නාමල්ව හමුවෙන්න රනිල්ගේ විශේෂ නියෝජිතයෙක්!
ජපානය ගැන කියලා රොයිටර් ගේමක් ගැහුවාද?
සබ්‍රිගෙන් සජිත්ට කෝල් එකක්! සජිත් බෑ කියයි!
නන්දලාල් පන්නන කුමන්ත්‍රණය!
IMF සල්ලිවලට දාපු කොන්දේසි!
ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකාවට ණය ලබාදීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළහ. එහිදී ඔවුන් කියා සිටියේ කොන්දේසි කිහිපයක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අවුරුදු 04ක කාලයක් තුළදී ලබාදීමට මූලික එකඟතාවකට පැමිණි බවකි. එසේ ලබාගැනීමට ආණ්ඩුව පැත්තෙන් සපුරාලිය යුතු කරුණු ගණනාවක් පවතින බවද මෙහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මාධ්‍යයට සඳහන් කර සිටියහ.
අවසන් මොහොතේ ආ බරපතළ කොන්දේසිය!
කෙසේ වෙතත් එම නියෝජිතයෝ බ්‍රහස්පතින්දා මෙම විශේෂ මාධ්‍ය හමුවට වාඩිවීමට පෙර ආණ්ඩුව සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගත්හ. ඊට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමගත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගත් සාකච්ඡා කොට රටේ පවතින තත්ත්වය පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමටත් ඔවුන් කටයුතු කර තිබිණි. ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවලදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ පාර්ශ්වයෙන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වූ අතර පවතින තත්ත්වය මත එම කොන්දේසිවලට කිසිදු පැකිලීමකින් තොරව එකඟතාව පළකිරීමට ආණ්ඩුවේ නියෝජිතයෝ කටයුතු කළහ. නමුත් අවසාන මොහොතේ මූල්‍ය අරමුදල පැත්තෙන් ඉදිරිපත් වූ ප්‍රධාන කොන්දේසියක් මත බදාදා වන විට එම සාකච්ඡාව බිඳවැටෙන ලකුණු පහළ වී තිබිණි. එම ප්‍රධාන කොන්දේසිය වූයේ ණය මුදල ලබා දීමට නම් ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් බවට පත්කළ යුතු බවකි. එය පනතක් මගින්ම සිදුකළ යුතු බවද මූල්‍ය අරමුදලේ කොන්දේසියක් විය.
ආණ්ඩුව පැත්තෙන් බෑ කියයි!
කෙසේවෙතත් එසේ කළහොත් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මහ බැංකුව හැසිරවීමේ අවස්ථාව නොලැබී යන නිසා එම කොන්දේසියට ආණ්ඩුවේ නියෝජිතයන්ගේ එකඟතාව ලැබුණේ නැත. එසේ වුවහොත් ආණ්ඩුව ඉල්ලන ඉල්ලන අවස්ථාවට බිලියන ගණනින් මුදල් ලබාදීමට මහ බැංකුවට නොහැක. ආණ්ඩුව කියන විදියට මුදල් මුද්‍රණය කිරීමටද නොහැක. නමුත් රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගැනීමට නොහැකි බරපතළ ආර්ථික අර්බුදයක ආණ්ඩුව සිරව සිටින මෙවැනි අවස්ථාවක මූල්‍ය අරමුදල කියන ආකාරයට මහබැංකුව ස්වාධීන කිරීමට ගියහොත් විශාල අර්බුදයක් මතුවීමේ ඉඩක් ඇති නිසා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ එය වහා සිදු කළ නොහැකි බවත්, පියවරෙන් පියවර කළ යුතු කටයුත්තක් බවත් යැයි කියාය. එසේත් නැත්නම් පියවර කිහිපයක් යටතේ මහ බැංකුව ස්වාධීන කිරීමට කටයුතු කොට මහ බැංකුවේ යම් බලයක් ආණ්ඩුව සතුව පවත්වා ගැනීමට අවශ්‍ය බව ආණ්ඩුවේ නියෝජිතයන්ගේ ස්ථාවරය විය.
සාකච්ජා බිඳවැටෙන්න ඔන්න මෙන්න!
නමුත් ඊට මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දිගින් දිගටම විරෝධය පළ කළහ. අවසානයේ ඊට එකඟතාවකට පැමිණීමට නොහැකි වූ තැන මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුවට දැනුම් දුන්නේ එසේ නම් මේ අවස්ථාවේදී ආණ්ඩුව සමග කාර්යමණ්ඩල ගිවිසුමකට එළඹීමට නොහැකි බවකි. එමෙන්ම ආණ්ඩුව පැත්තෙන් මහ බැංකුව ස්වාධීන කරන ආකාරය පිළිබඳ ඉදිරිපත් වන යෝජනා අධ්‍යයනය කිරීමට මූල්‍ය අරමුදලට යම් කිසි කාලයක් අවශ්‍ය බවත්, එම නිසා කාර්යමණ්ඩල ගිවිසුමකට එළඹීමට තවත් කාලයක් ගතවනු ඇති බවත් එහිදී ඔවුහු දැනුම්දී සිටියහ. නමුත් ආණ්ඩුවේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ මෙම කාර්යමණ්ඩල ගිවිසුමට එළඹීම සඳහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ කරවා ගැනීමය. නමුත් දෙපැත්තේම කඹ ඇදීම නිසා සාකච්ඡා බිඳවැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මූල්‍ය අරමුදලද කියා සිටියේ සාකච්ඡා බදාදා දිනයේ අවසන් වීමට නියමිතව තිබුණත් එකඟතාවට පැමිණිමට නොහැකි යම් යම් කාරණා හේතුවෙන් තවත් දිනකින් සාකච්ඡා කල් දැමීමට තීන්දු කළ බවකි.
අඩියක් පස්සට ගත්තේ ආණ්ඩුවද IMF එකද?
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනය වන විට ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග මේ සම්බන්ධයෙන් කිසියම් එකඟතාවකට එළැඹි බවක් දැකගන්නට ලැබිණි. මෙහිදී මූල්‍ය අරමුදලෙන් යෝජනා වූ කොන්දේසියට ආණ්ඩුව එකඟ වූවාද, එසේත් නැත්නම් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවට මූල්‍ය අරමුදල එකඟ වූවාද යන්න පැහැදිලි නැතත් එම එකඟතාව මත බ්‍රහස්පතින්දා දිනයේදී කාර්යමණ්ඩල ගිවිසුම අස්සන් කිරීමට මූල්‍ය අරමුදල සිය කැමැත්ත ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම එකඟතාවට එළැඹීම සඳහා මූල්‍ය අරමුදලේ කොන්දේසියට ආණ්ඩුව එකඟ වී තිබුණේ නම් එය බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
සල්ලි එදාම හවස ලැබෙන ආකාරයේ ප්‍රචාරයක්!
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේදී ආණ්ඩුව විශාල ප්‍රචාරයක් ගෙන යමින් මූල්‍ය අරමුදල ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ලබාදීමට එකඟ වූ බව රටට දැනුම් දුන්නේ විශාල ජයග්‍රහණයක් ලබාගත් ආකාරයටය. එම පුවත දුටු බොහෝ දෙනාට හැඟී ගිය කාරණාවක් වූයේ හරියට එදින සවස් වරුවේම මූල්‍ය අරමුදල ලංකාවට සල්ලි දෙන චෙක්පතක් ලබාදීමට සූදානමින් සිටින ආකාරයකි. නමුත් ඇත්තම කතාව නම් මූල්‍ය අරමුදල මෙම ණය මුදල ලබාදීමට එකඟ වී තිබුණේ බරපතළ කොන්දේසි ගණනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එමෙන්ම මූල්‍ය අරමුදලේ කොළ එළිය ලැබුණු සැණින් ආණ්ඩුව ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාදෙමින් වැරැදි ආකාරයෙන් පාවිච්චි කරනු ඇති බවට පූර්ව හැඟීමක්ද මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට තිබිණි. ඊට හේතුව වූයේ විපක්ෂයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී මෙවැනි ආකාරයේ මාතෘකාවක් පිළිබඳ යම් කතාබහක් සිදුව තිබූ බැවිනි.
