කුරුණෑගල නගරයට පැමිණෙන තරුණියන් විවිධ වංචාකරුවන්ගේ ග්‍රහණයට හසුවීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙනවා.
උපකාරක පන්ති සඳහා විවිධ ප්‍රදේශවලින් නගරයට පැමිණෙන ළාබාල පෙම්වතුන් විවිධ පුද්ගලයන්ගේ හිංසන සහ අපචාරවලට ගොදුරු වීම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා වාර්තා වීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හේතුවී ඇත.
ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ අරඹා ඇති අතර, ඒ යටතේ පෙම්වතුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇති.