ආණ්ඩුකාරවරු ඔක්කොම බැසිල්ගේ!
ජනකට ආණ්ඩුව මෙච්චර බයවෙලා තියෙන්නේ ඇයි?
රනිල්ගේ සාකච්ඡාව රත් කළ විග්නේෂ්වරන්ගේ වාර්තාව!
කාලෙකට පස්සේ සජබ රැස්වීමට ආ අමුත්තා!
සුරංගනා කතා කියන්නේ කව්ද?
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නැවත වතාවක් තමන්ට අගමැති තනතුර ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් පසුගිය අප්‍රේල් 18 වැනිදා සිදුකර තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සතියේම අපි විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියෙමු. ඉන් අනතුරුවද මේ හා බැඳුණු සිදුවීම් රාශියක් එක දිගට අපි මේ තීරයෙන් රටට කීමට පියවර ගත්තෙමු. නමුත් මේ සම්බන්ධයෙන් අප වරින් වර තොරතුරු වාර්තා කරද්දී ඇතැම් මාධ්‍ය, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගෙන් මෙන්ම පොහොට්ටුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් මේ පිළිබඳ විමසා සිටිද්දී ඔවුන් සත්‍ය සඟවමින් මාධ්‍ය හමුවේ රඟපාන ආකාරයක් පමණක් නොව සුරංගනා කතා කියන ආකාරයක්ද දැකගත හැකි විය. ‘අපි අගමැතිකම ඉල්ලලා නෑ’, ‘ඔය මාධ්‍ය හදන බොරු කතා’, ‘මහින්ද මහත්තයා ජනතාවගෙන් තනතුරු ගන්නවා මිසක් පිටිපස්සෙන් ගිහින් තනතුරු ගන්නේ නෑ’ යනාදී වශයෙන් එක එක කතා එම පිරිස් මාධ්‍යයට කියා සිටියදී අප ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ අගමැති ධුරය ලබාගැනීම සඳහා මහින්ද විසින් දේහපාලන මෙහෙයුමක් තිරය පිටුපස දියත් කරමින් සිටි බවය. එමෙන්ම ඒ හේතුවෙන් එය රාජපක්ෂ පවුල ඇතුළේ දරුණු මතගැටුමක් බවට පත්ව ඇති බවය.
නාමල් කියපු දේවල්!
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරමින් එක් අවස්ථාවක අප නාමල් ඊට එරෙහිව වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරයද අනාවරණ කළෙමු. එහිදී නාමල්, ජනාධිපතිවරයා හමුවීමට ගොස් කියා තිබුණේ මහින්දට අගමැතිකම ලබා නොදෙන ලෙසත්, අගමැතිකම සජිත්ට ලබාදෙන ලෙසත්, ඉන් අනතුරුව තමන් ඇතුළු පොහොට්ටුව විපක්ෂයට ගොස් විපක්ෂනායකකම ලබාගැනීමට කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් මේ පිළිබඳ රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති සාකච්ඡා වට ගණනාවකින් පසු නාමල්, මහින්දට අගමැතිකම ලබාගැනීමටත්, ඉන් අනතුරුව පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවීමටත්, එම ආණ්ඩුවේ ඇමැතිකමක් ලබාගැනීමටත් එකඟතාව පළකළ බවද අපි අනාවරණ කළෙමු.
බැසිල් යෝෂිත සටන!
එමෙන්ම අගමැතිකම මුල්කරගෙන බැසිල් හා යෝෂිත අතරද දරුණු මතගැටුමක් සිදුව ඇති බව අපි පසුගිය සතියේදී අනාවරණ කළෙමු. ඊට හේතුවී තිබුණේ යෝෂිත අගමැතිකම මහින්දට ලබාගත යුතු බවට වූ දැඩි ස්ථාවරයේ සිටිද්දී බැසිල්, මේ මොහොතේ අගමැතිකම පක්ෂයට අවශ්‍ය නැති බවට වූ ස්ථාවරයේ සිටීමය. ඒ අනුව යෝෂිත හා බැසිල් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු බැසිල් හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය බවත්, පසුව තුන්වැනි පාර්ශ්වයක් හරහා සිදුකළ පණිවුඩ හුවමාරුවකින් පසු බැසිල්-යෝෂිත ගැටුම සමතයකට පත්කර ගත් බවත් අපි වාර්තා කළෙමු.
බැසිල් ඩුබායි සිට රනිල්ට-සාගලට කතා කරයි!
අවසානයේදී බැසිල් ඩුබායි බලා ගියේ ජනාධිපතිවරයා සමග කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව බව මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු වාර්තා වී තිබේ. එහිදී අගමැතිකම ලබාගැනීම, ඇමැති ධුර ලබාගැනීම, ආණ්ඩුකාරවරු පත්කිරීම පිළීබඳ දීර්ඝව ජනාධිපතිවරයා හා බැසිල් අතර අදහස් හුවමාරු වී ඇති බවත් මේ වන විට තහවුරු වී තිබේ. එය ආණ්ඩුකාරවරුන්ගේ ඉවත් කිරීම සහ නව පත්කිරීම් දෙස බලන විට හොඳටම පැහැදිලිය. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු බැසිල් අවස්ථා තුනකදී එක් ආණ්ඩුකාරවරයකුට කතාකොට ඔහු ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත්, ඊට කලබල නොවන ලෙසත් දැනුම් දී සිටීමට කටයුතු කොට තිබිණි.
ආණ්ඩුකාරවරු ඔක්කොම බැසිල්ගේ!