IMF එක කොන්දේසි එළියට දමයි!
ඒ අනුව සාකච්ඡාවට සහභාගි වී සිටි මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද බ්‍රහස්පතින්දා දිනයේම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් වූ කොන්දේසි එකින් එක ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. ඊට මූලිකත්වය ගත්තේ කණ්ඩායම් ප්‍රධානියා වූ පීටර් බෲවර්ය. එහිදී බෲවර් පැහැදිලිවම කියා සිටි කරුණක් වූයේ මෙම කාර්යමණ්ඩල ගිවිසුම අස්සන් කළද මුදල් ලැබීම සඳහා ලංකාව දීර්ඝ ක්‍රියාවලියක් පසුකළ යුතු බවකි. විශේෂයෙන්ම මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ අනුමැතිය පමණක් නොව, මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පවා ඊට හිමි විය යුතු බව බෲවර් කියා සිටියේය. එම අවස්ථාවන්හිදී යම් යම් කොන්දේසි හා කරුණු කාරණා වෙනස් වීමේ හැකියාවද පවතින බව බෲවර් සඳහන් කළේය. ඊට අමතරව මෙම අවස්ථාවන්ට යෑමට පෙර ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අනිවාර්ය කොන්දේසියක් බවද හෙතෙම සඳහන් කර සිටියේය. යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නොහැකි වුවහොත් එය මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවද පීටර් බෲවර් පෙන්වා දුන්නේය.
ණය ලැබුණත් අවුරුද්දකට ලැබෙන්නේ ඩොලර් මිලියන 800යි!
ඒ අනුව දැන් ණය ලබාගැනීමේ පන්දුව පවතින්නේ ලංකාව අතේ නොව, ලංකාවේ ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින ප්‍රංශ ලසාඩ් සමාගමේ නියෝජිතයන් අතේය. යම් හෙයකින් එම සාකච්ඡා සාර්ථක වුවහොත් ණය ලබාගැනීම සඳහා එක් පියවරක් ඉදිරියට තැබීමට ලංකාවට හැකිය. සාකච්ඡා අසාර්ථක වුවහොත් ණය ලබාගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලියම බිඳවැටෙනු ඇත. සාකච්ඡා සාර්ථක වුවහොත් වසර හතරකට කොටස් වශයෙන් ඩොලර් බිලියන 2.9ක් ලංකාවට හිමිවනු ඇත. එයද ලබාදෙනුයේ වරින් වර ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුවය. ඒ අනුව බොහෝ දුරට එක් වසරකට ඩොලර් මිලියන 700ත් 750ත් අතර මුදලක් ලංකාවට ලැබීමට නියමිතය. දැනට මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ එය එතරම් විශාල මුදලක් නොවන බව බොහෝ දෙනාගේ මතයය. කෙසේ වෙතත් එම මුදල ලබාගැනීමටද තවත් මාස හයක් පමණ ගතවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයය.
දාපු බරපතළම කොන්දේසිය! වහාම ජන්දයක් තියන්න!
මීට අමතරව මෙම සාකච්ඡාවේදී පීටර් බෲවර් තවත් ඉතා ප්‍රබල පණිවුඩයක්ද ආණ්ඩුවට ලබාදීමට පියවර ගත්තේය. ඒ, මූල්‍ය අරමුදලේ යෝජනා සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කළ හැක්කේ ජනවරමක් ඇති ආණ්ඩුවකට පමණක් යැයි කියාය. එම ප්‍රකාශය හරහා ඔහු නොකියා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට එවැනි ජනවරමක් නොමැති බවකි. එමෙන්ම වහාම මහ මැතිවරණයක් පවත්වා ජනවරමක් සහිත ආණ්ඩුවක් බිහිකළ යුතු බවද බෲවර්ගේ එම ප්‍රකාශයේ ගැබ්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ආණ්ඩුව පවතින පාර්ලිමේන්තුව සමග මෙම ගමන යෑමට සිතා සිටිනවා නම් එය කෙතරම් දුරකට යා හැකිද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.
