• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටෙස්ලා සමාගමේ හිමිකාර බිලියනපති ඉලෝන් මස්ක් රොබෝ නෝනා කෙනෙක් හදලාලු! ගාණ ඩොලර් 3144ලු! කිසිම වදයක් නෑලු! ලිංගිකව හැසිරෙන්නත් පුලුවන්ලු! VIDEO I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
ටෙස්ලා සමාගමේ හිමිකාර බිලියනපති ඉලෝන් මස්ක් රොබෝ නෝනා කෙනෙක් හදලාලු! ගාණ ඩොලර් 3144ලු! කිසිම වදයක් නෑලු! ලිංගිකව හැසිරෙන්නත් පුලුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන් අදියරේ ඉන්නේ.

රොබෝ භාර්යාවන්ගේ සැපයුම 2023 සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

Robot Wife බැටරි ආරෝපණයට සම්පූර්ණ දින තුනක් වැයවේ.. ආර්ථව චක්‍රයක නියමිත දින වගේ. බැටරි ආරෝපණයෙන් පසු මාසයක් ක්‍රියාත්මක වේ.

Robot Wife සමඟ ලිංගික කටයුතු වලදී ඇයව කෝප නොගැන්වා අදාල කාර්‍ය කිරීමට මුරපදයක්, රටාවක් හෝ ඇඟිලි සලකුණක් භාවිතා වේ

ඩොලර් 3,144 ක මුදලක් පමණක් වැය වේ ” යනුවෙන් සඳහන් කරමින් Elon Musk රොබෝ භාර්යාවත් සමග සිටින ඡායාරූප බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. 

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ ෆේස්බුක් සටහන් බහුලව ෆේස්බුක් පරිශිලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ටෙස්ලා නිර්මාතෘ ඉලොන් මස්ක්විසින් එම සමාගම නිර්මාණය කර ඇති එලොන් මස්ක්ගේ රොබෝ බිරිඳ බවට හඟවමින් සමාජ මාධ්‍ය පළ වූ ඡායාරූප හා එම තොරතුරු නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට අප ප්‍රථමයෙන්ම මෙහි දක්වා ඇති ඡායාරූප වෙතට අපගේ අවධානය යොමු කරනු ලැබුවා. 

ඒ අනුව එම ඡායාරූප හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය කෘත්‍රිම බුද්ධි (Artificial Intelligence) තාක්‍ෂණය ඔස්සේ ජනනය කරන ලද පින්තූර බවට දැක ගන්නට ලැබෙනවා. එනම් එහි ඇඟිලි තුඩු අසල බොඳ වී තිබීම , වැඩිපුර ඇඟිලි පිහිටීම වැනි සියුම් විකෘතිතා දැක ගන්නට ලැබෙනවා.

AI ඡායාරූප එළිදැක්වූ අවධියේ සිට සිට, අන්තර්ජාලය හරහා AI-ජනනය කරන ලද ඡායාරූප ගණනාවක් නිර්මාණය වී ඇති අතර මෙම ඡායාරූප බොහොමයක් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉලොන් මස්ක්, පුටින් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉලක්ක කර ගනිමින් AI ඡායාරූප මෙලෙසින් සහ මෙලෙසින් නිර්මාණය කර තිබූ  Guerrero Art විසින් බවට France 24 කරුණු විමර්ශන කණ්ඩායම පෙන්වා දෙනවා.

ඔවුන් විසින්ම Musk සම්බන්ධයෙන් මේ ආකාරයට රොබෝ කාන්තාවන් සමඟ සිටින ආකාරයේ සේයාරු නිර්මාණය කර තිබූ ආකාරය පළකර තිබුණේ මෙලෙසින්.

Archived Link

එසේම Diana Stark නම් ඩිජිටල් නිර්මාණ සිදුකරන කාන්තාවක්, ට්විටර් සටහනක් තබමින්, මේ ආකාරයේ AI භාවිතයෙන් Elon Musk සමඟ රොබෝවෙකු විවිධ ඉරියව්වලින් සිටින ඡායාරූප නිර්මාණය කිරීමට යොදා ගත් ඛණ්ඩ ඇතුළත් කරමින්, ඒ මඟින් නිර්මාණය වූ ඡායාරූප ද පළකර තිබුණේ මෙලෙසින්. 