අනෙක් අතට පත්කරනු ලැබූ නව ආණ්ඩුකාරවරුන් තිදෙනාම බැසිල්ගේ අතිශය සමීප හිතවතුන්ය. උතුරට පත්වීම් ලැබූ චාල්ස් මහත්මිය ඊට පෙරද උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබුණේ බැසිල්ගේ හිතවත්කම හේතුකොට ගෙනය. පසුව ගෝඨා, චාල්ස්ව එම ධුරයෙන් ඉවත් කළද ඇයව මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ලෙස පත්කිරීමට බැසිල් මැදිහත් වී තිබිණි. ලක්ෂ්මන් යාපාගේ ඉතිහාසයද එසේමය. බැසිල් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ලක්ෂ්මන් යාපා එහි නියෝජ්‍ය අමාත්‍යවරයා විය. ලක්ෂ්මන් යාපා මහමැතිවරණයෙන් පරාජය වී ගෙදර ගියද බැසිල් ඔහුව ගෙන්වාගෙන තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී තමන්ගේ උපදේශකයකු බවට පත්කර ගත්තේය. නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ සෙන්දිල් තොණ්ඩමන්ද එසේමය. පසුගිය කාලය පුරාම තොණ්ඩමන්ලා පොහොට්ටුව සමග තබාගැනීමට බැසිල් සමග සාකච්ඡා කොට ගේම ගසා තිබුණේ සෙන්දිල්ය. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම මෙම ආණ්ඩුකාර තනතුරුවලට එජාපයෙන් තරගවැදී පරාජයට පත්වුණු එජාප ජ්‍යෙෂ්ඨයන් පත්කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද අලුත් ආණ්ඩුකාරවරුන්ගේ නම් දෙස බලන විට ඊට බැසිල්ගේ සම්බන්ධයක් ඇති බව හොඳින්ම පැහැදිලිය.
දිනේෂ් අගමැතිකම දෙන්න කැමැතිලු!
කෙසේ වෙතත් අගමැතිකම පිළිබඳ ප්‍රශ්නයේදී වත්මන් අගමැති දිනේෂ්ද මේ වනවිට ප්‍රශ්නයකට මුහුණපා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ආරංචිය. මේ සම්බන්ධයෙන් සමීප හිතවතුන් දිනේෂ්ගෙන් විමසද්දී දිනේෂ් සඳහන් කොට ඇත්තේ ජනවරම පවතින්නේ මහින්දට බැවින් තමන් අගමැතිකමෙන් ඉවත් වී මහින්දට අවස්ථාව ලබාදීමට සූදානම් යැයි කියාය. නමුත් මහින්ද තවමත් නිල වශයෙන් දිනේෂ්ට මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකොට නැත. ඒ වෙනුවට මහින්ද සිදුකොට තිබුණේ වෙනත් පාර්ශ්ව අතේ දිනේෂ්ට මේ පිළිබඳ පණිවුඩ යොමුකොට තිබීම පමණි.
අගමැතිකම අපිට එපා- බැසිල් කියයි!
ඒ කොයි හැටිවෙතත් පසුගිය සතිය වන විට මෙම අගමැති සටන තවත් අදියරකින් ඉදිරියට ගොස් තිබිණි. ඒ, ඩුබායි සිටින බැසිල් හා ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සාකච්ඡාවකින් අනතුරුවය. මෙම සාකච්ඡාවෙන් පසුව බැසිල් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අතරද දුරකතන සාකච්ඡාවක් පැවැත්වී තිබේ. අගමැතිකම සම්බන්ධයෙන්ද නැවත වතාවක් මෙහිදී සාකච්ඡා වී ඇති අතර බැසිල් කියා ඇත්තේ පක්ෂයක් ලෙස පොහොට්ටුවට මේ මොහොතේ අගමැතිකම අවශ්‍ය නැතැයි කියාය. එමෙන්ම අගමැතිකම අවශ්‍ය බවට වූ මතයේ සිටින පුද්ගලයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවට අනුමාන කළ හැකිය. නමුත් තවමත් පක්ෂය ඇත්තේ බැසිල් සන්තකයේ වීමත්, පක්ෂ මහලේකම් බැසිල්ගේ අනුගාමිකයකු විමත් නිසා මාධ්‍ය පසුගිය සතියේ සාගරගෙන් මේ පිළිබඳ විමසද්දී සාගර කියා සිටියේ අගමැති ධුරය සම්බන්ධයෙන් පක්ෂයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කොට නැති බවය.
ඒකත් කඩාකප්පල් කළා!
කෙසේ වෙතත් බැසිල් හා ජනාධිපතිවරයා අතර සිදුව ඇති මේ දුරකතන සාකච්ඡාව පිළිබඳවත් එහිදී කතාබහට ලක්වූ කරුණු පිළිබඳවත් මේ වන විට අගමැතිකම අවශ්‍ය බවට වූ ස්ථාවරයේ සිටින අය හටද තොරතරු වාර්තා වී තිබේ. ඒ අනුව ඔවුන් අතර ලොකු හාහූවක් ගොස් තිබුණේ අගමැතිකම ගන්නා වැඩෙත් බැසිල් කඩාකප්පල් කළා යැයි කියාය. ඒ අනුව අගමැති මෙහෙයුම මේ වන විට තරමක් යටගොස් තිබුණද එය පවතින්නේ අළු යට ගිනි පුපුරු මෙන් වරින්වර ගිනි පුළිගු දැල්වෙමිනි. කවුරු මොන මොන සුරංගනා කතා කීවද අගමැතිකම ගැන ඇත්ත කතාව ඒකය.
අමතක කරන්න බැරි ඉන්දියාව!
ලංකාවේ ආණ්ඩු පෙරළීමේදී සහ අලුත් ආණ්ඩු පිහිටුවීමේදී කවුරු මොනවා කීවද ඉන්දියාව විශාල කාර්යභාරයක් තිරය පිටුපස සිටිමින් සිදුකරන බව දේශපාලනය තේරෙන බොහෝ දෙනා දන්නා කියන දෙයකි. 2009 යුද්ධය ජයග්‍රහණය කොට 2010දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව වසර 05ක් ඇතුළත පරාජයට පත්ව ගෙදර යෑම පසුපස ඉන්දීය විරෝධය නොතකා චීන සබ්මැරීන් දෙකකට ලංකාවට ඇතුළු වීමට ඉඩ දීමේ සිද්ධිය ඉහළින්ම තිබිණි. එමෙන්ම ප්‍රධාන අසල්වැසියා වූ ඉන්දියාව නොතකා චීනය සමග එකතුව මහාපරිමාණ ව්‍යාපෘති දියත් කිරීමද ඉන්දියාව රිස්සුවේ නැත. එහි අවසන් ප්‍රතිඵලය මහින්දට ජනාධිපතිකමත්, ආණ්ඩුවත් යන දෙකම නැතිවීමය.