රොයිටර් ගේමක් ගැහුවාද?
මෙහිදී කියැවුණු තවත් ප්‍රධාන කාරණාවක් වූයේ ණය හිමියන් සමග සාකච්ඡා කොට එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතු බවකි. එම යෝජනාව පැමිණි මුල් කාලයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තමන් සැප්තැම්බර් මුල් සතියේ ජපානය බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවත්, දැනටමත් ජපානය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණෙන් සියලු ණය හිමියන් සමග සමුළුවක් පැවැත්වීමට සංවිධාන කර ඇති බවත්ය. ඒ අනුව ගැටලුව විසඳා දීම ජපානය භාරගෙන ඇති බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය එක්තරා ආකාරයක ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ මේ දිනවල මෙරට මාධ්‍ය බොහොමයක්ම ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට විශාල ප්‍රතිචාරයක් ලබාදීමට පියවර ගෙන තිබීම හරහාය. මෙරට මාධ්‍ය පමණක් නොව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රධාන මාධ්‍යයක් වූ රොයිටර් පුවත් සේවයද එම පුවතට විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව යමින් වරක් රොයිටර් පුවත් සේවය කිසිදු මූලාශ්‍රයක් සඳහන් නොකරමින් ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට පියවර ගෙන තිබූ අතර ඉන් කියැවුණේ ජපානයද එවැනි සමුළුවක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි කියාය. ඒ අනුව යමින් ලංකාවේ මාධ්‍යද රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් ලංකාව සම්බන්ධයෙන් ජපානය සමුළුවක් පැවැත්වීමට සූදානම් බව කියමින් පුවත් පළකිරීමට කටයුතු කළේය. වරෙක ආණ්ඩුව මෙම රොයිටර් පුවත් සේවය සහ ලංකාවේ මාධ්‍ය වාර්තා කළ පුවත මුල් කරගෙන විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම සජබ සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීම සඳහා ආණ්ඩුව භාවිත කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙම ජපාන සමුළුවය.
ජපන් විදේශ ඇමැති කතාව ප්‍රතික්ෂේප කරයි! කතාව රොයිටර් දැම්මෙවත් නෑ!
මෙම සාකච්ඡා අතරවාරයේ තවත් පියවරක් ඉදිරියට තබමින් රොයිටර් පුවත් සේවය ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ලංකාවට උදව් කිරීමට සමුළුවක් පැවැත්වීමට සූදානම් බව වාර්තා කළේය. ආණ්ඩුව එම ප්‍රවෘත්තියද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදාගැනීමට සඳහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියේය. නමුත් ගැටලුව පැනනැඟුණේ පසුගිය සතියේ සුපුරුදු පරිදි ජපාන විදේශ අමාත්‍යවරයා වන යොහිමාසා හයාෂි මහතා විසින් සතිපතා පත්වන මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගය. මාධ්‍යවේදීන් ලංකාව සම්බන්ධයෙන් පවත්වන සමුළුව පිළිබඳ ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ ලංකාව සමග විවිධ කරුණු සාකච්ඡා වුවත් මෙවැනි සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවකි. එවැන්නක් සම්බන්ධයෙන් ජපානය පවා තීන්දුවක් ගෙන නොමැති බවද ජපාන විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කොට කියා සිටියේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලංකා ආණ්ඩුවට වාසිසහගත පුවත් පළකරමින් ජපානය සමුළුවක් පවත්වන බව පුන පුනා කී රොයිටර් පුවත් සේවය ජපාන විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට කිසිදු ඉඩක් ලබා නොදීමය. ඒ අනුව බොහෝ දෙනාට රොයිටර් පුවත් සේවය සහ ආණ්ඩුව අතර කිසියම් ගනුදෙනුවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජපාන විදේශ අමාත්‍යවරයා විසින් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ සමුළුවක් පවත්වන ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කොට තිබියදී ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයකට මුහුණදී ඇති ආකාරයක් දැකගන්නට ඇත.
