පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් සිය වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. Sri Lanka Latest News
තවද එම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද රජය අදහස් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, දැනට ක්‍රියාත්මක විමර්ශන දෙකෙහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.