චීනෙත් එක්ක ගිය මහින්දට වෙච්ච දේ!
2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද එසේම විය. මුලදී මුලදී යහපාලන ආණ්ඩුව ඉන්දියාව සමග සමීපව ගනුදෙනු කළද පසුව මහින්දගේ ආණ්ඩුව මෙන්ම චීනය සමග සමීපව කටයුතු කරන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ යහපාලන ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුව කඩාවැටීම සඳහා පසුබිම සකස් වීමය.
රනිලුත් මුලින් අවුලෙන්!
කෙසේ වෙතත් ගෝඨාගේ පලායෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවද මුල් අවස්ථාවේදී ඉන්දියාව සමග විශාල මතගැටුමක් නිර්මාණය කරගැනීමට ජනාධිපතිවරයාටද සිදුවිය. ඒ, චීන ඔත්තු බලන නෞකාවක් වූ යුවාන් වැන්ග් 5 නැවට ඉන්දියාවේ දැඩි විරෝධය මධ්‍යයේ ලංකාවට ඇතුළු වීමට ඉඩසලසා දීම හරහාය. මේ නෝක්කාඩුව කෙතරම් දුරදිග ගියාද කියනවා නම් සාමාන්‍යයෙන් ලංකාවේ නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත්වූ විට පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යෑම සිදුකළද රනිල්ට ඒ අවස්ථාව අහිමි වී ගියේය. අවස්ථා ගණනාවකදීම විවිධ පාර්ශ්වයන් හරහා රනිල් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවක් සංවිධාන කරගැනීමට උත්සාහ කළද ඉන්දියාව පැත්තෙන් ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන තරමට තත්ත්වය උඩුදුවා තිබිණි.
දෙමළ ජාතික සන්ධානය යළි එළියට ගනී!
අවසානයේ තත්ත්වය බැරෑරුම් බව වටහා ගත් ජනාධිපතිවරයා ඉන්දියාව මිතුරු කරගැනීමේ පරණ පුරුදු මෙහෙයුම් කිහිපයකට අතගැසුවේය. ඉන් පළමුවැන්න වූයේ ඉන්දියාව එදා සිටම ඉල්ලන උතුරු නැනෙහිර දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමය. ඒ අනුව යමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉකුත් අප්‍රේල් මාසය වන විට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදෙන බවය. උතුරු නැගෙනහිර එකම නියෝජිතයා වශයෙන් ඉන්දියාව විසින් පිළිගනු ලබන දෙමළ ජාතික සන්ධානය සමග යළිත් සාකච්ඡා වටයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තේය. නමුත් අප්‍රේල් මාසය වන විට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලැබුණේ නැත. දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡාද ඒ අනුව විසඳුමකින් තොරව අවසන් විය.
පොරොන්දු ඉටු කරනකම් ඉන්දියාව නෑ!
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදි ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට අමතරව උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වන බවටද පොරොන්දුවක් දී තිබිණි. එම පොරොන්දුවෙන් පසු ඉන්දියාවේ සංචාරය කරන ලෙසට ජනාධිපතිවරයාට නිල ආරාධනාවක් ලැබුණද පොරොන්දු ඉටුකරන තෙක් ඒ සඳහා වේලාව ලබානොදීමට ඉන්දියාව තීරණය කොට තිබීම විශේෂ සිදුවීමකි.
ආයෙමත් දෙමළ සන්ධානයට එන්න කියයි!
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා නැවත වතාවක් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට මීට සති දෙකකට ඉහතදී පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා උතුරේ දෙමළ මන්ත්‍රීවරුන්ට වෙනමත්, නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන්ට වෙනමත් වශයෙන් සාකච්ඡා වට දෙකක් ලබාදීමට පියවර ගෙන තිබිණි. නමුත් මේ තත්ත්වය වාර්තා වීමත් සමග දෙමළ ජාතික සන්ධානය ඊට දැඩි විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබුණේ උතුරේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා නම් උතුර හා නැගෙනහිර දෙකක් ලෙස නොව එකක් ලෙස සලකා සාකච්ඡා කළ යුතු බවත්, සියලුම මන්ත්‍රීවරුන් එකට කැඳවිය යුතු බවත්ය. ඒ අනුව අවසානයේදී දෙමළ සන්ධානයේ කොන්දේසියට එකඟ වීමට ජනාධිපතිවරයාට සිදුවිය. ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රශ්නය මුල් කරගෙන බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක් දිනයකුත්, සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තවත් දිනයකුත් ලබාදුන්නේ ඒ අනුවය.
වාර්තාවත් අරන්ම යයි!
එම දිනයට අනුව දෙමළ සන්ධානය ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යද්දී උතුරු නැගෙනහිර අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සුමන්තිරන් ඇතුළු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට එක්වූයේ පසුගිය දෙසැම්බර් හා ජනවාරි මාසවලදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවල වාර්තා මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ සකස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතද අතේ තබාගෙනය. ඒ අනුව ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා සිදුකෙරෙන බලය බෙදීමක් බව ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය.
විග්නේෂ්වරන් වෙන මතයක!
නමුත් මෙහිදී සාකච්ඡාවට සහභාගි වී සිටි උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා ඊට තරමක් වෙනස් ස්ථාවරයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් කතාකරනු දැකගන්නට ලැබිණි. විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත්, එහි යම් යම් තැන් සංශෝධනය විය යුතු බවත්ය.
විග්නේෂ්වරන්ගේ වාර්තාව ජනාධිපතිගේ අතට ගියේ කොහොමද?
කෙසේ වෙතත් විග්නේෂ්වරන් ඉදිරිපත් කරමින් සිටි මේ වාර්තාවම ඒ වන විටත් ජනාධිපතිවරයාගේ අතේ තිබෙනු සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දැකගත හැකි විය. ඒ අනුව මෙම හමුවට පෙර ජනාධිපතිවරයා හා විග්නේෂ්වරන් අතර හමුවක් නියත වශයෙන්ම පැවැත්වී ඇති බවටත්, එහිදී විග්නේෂ්වරන් මෙම වාර්තාව ජනාධිපතිවරයාට ලබාදී ඇති බවටත් වූ සැකය සුමන්තිරන් ඇතුළු කණ්ඩායමට නිතැතින්ම මතුව තිබිණි. එම නිසා සුමන්තිරන් වහාම කළේ එම වාර්තාවට අස්සන් තබා ඇති පිරිස කවුරුන්ද කියා සොයා බැලීමය. එහිදී සුමන්තිරන්ට පෙනී ගියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඊට අස්සන් කර තිබුණේ විග්නේෂ්වරන් පමණක් බවය. අනෙක් සියලු දෙමළ, මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග සිටින අය බවද සුමන්තිරන්ට දැකගන්නට ලැබිණි. එමෙන්ම දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර නොමැති පක්ෂවල සාමාජිකයන් පවා ඊට අස්සන් තබා ඇති ආකාරයක් සුමන්තිරන්ට පෙනීගියේය.
සුමන්තිරන්ගේ විරෝධය!
ඒ අනුව වහාම සුමන්තිරන් විග්නේෂ්වරන්ගේ වාර්තාවට සිය විරෝධය පළකිරීමට පියවර ගත්තේය. නමුත් ඒ බව නොතකා ජනාධිපතිවරයා විග්නේෂ්වරන්ගේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට යෝජනා කළද දෙමළ ජාතික සන්ධානය ඊට දැඩි ලෙස විරෝධය පළකිරීමට කටයුතු කළේය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ අදාළ වාර්තාව පිළිගත නොහැකි බවත්, එවැනි වාර්තාවක් පදනම් කරගෙන තවත් කමිටු දැමීමට යෑමෙන් සාකච්ඡා දිග්ගැසීම පමණක් සිදුවන බවත්ය.
මෙන්න කොන්දේසි!
‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ වුවහොත් පමණක් අපි මේ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ හැර පරිපාලන කටයුතු සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වීම නිෂ්ඵල ක්‍රියාවක්. එවැනි අලුත් කමිටුවලට අපි එන්නෙ නෑ. අපේ මූලික ඉල්ලීම වෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පළාත් සභා මැතිවරණය ඉක්මණින්ම පැවැත්වීම. ඒ දෙකම සිදුවෙන්නේ නැත්නම් මේ සාකච්ඡා තවදුරටත් සිදුකිරීමෙන් පලක් නෑ…’ යන්න එහිදී සුමන්තිරන් ජනාධිපතිවරයාගේ මූණටම කියා සිටි කරුණ විය.
සාකච්ඡා අසාර්ථකයි!
ඒ අනුව උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් තවත් වටයකින් ජනාධිපතිවරයා ආරම්භ කළ සාකච්ඡාව කිසිදු ප්‍රතිඵලයකින් තොරවම අවසන් වූ ආකාරයක් දැකගත හැකි විය.
ජනකට බයවූ ආණ්ඩුව!
මේ දිනවල ආණ්ඩුව නොසෑහෙන බියට පත් කරවන තනි චරිතය බවට පත්ව සිටින්නේ දේශපාලනයට කිසිසේත්ම සම්බන්ධ නැති පුද්ගලයෙකි. ඒ, වෙන කවුරුවත් නොව, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වූ ජනක රත්නායක මහතාය. ජනක රත්නායක යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට පත්කළ සභාපතිවරයාය. සම්පූර්ණයෙන්ම ස්වාධීන චරිතයක් වූ ජනක, කොමිසමේ සභාපතිවරයා ලෙස පත්වූ දින සිටම කළේ ජනතාව පැත්තේ සිටිමින් ජනතාවට වාසිසහගත ආකාරයට විදුලි බිල තීරණය කිරීමේ සටනකය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබුවේ කංචන විජේසේකරය. කංචන පත්වූ දින සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව කටයුතු කරගෙන යෑම නිසා කංචන හා ජනක අතර විවිධ මතගැටුම් ඇතිවිය. ඒ නිසා අවස්ථා ගණනාවකදීම කංචනත් ජනකත් ප්‍රසිද්ධියේම එකිනෙකාට එරෙහිව අදහස් පළ කළේය. ඇනුම්පද කියාගත්තේය. කංචන ට්විටර් පණිවුඩ තියමින් ජනකට ගහද්දී ජනක ප්‍රසිද්ධියේ මාධ්‍ය හමු කැඳවා කංචනට ප්‍රහාර එල්ල කළේය.
කාර්යාලය සීල් තියයි!
මෙම ගැටුම කූටප්‍රාප්තියට පත් කරමින් වරක් ජනක ඔස්ටේ්‍රලියාවේ පෞද්ගලික සංචාරයකට ගොස් සිටියදී හදිසියේම පොලිසිය ජනකගේ කාර්යාලයට පැමිණ එහි තිබූ ලිපි ලේඛන ආරක්ෂා කිරීමට යැයි කියමින් කාර්යාලය සීල් තැබීමට කටයුතු කළේය. ඊට එරෙහිව ජනක ඔස්ටේ්‍රලියාවේ සිටම මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් එය දැඩිව හෙළාදැක්කේය. ඉන් අතුරුව කංචන හා ජනක අතර දැඩි මතගැටුමක් ඇතිවූයේ විදුලි බිල 66%කින් ඉහළ දැමීමට කංචන කටයුතු කිරීමත් සමගය. එහිදී ජනක දැඩිව කියා සිටියේ මෙය ඉතා අසාධාරණ මිල ඉහළ දැමීමක් බවත්, මෙවැනි ප්‍රමාණයකින් මිල ඉහළ දැමීම කිසිසේතම අවශ්‍ය නොවන බවත්, මේ හරහා ජනතාව දැඩිව පීඩාවට පත්වන බවත්ය. මීට අමතරව ඉකුත් උසස් පෙළ විභාගය සමයේ ආණ්ඩුව මහ රෑ විදුලිය කපද්දී ජනක ඊට එරෙහිව සටන් කළේ මේ හරහා විභාගයට පාඩම් කරන සිසුන් දැඩි අසීරුතාවකට පත්වන බව කියමිනි. ඒ අනුව පසුගිය කාලය පුරාම ජනක ජනතාවගේ වීරයා බවට පත්වෙමින් ජනතාවගේ පැසසුම් ලබන තත්ත්වයට පත්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ජනක දැඩි විරෝධයක් පළ කළ අයකු ලෙසද ප්‍රසිද්ධව සිටියේය.