ඒ වගේම මීට දින කිහිපයකට පෙර මෙටා නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉලක්ක කරගනිමින් මෙටා රොබෝවරුන් බවට ඔවුන් ෆේස්බුක්හි පළ කර තිබූ AI ඡායාරූප සටහන පහතින්.

ටෙස්ලා රොබෝවරුන් (Tesla Bot)

කෙසේවෙතත්, මීට දින කිහිපයකට පෙර, ටෙස්ලා ආයතනය විසින් සිය ටෙස්ලා බොට්ස් ප්‍රදර්ශනය කරමින් නව වීඩියෝවක් නිකුත් කර ඇති අතර, එම රොබෝ පිරිස මේ වන විට ක්‍රමානුකූලව ඇවිදීමට, අයිතම ලබා ගැනීමට සහ වස්තූන් හඳුනා ගැනීමට හැකියාව ඇති බව දැක ගන්නට ලැබේ. Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk සමාගමේ කොටස් හිමියන්ගේ රැස්වීම් උත්සවයේදී මෙම වීඩියෝව ඉදිරිපත් කර තිබුණා.

මෙම වීඩියෝව Tesla Bot ව්‍යාපෘතියට සැළකිය යුතු වැඩිදියුණු කිරීම් කිහිපයක් පෙන්වයි. මේවාට වැඩි දියුණු කළ මෝටර් ව්‍යවර්ථ පාලනය, මිනිසා විසින් නිරීක්ෂණය කරන ලද චලනයන් සහ වස්තු හැසිරවීමේ හැකියාවන් මත පදනම් වූ කෘතිම බුද්ධි (AI) පුහුණුව ඇතුළත් වේ. වඩාත් වැදගත් දෙය නම්, මානවරූපී රොබෝවරුන්ට දැන් ටෙස්ලා කාර්ය මණ්ඩලයේ සහාය අවශ්‍ය නොවී ගමන් කළ හැකි වීමයි.

Multiple fully Tesla-made Bots now walking around & learning about the real world 🤖

Join the Tesla AI team → https://t.co/dBhQqg1qya pic.twitter.com/3TZ2znxkfd

— Tesla Optimus (@Tesla_Optimus) May 16, 2023

ටෙස්ලා වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ ව තිබුණේ මෙලෙසින්. Archived Link

2022 ඔක්තෝම්බර් මාසයේදී ටෙස්ලා AI දිනයේදී මානවරූපී රොබෝවරු ප්‍රථම වරට ප්‍රදර්ශනය කළා. ඒ වන විට රොබෝවරුන්ට ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණු අතර ඒ සඳහා රැඳී සිටීමට කාර්ය මණ්ඩලයේ සහාය අවශ්‍ය වී තිබුණා.

ඒ අනුව පෙන්වා දිය හැක්කේ ඉහත සටහනේ දක්වා ඇති රොබෝ භාර්යාවන් සහ ඔවුන්ට ඇති හැකියාවන්, ඒවා රෝපණය කිරීමට ගත වන කාලය සහ එහි මිල ආදි වශයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබූ සියලු කරුණු අසත්‍ය බවත්, එවන් ප්‍රකාශයක් ඉලොන් මස්ක්හෝ ටෙස්ලා සමාගමින් කිසිදු නිල තොරතුරක් දක්වා නොමැති බවයි.

ඔවුන් සත්‍ය වශයෙන් නිර්මාණය කරන ලද ටෙස්ලා බොට්ස් හි වර්තමාන තත්ත්වය ද වන්නේ, එම රොබෝ පිරිසට මේ වන විට ක්‍රමානුකූලව ඇවිදීමට, අයිතම ලබා ගැනීමට සහ වස්තූන් හඳුනා ගැනීමට හැකියාව පමණක් ඇති බවයි.

Fact Crescendo

SendShareShare
Previous Post

ඩුබායිවලින් ආ දුරකතන ඇමතුමෙන් මහින්දගේ අගමැතිකමට පෙරළුණු බාල්දිය! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

ෂාෆ්ටර් බ්‍රහස්පතින්දා ගොඩ එයි! මරණයට හේතුවත් ගොඩ එයිද? I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.