නවා. දැන් මාස 03ක් ගිහින් තිබෙනවා. අපි දූෂණය ගැන කථා කරනවා. මේ කොමිසමේ නම් ටික එවන්න බැහැ. මොකද දෙතුන් දෙනෙක් ප්‍රශ්න නගනවා. අපි නීතිපතිතුමාගෙන් ඇහුවා. එක වචනයක් වැරදුනා කියලා එය ප්‍රශ්නයක් නොවෙයි, පත්වීම් කරන්න නම් එවන්න කියලා මම කිව්වා. ඕන කෙනෙකුට මට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒක අපි බලාගන්නම්. අපි දූෂණයට විරුද්ධනම් අපිට මෙම පත්කිරීම් කරන්න තිබ්බා. කවුද මේකට විරුද්ධව අධිකරණයට යන්නේ. ගියානම් මේ කාරණය කියන්න තිබ්බා. තවම මේක අනුමත කරගන්න බැරි වෙලා තිබෙනවා. මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් ගෙනයන්න බැහැ.
මම යෝජනා කරන්නේ අපි තේරුම් කාරක සභාවක් දාලා, කොහොමද මේක ගෙනියන්නේ කියලා කතා කරමු. දැන් මේකෙන් මුළු අධිකරණයම හිර වෙලා. මම අගමැතිතුමාට යෝජනා කරනවා ඔබතුමා ඒක කථා කරලා අපි තේරීම් කාරක සභාවක් දාමු මොකක්ද ඉදිරියේ දී සිදුවිය යුත්තේ කියලා.
අනික මේ සභාව තිබෙන්නේ නීති සම්මත කර ගැනීමටයි. අපි සමහර විට එක දෙක වෙනකම් වැඩ පටන් ගන්නේ නැහැ. ජනතාව අපිට ගෙවන්නේ රගපාන්න නෙවෙයි, නීති සම්මත කරගන්න. ඉතින් මම යෝජනා කරනවා, ඒ වගේම කැබිනට් මණ්ඩලය සමග කතා කරනවා අලුත් සංශෝධනයක් ගේන්න කියල පළමුවෙනි පැයෙන් පස්සේ ප්‍රධාන වැඩකටයුත්තට යන්න ඕන. දැන් ලබන වසරේ නව නීති ගණනාවක් ගෙන්න තිබෙනවා. තවත් මේවා කල්දමන්න බැහැ.

ලබන වසරේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවලට යන්න තිබෙනවා. සංවර්ධන වැඩකටයුතු තිබෙනවා. ඔය අතර මෙතන හිරවෙන්නත් බැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ පළමු පැයෙන් පස්සේ ප්‍රධාන වැඩටයුතු ආරම්භ කිරීමටයි.
මෙම කරුණු පැහැදිළි කරන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒ වගේම විපක්ෂයට මේ ගැන තවත් කරුණු පැහැදිළි කරන්න අවශ්‍ය නම් ඒ පිළිබද කටයුතු කළහැකියි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-22

SendShareShare
Previous Post

හියුමන් ඉමියුනොග්ලොබිලින් ඖෂධ වංචාවේ මහමොළකරුවන් කැබිනට් එකෙත් ඉන්නවාලු! හාල්මැස්සෝ අල්ලනවා වගේම තෝරුමෝරුත් අල්ලන්නේ නැත්තේ ඇයි? විපක්ෂනායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News‍

Next Post

‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.