113කින් මාව අයින් කරන්න!
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ජනකව එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාත්, කංචනත් තීන්දු කිරීමය. මේ සඳහා අවස්ථා ගණනාවකදීම ආණ්ඩුව උත්සාහ කළත් ඒ සියලු අවස්ථාවන් ව්‍යර්ථ වූයේ තමන් එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවට ජනක ප්‍රකාශ කිරීමත් සමගය. ජනතාවගේ පැත්තේ සිට සටන් කළ තමා ඉවත් කිරීමට අවශ්‍ය නම් පවතින නීතියට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තමා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටියේය.
ලියුමක් අස්සන් කරන්න කියයි!
ව්‍යවස්ථාවට අනුව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වන්නේ නොමැති නම් ඔහුව ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයක් ලබාගැනීමෙන් අනතුරුවය. ඒ අනුව ජනාධිපතිවරයා මුල් වටයේදී කංචනට දැනුම් දී සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 113ක අස්සන් සහිත ලිපියක් ලබාගෙන ජනකව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය.
කංචනත්-ප්‍රසන්නත් පස්ස ගහයි!
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළද ඒ ආකාරයට ජනකට එරෙහිව 113ක අස්සන් ලබාගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව දැන සිටි කංචනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගත් ඒ සඳහා වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ඒ අනුව අවසානයේදී රනිල් තීන්දු කළේ හොර පාරෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට විවාදයකින් තොරව පාර්ලිමේන්තු ඡන්දයක් විමසා ජනකව ඉවත් කිරීමටය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් කරන්නේ නම් එම මෝසම ඉදිරිපත් කර දින පහක් න්‍යාය පුස්තකයේ තබා එය විවාදයට ගෙන ඡන්දය විමසිය යුතුය. නමුත් මෝසමක් ඉදිරිපත් නොකොට ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව ඉදිරිපත් කොට විවාදයකින් තොරව ඡන්ද විමසීම සිදුකිරීමටද ආණ්ඩුවට හැකියාව තිබේ. ඒ අනුව ආණ්ඩුව තීන්දු කළේ එම ගේම් එක ගසා ජනකව තනතුරෙන් ඉවත් කිරීමටය.
විපක්ෂයේ දැඩි විරෝධය!
ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් විවාදය පැවැති පාර්ලිමේන්තු සතියේ ජනකට එරෙහිව මෙම යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. සැලසුමට අනුව යෝජනාව ඉදිරිපත් වීමත් සමග ඊට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් ඊට දැඩිව විරෝධය පළකරමින් ජනකව ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කළ යුතු බවත්, ඒ පිළිබඳ විපක්ෂයට විවාදයක් ලබාදිය යුතු බවත් කියා සිටියහ. ආණ්ඩුව ඊට එරෙහිව අදහස් දැක්වුවද විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ තර්ක හමුවේ ආණ්ඩුව කලින් දැරූ ස්ථාවරය වෙනස් කරගැනීමට අවසානයේදී ඔවුන්ට සිදුවිය. ඒ අනුව අකැමැත්තෙන් හෝ ලබන 24 වැනි දින ජනක සම්බන්ධයෙන් එක් දින විවාදයක් ලබාදීමට ආණ්ඩුවට සිදුවිය.
20ක් මහින්ද-නාමල් හමුවෙලා!
ඒ අනුව මෙම සිදුවීමත් සමග ජනක රත්නායක දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට එක් වරම පත්වූ ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඊට හේතු වූයේ ආණ්ඩුවට නියත වශයෙන්ම ලබන 24 වැනිදා වන විට ජනක ඉවත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් 113කගේ බහුතරය සොයාගැනීමට අවශ්‍ය වීම නිසාය. මෙය තරමක අභියෝගයක් බවට පෙරළෙන ලකුණු පහළ වූයේ ජනකට හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුණගැසී ආණ්ඩුව ගෙන ඒමට සූදානමින් සිටින යෝජනාවට සහාය පළකළ නොහැකි බව දැනුම් දීමත් සමගය. මෙම කණ්ඩායමට මන්ත්‍රීවරු 20ක් පමණ ඇතුළත්ව සිටි අතර, ඔවුන් මහින්දටත්, නාමල්ටත් දැනුම් දී සිටියේ ජනක යනු තම පක්ෂයේ නායකයන් විසින්ම පත්කළ අයකු වීමත්, ජනක විදුලි බිල ඉහළ දැමීමේදී ඊට එරෙහිව සටන් කළ අයකු වීමත් නිසා ඔහුට එරෙහිව ඡන්දය ලබා දිය නොහැකි යැයි කියාය. මීට අමතරව ආණ්ඩුව දිගින් දිගටම බොරු කරමින් පොහොට්ටුව බෙදීමට කටයුතු කරමින් සිටින නිසා මේ අවස්ථාවේදී හෝ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතු බවද පොහොට්ටුවේ එම මන්ත්‍රී කණ්ඩායම මහින්දටත්, නාමල්ටත් දැනුම් දී සිටියහ. මේ බව අපගේ වෙබ් අඩවිය වූ අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවියෙහි විශේෂ පුවතක් ලෙස ඒ මොහොතේම වාර්තා කිරීමටද අපි පියවර ගත්තෙමු.
10ක් පිටරට!