ජිනීවා සටන ඇරඹේ! අලුත් චෝදනා ඉදිරිපත් වෙයි!
ඒ සියල්ල අතරවාරයේ මේ වන විට ජිනීවා ප්‍රශ්නයද ආණ්ඩුවේ කට මුලටම පැමිණ තිබේ. මෙවර ජිනීවා සැසිවාරයට සහභාගි වීම සඳහා ආණ්ඩුව නියෝජනය කිරීමට සූදානමින් සිටින්නේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත්ය. නමුත් මේ වන විටත් ලංකාව මුල්කරගෙන ජිනීවාහි තිරය පිටුපස ප්‍රබල රටවල් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වෙමින් ඇති බව ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඊට ප්‍රධාන වශයෙන් මැදිහත්ව සිටින්නේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව සහ යුරෝපා රටවල් කිහිපයකි. ඔවුන් මේ වන විට එක මතයකට පැමිණ අනෙක් රටවලටද දැඩිව බලපෑම් කරමින් සිටින්නේ මෙවර සමුළුවේදී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව අලුත් කළ යුතු යැයි කියාය. දැනට ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම තුළ ඇත්තේ යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනාය. නමුත් මෙවර ඔවුන් කියා සිටින්නේ සාමකාමී අරගලයට පහරදීම, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවා තබාගැනීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ඇතුළත් කොට යුද අපරාධ චෝදනා හා සමානවම තවත් අලුත් යෝජනාවක් ලංකාවට එරෙහිව සම්මත කළ යුතු යැයි කියාය.
ආණ්ඩුව සද්දේ වහයි! පණිවුඩ පිට පණිවුඩ යවයි!
මුලදී ආණ්ඩුවද මෙම චෝදනාවලට පිළිතුරු දීමේ දැඩි ස්ථාවරයක සිටියත්, මේ වන විට එය තරමක් ලිහිල් බවක් ගෙන ඇති බවක් දැකගන්නට ඇත. ඊට හේතුවී ඇත්තේ ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වුවහොත් එය මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම සම්බන්ධයෙන්ද ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවට ආණ්ඩුවට වැටහී ගොස් තිබීමය. ඒ අනුව පසුගිය සතිය වන විට ආණ්ඩුව පැත්තෙන් මෙම ප්‍රධාන රටවලට පණිවුඩ පිට පණිවුඩ යවමින් දැනුම්දී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සති තුනක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. ඒ වෙනුවට 2015 වසරේදී හිටපු අධිකරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ජාත්‍යන්තරයේ එකඟතාවද ඇතිව සකස් කළ ත්‍රස්ත පනත සම්මත කිරීමට සූදානම් බව මෙම පණිවුඩය හරහා ආණ්ඩුව මෙම රටවලට දැනුම්දීමට පියවර ගත්තේය. එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වහාම අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර, සංවරණ හා තුලන වගන්ති ඇතුළත් කොට එය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
එහෙන් ගණන් අරගෙනවත් නෑ!
කෙසේ වෙතත් මේ ආකාරයේ විවිධ පණිවුඩ ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණද පසුගිය කාලසීමාවේදී අරගලකරුවන් ඉලක්ක කර ආණ්ඩුව ක්‍රියාත්මක වූ ආකාරය හේතුකොට ගෙන මෙම ප්‍රබල රටවල් ආණ්ඩුවේ පණිවුඩවලට යහපත් ප්‍රතිචාරයක් දක්වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. අවම වශයෙන් ආණ්ඩුව වෙනුවෙන් කිසිදු රටක් පෙනී සිටින ආකාරයක් හෝ එහිදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව මෙවර ජිනීවා සැසිවාරය ලංකාවට ඉතා අහිතකර එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
නිදහස් කළත් ඩයස්පෝරාව දැඩි තැනක!