මෙම තොරතුර අප විසින් වාර්තා කිරීමත් සමගම ආණ්ඩුව පැත්තෙන් කිසියම් කලබලයකට පත්ව ඒ පිළිබඳ පොහොට්ටුව පැත්තෙන් විමසීමක් කිරීමටද පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතු වී තිබුණේ ආණ්ඩුවට මේ වන විට 120ක මන්ත්‍රී කණ්ඩායමක් සිටියත් යම් හෙයකින් පොහොට්ටුවේ 20ක පමණ පිරිසක් ජනකට එරෙහිව යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් ආණ්ඩුවට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට වැටහී යෑමය. අනෙක් අතට මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් 10 දෙනකු පමණ සිටින්නේ විදේශගතවය. ඒ අනුව යම් හෙයකින් තිස් දෙනකුගේ සහාය ආණ්ඩුවට නොලැබුණහොත් ඉතිරි වන්නේ මන්ත්‍රීවරුන් 90ක් පමණි. ඒ අනුව පසුගිය සතිය වන විට ආණ්ඩුව ජනකට එරෙහිව කෙසේ හෝ මන්ත්‍රීවරු 113 සොයාගැනීමේ විශාල සටනකට මුලපුරා සිටියේය.
කැබිනට්ටුවේදී රට ගමන් තහනමක්!
මෙහි පළමු සිදුවීම දැකගන්නට ලැබුණේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. පසුගිය සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු සිවුදෙනකු විවිධ කටයුතු සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලා තිබිණි. ඒ සිවුදෙනා වූයේ අලි සබි්‍ර, විජයදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ලය. මෙහිදී අලි සබි්‍රට හැර අනෙක් සිවුදෙනාගේම රට ගමන් තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. බන්දුල ඒ පිළිබඳ විමසීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ ‘ඕනෙ නම් යන්න, හැබැයි ගිහින් එද්දී ආණ්ඩුව වැටිලා තියෙයි’ යැයි කියාය.
රාඝවන් ගෙන්වයි! ඉරි තුනේ නියෝගයක්!
මේ වන විට රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතාද මාසයකට නිවාඩු ගෙන විදෙස්ගතව සිටින අතර, වහාම ඔහු ලංකාවට ගෙන්වා ගන්නා ලෙසද ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වෙත ඉහළින් උපදෙස් ලැබී තිබිණි. මීට අමතරව ඉදිරි සතියේදී කිසිදු අමාත්‍යවරයකුට හෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුට විදෙස්ගත විය නොහැකි බවටද, අනිවාර්යයෙන්ම 24 වැනිදා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට ‘ඉරි තුනේ නියෝගයක්’ මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් මෙවැනි ඉරි තුනේ නියෝගයක් අයවැය ඉදිරිපත් කරන අවස්ථාවකදී පමණක් නිකුත් වුවද, ජනකගේ ඡන්දය ආණ්ඩුවට කෙතරම් වැදගත්ද යන්න එම සිදුවීමට ඉරි තුනේ නියෝගයක් නිකුත් කිරීම හරහා දැකගන්නට ලැබිණි.
බාගන්න මෙහෙයුමත් ලෑස්තියි! ලන්සාට ලොකු වැඩක්!
මීට අමතරව විවිධ පාර්ශ්වවලින් මන්ත්‍රීවරුන් බාගන්නා මෙහෙයුමක්ද ආණ්ඩුව පසුගිය සතියේදී දියත් කර තිබිණි. එම මෙහෙයුමට අනුව පොහොට්ටුවට සම්බන්ධ සියලු මන්ත්‍රීවරුන් 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ප්‍රසන්නට භාරවී තිබුණු අතර, වෙනත් පක්ෂවල මුස්ලිම් හා දෙමළ මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට පක්ෂ කරගැනීමේ මෙහෙයුම භාර දී තිබුණේ නිමල් ලන්සාටය. ශ්‍රීලනිපයේ අනෙකුත් මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂ කරගැනීමේ මෙහෙයුම නිමල් සිරිපාලට භාරදීමට පියවර ගෙන තිබිණි.
විපක්ෂයත් ලෑස්ති වෙයි!
මේ ආකාරයට ආණ්ඩුව 24 වැනිදාට සූදානම් වෙද්දී විපක්ෂයද නිකන් සිටියේ නැත. සජබය ප්‍රමුඛ විපක්ෂය දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජනකව ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත්, ඒ වෙනුවෙන් කිසිසේත්ම සිය ඡන්දය ලබා නොදෙන බවත්ය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ නියෝගයක් නිකුත් වූයේ 24 වැනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට දැනුම් දෙමිනි.
ජනකගෙන් ලියුමක් පාර්ලිමේන්තුවට!
මීට අමතරව පසුගිය බදාදා දින උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට විශේෂ ලිපියක් යොමුකිරීමට පියවර ගත්තේය. මෙම ලිපිය මගින් ජනක ඉල්ලා සිටියේ 24 වැනිදා තමන් මූලික කරගෙන පැවැත්වෙන ඡන්ද විමසීම දැකබලා ගැනීම සඳහා තමන් සහ දරු දෙදෙනාට අවස්ථාව ලබාදෙන ලෙසටය. මෙහි පිටපතක් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරිය වෙත යොමුකිරීමටද ජනක කටයුතු කර තිබිණි.
113 ගල උඩ සටන!
ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, ලබන 24 වැනි දින 113 පෙන්වීමේ අභියෝගයක් ආණ්ඩුව අභිමුවේ ඇති බවය. දැනට පෙළගැසෙමින් ඇති කරුණුවලින් නම් පෙනෙන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව යම් තිගැස්මකින් සිටින බවය.
සජබය අවසන් තීන්දුව ගනී!
සමගි ජන බලවේගය ආණ්ඩුව සමග එකතු වන බවට දිගින් දිගටම තැන තැන ව්‍යාජ ප්‍රවෘත්ති පැලවෙමින් තිබියදී පසුගිය සතියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී බරපතළ තීන්දු දෙකක් ගනු ලැබීය. ඒ කිසි ලෙසකින්වත් ආණ්ඩුව සමග එක් නොවන බවටත්, ඊළඟ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්ය. නමුත් ඉන් අනතුරුව ගත යුතු විශේෂ තීන්දු කීපයක් පිළිබඳ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඇති විය. ඒ අනුව, තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ තීන්දුවක් ගැනීම උදෙසා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැත්විණි. ඊට සමගි ජන ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් ද නිල වශයෙන් වශයෙන්ම සහභාගි විය.
අලුත් සාමාජිකයෙක් ඇවිත්!
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණේ සවස පහට වුවද ඊට විනාඩි විස්සකට පමණ පෙර විශේෂ අමුත්තෙක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. ඒ, දෙවසරකට ආසන්න කාලයක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවී සිටි සුජීව සේනසිංහය. ඉකුත් මැතිවරණයේ පසුබෑමත් සමග දේශපාලන කටයුතුවලින් මඳක් ඈත් වී සිටි සුජීව, නැවත මීට මාස එකහමාරකට පමණ පෙර සිට සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි විය. ඒ විශේෂ කථිකයකු ලෙසය. එහෙත් ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ නැත. නමුත් මෙවර රැස්වීමට ඔහුගේ සහභාගිත්වය විශේෂ විය.
සුජීවගේ හැසිරීම අමුතුයි!
කෙසේ වෙතත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සුජීව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තබා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසවත් මුණගැසුණේ නැත. ඔහු කෙළින්ම පැමිණ වාඩිවුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට යාබද අමුත්තන්ගේ කාමරයේය. එක් අතකින් ඔහුගේ පැමිණීමත්, අනෙක් අතින් ඔහුගේ හැසිරීමත් බොහෝ දෙනකුගේ කුතුහලයට හේතු විය.
සාමාන්‍යයෙන් සුජීව ප්‍රකටව සිටින්නේ කෙළින් කතාකරන සහ කෙළින් වැඩකරන චරිතයක් ලෙසය.
‘ආ, සුජීව උඩට යං….’
කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් කිහිප දෙනෙක්ම ඔහුගෙන් ඉල්ලා සිටියත් ඒ වෙනුවට ඔහු කළේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තරුණයන් කිහිප දෙනකු සමග රැස්වීම ආරම්භ වනතුරු අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටීමය.
දෙකෙන් එකක් බේරගන්න සූදානමින්!
නැවතත් ඉහළ මාලයට පැමිණෙන ලෙසට කාත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු පැමිණ සුජීවට කතා කළේය.
‘නෑ, දේශපාලන වැඩවලින් පැත්තකට වෙලා ඉන්නකොට නායකතුමායි මහලේකම්තුමායි තමා මට ආපහු කතා කළේ. ඔයාලගෙන් බේරෙන්න බැරිම තැන තමයි මම ආපහු ස්ටේජ් එකට ගොඩඋනේ. දැන් ආපහු හැරෙන්න බැහැ. මේ තැන් තැන්වල යන කටකතාවලට උත්තරයක් තියෙන්න ඕනෙ. ඒ වගේම ඒකෙ කෙළවරක් තියෙන්න ඕනෙ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට මම ආවේ ඒ ගැන දෙකෙන් එකක් තීන්දුවක් ගන්න කියලා කියලා යන්න…’
සුජීව කට අරී!
සුජීව එහෙම කීවත් බොහෝ දෙනකුට එය ප්‍රහේළිකාවක් විය.
හරියටම සවස 5 වන විට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙනි. රැස්වීම් කාමරයට පැමිණෙන විටම සජිත් සුජීව දුටුවේය. මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුගිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සජිත් සභාව ඇමතීය.
‘විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් කරන්නයි ඒ පිළිබඳ අනුමැතිය ගන්නයි තමයි අද කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳෙව්වේ. එක පැත්තකින් අපි ආණ්ඩුව ගෙනයන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
අනෙක් පැත්තෙන් අපි අපේ දර්ශනය වැඩපිළිවෙළ එක්ක එකට හිටගන්න පුළුවන් කණ්ඩායම් එකතු කරගනිමින් දැවැන්ත සන්ධානයක් හදන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරමින් ඉන්නවා. හැබැයි මම ඔබට කියන්න ඕනෙ, සන්ධානයක් හදනවා නම් එක එක න්‍යාය පත්‍ර තියෙන්න බැහැ. තැන් තැන්වල පක්ෂයේ සහ සන්ධානයේ මතයට පරිබාහිර අදහස් ප්‍රකාශ කරන්නත් බැහැ. ගමන තීන්දු කරනවා නම් වෙන වෙන කරුණු පස්සේ දුවන්නේ නැතිව අපි සන්ධානයක් නිර්මාණය කරමු. ඒ වගේම අපි විනය සම්බන්ධව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. සන්ධානයක් ගොඩනගන්න ඕනෙ කරන අභ්‍යන්තර සහ බාහිර ක්‍රියාමාර්ග ටික මම ගන්නම්. ඒ වගේම විනය සම්බන්ධව තීරණාත්මකව තීන්දු ගන්න මහලේකම්තුමායි, ජාතික සංවිධායකතුමායි, විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමායි ඉන්න කමිටුවක් මං පත්කරනවා.
ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනෙ. අද සෑහෙන කාලෙකට පස්සේ මෙතැනට සුජීව සේනසිංහ මහත්මයා ඇවිත් ඉන්නවා. මේ පක්ෂය ගොඩනගන්න අප්‍රමාණ කැපවීම් කරපු අයගෙන් එක්කෙනෙක් එතුමා. මං එතුමා’ ‘ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා…’
අනුරාධ කියපු කතාව!
සජිත් එහෙම කියන විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලු දෙනාම අත්පොළසන් නැගීය. සජිත් කතාව කරගෙන යමින් සිටින අතරතුර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තරුණ නියෝජිතයන් සිටියේ දැඩි උfiා්ගයකිනි. හිටිහැටියේම අනුරාධ විමලරත්න නැගී සිටියේය.
‘සර්, ගිය සතියේ කෘත්‍යාධිකාරිය සම්මත කරගත්තා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජනබලවේගය අපේක්ෂකයෙක් කියලා. එක එක අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන්න විදිහක් නැහැ. ඔබතුමා තමයි අපේ අපේක්ෂකයා…’
අනුරාධ විමලරත්න සමග රෙහාන් ජයවික්‍රම, අජිත් පී. පෙරේරා ඇතුළු බොහෝ දෙනෙක් ඒ අදහස අනුමත කරමින් නැගී සිටින්නට උත්සාහ කරන විට එකවරම නැගී සිටියේ සුජීව සේනසිංහය.
සුජීවගේ කතාව!
️‘නායකතුමනි, සෑහෙන කාලෙකට පස්සේ මම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවේ. අද මේකට නෑවිත් හිටියා නම් මට මගේ හෘද සාක්ෂියත් එක්ක ලොකු ෆයිට් එකක් කරන්න වෙනවා.
නායකතුමනි, මහා සටනක් කරලයි අපි මේ පක්ෂය හැදුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය සින්නක්කරව ලියාගෙන ජනමතයට පයින් ගහලා වැඩ කරනකොට මේ රටේ අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ අතීත ශ්‍රී විභූතිය අරගෙන අපිට අලුත් බලවේගයක් නිර්මාණය කරන්න වුණා. ඒක තමයි සමගි ජන බලවේගය. මේ පක්ෂය අපි හැදුවේ අපිට තිබිච්චි අනතුරු පැත්තකට දාලා. 2019 ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා කරල භාරදුන්නේ යකාටවත් දිනන්න බැරි මැතිවරණයක්. හැබැයි ඔබතුමා ලක්ෂ 58ක් ගත්තා. ගිය මැතිවරණය තමයි ඔබතුමා මුහුණ දුන්න මුල්ම මැතිවරණය. මේ පක්ෂ හදලා මාස තුනක් ඇතුළත වාර්තාගත ආසන පනස් දෙකක් ගත්තා. ඔබතුමා ඇර වෙන නායකයෙක් ආයෙ පේන තෙක් මානයක නැහැ. ඔබතුමා ප්‍රමෝට් කරන්න ඕනේ ඔබතුමා නෙමේ. ඔබතුමාව ප්‍රමෝට් කරන්න ඕනේ මේ ඉන්න අනික් අය. අපිට පිරිසිදු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඔබතුමා වටේ පෙළගැහුනාම මේ රට හදන්න පුළුවන්. අන්න ඒකට අපි කැපවෙමු. පිස්සු හැදුණා වගේ සමහරු කියන මේ බොරු කතාවලට උත්තරයක් දෙමු. තැන් තැන්වල එක එක කතා කතා කරලා වැඩක් නෑ. මේ අලුත් පක්ෂය අපි හැදුවේ ඔබතුමා එක්ක ගමනක් යන්න. වේලි වේලි ඉඳල වැඩක් නැහැ. කියව කියව ඉඳලා වැඩකුත් නැහැ…’ යනුවෙන් සුජීව ඉතාමත් සංවේදීව අදහස් ප්‍රකාශ කරද්දී කෘත්‍යාධිකාරී මණ්ඩලයම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දව සිටියේය.
ජනාධිපති අපේක්ෂකයා!
‘මං ආවේ මේ ටික කියලා යන්න. මේ රට බංකොලොත් කරපු කල්ලිත් එක්ක එකතු වෙලා, ජල්ලි අල්ලන කණ්ඩායම් එක්ක එකතු වෙන්න තියා එකතුවෙන්න හිතන්නවත් එපා. එහෙම කළොත් එදාට මේ රටේ මිනිස්සු අපිටත් සාප කරයි. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ඔබතුමා. වෙන අපේක්ෂකයෝ නැහැ. සමගි’ ජනබලවේගයේ සහ සමගි ජන සංධානයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබතුමාව යෝජනා කරනවා…’
සුජීව වාඩිවුණේ එහෙම කියලාය.
යෝජනාව ස්ථිරයි!
️සුජීවගේ අදහස් දැක්වීමත් සමගම සජිත්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා ස්ථිර කරන්නට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයන් අතර විශාල තරගයක් ඇතිවිය.
ඒ අතර නැගී සිටි හර්ෂණ රාජකරුණා, සුජීවගේ අදහසම ඒකමතිකව අනුමත කරමින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස විය යුතුම බව පැවැසීය.
‘අපි ප්‍රාදේශීය මන්ත්‍රීවරු හැටියට ඔබතුමාට පක්ෂ නායකත්වය දීලා ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕනෙ කියලා පළවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ මහත්තයට ලියුමක් ලියලා තනතුරු නැති කරගත්ත උදවිය. ඒ නිසා මේ පක්ෂය ගොඩනැගීම වෙනුවෙන් අපි අපිට පුළුවන් විදිහට දායක වුණා. අනිවාර්යයෙන්ම ඔබතුමා ඊළඟජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි…’ කීවේ රෙහාන් ජයවික්‍රමය.
අලුත් සන්ධානයකුත්!
‘මාස දෙකක් ඇතුළත අලුත් පක්ෂයක් හදලා ප්‍රධාන පක්ෂ බින්දුවට දාලා ආසන පනස් දෙකක් ඔබතුමාගේ නායකත්වයෙන් ගත්තා. වෙන වෙන නායකයෝ නෑ. ඔබතුමා තමයි සමගි ජන බලවේගය අපේක්ෂකයා…’
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පැවැසීය.
‘මටත් කියන්න තියෙන්නෙ නායකතුමනි මේ චමින්ද විජේසිරිලා ගාව ඩබල් ගෙම් නැහැ. ආණ්ඩුවට එකතු වෙනවා නම් කවුරු හරි එකතු වෙන්නේ සල්ලිවලට. ඒ අපරාධය කරලා එළියට බහින්න කිසි කෙනෙකුට බැහැ…’ චමින්ද විජේසිරි කීවේය.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයට සමගි’ ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව’ සුජීව සේනසිංහ, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හර්ෂණ රාජකරුණා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව එය අනුමත කරනු ලැබීය.
‘චමින්ද විජේසිරි, හර්ෂණ රාජකරුණා, එස්.එම්. මරික්කාර්, රෙහාන් ජයවික්‍රම, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු පිරිස අදහස් දක්වමින් අදාළ යෝජනාව පිළිබඳ සිය ප්‍රසාදය පළකළහ.