අනෙක් අතට ආණ්ඩුව මීට සති දෙකකට පමණ ඉහතදී දෙමළ ඩයස්පෝරා සංවිධානවලට සහ දමිළ ජාතිකයන්ට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කළේද මෙවර සැසිවාරයේ ඔවුන්ගේ සහායද ලංකාවට ලබාගැනීමේ අරමුණෙනි. නමුත් ආණ්ඩුවේ එම උපක්‍රමයද අසාර්ථක වී ඇති බවක් පෙනී ගියේ ලන්ඩනයේ සිටින ප්‍රබල ඩයස්පෝරා ක්‍රියාකාරිකයකු වන සුරේන් සුරේන්ද්‍රන් පසුගිය සියේදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙනය. එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුවේ මෙම ගැටයට තමන් ඇතුළු ඩයස්පෝරාව හසු නොවන බවත්, ආණ්ඩුව සූදානම් වන්නේ ජිනීවා තොණ්ඩුව බෙල්ලටම සිරවී ඇති අවස්ථාවේදී දෙමළ ඩයස්පෝරාව පෙන්වා ප්‍රශ්නය විසඳා ගැනීමට බවත්ය. නමුත් ආණ්ඩුවට එරෙහිව මුලින්ම යුද අපරාධ චෝදනා එල්ල කළේ තම සංවිධානය බව කියා සිටි සුරේන්ද්‍රන් මෙවර සැසිවාරයේදී එම චෝදනාවලට අමතරව තවත් බරපතළ චෝදනා ගණනාවක්ම ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන බවත් එහිදී සඳහන් කර සිටියේය. එම චෝදනා අතර සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම සහ අනීතික ලෙස ඔවුන් මර්දනය කළ ආකාරය ඇතුළත්ව ඇති බවද සුරේන්ද්‍රන් එහිදී සඳහන් කර සිටියේය.
සිංහලයන් අතින් වියදම් කරන් ජිනීවා එයි!
දෙමළ ඩයස්පෝරාවට අමතරව යුරෝපයේ සිටින සිංහල ඩයස්පෝරාවද මේ වන විට සූදානමින් සිටින්නේ මෙවර සැසිවාරයේදී ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමටය. එහිදී ඔවුන් සූදානමින් සිටින්නේ අරගලකරුවන්ට එරෙහිව දියත් කොට ඇති මර්දනය මෙවර මානව හිමිකම් කොමිසමේදී ජාත්‍යන්තර රටවල අවධානයට ලක්කිරීමටය. පසුගිය සතියේ ඔවුන් අතින් වියදම් කොට බස් රථ රැගෙන විවිධ ප්‍රදේශවල සිට ජිනීවා කොමිසම ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් සිදුකිරීමට පියවර ගත්තේ ඊට පෙරහුරුවක් ලෙසටය.
සබ්‍රිගෙන් සජිත්ට කෝල් එකක්! සජිත් බෑ කියයි!
මේ ආකාරයට සියලු කටයුතු ආණ්ඩුවට අවාසිසහගත ලෙස පෙළගැසෙද්දී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය සඳුදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකොට මෙවර ජිනීවා සමුළුව සම්බන්ධයෙන් සහාය ඉල්ලා සිටීමට පියවර ගත්තේය. සබ්‍රිගේ උත්සාහය වී තිබුණේ සජිත් ලවා මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවට වාසිසහගත ප්‍රකාශයක් සිදුකරවා ගැනීමය. නමුත් සජිත් පැහැදිලිවම සබ්‍රිට පෙන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් තමන් එදා සිට එක් ස්ථාවරයක සිටි බවත්, තමන් සෑම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව අදහස් දැක්වූ බවත්ය. එහි කිසිදු ගැටලුවක් නොමැති බව සබ්‍රිට පෙන්වා දුන් සජිත්, අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවද කියා සිටියේය. එම මර්දනයට තමන් දැඩිව විරෝධය පළකරන බව සබි්‍රට කියා සිටි සජිත් සාමකාමී අරගලය වෙනුවෙනුත්, සාමකාමී අරගලකරුවන් වෙනුවෙනුත් තමන් දිගටම පෙනී සිටින බවද කියා සිටියේය.
රනිල්ගේ ගමන් කැන්සල් වුණේ ඇයි?
පසුගිය සති අන්තය ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණේ මොනරාගල සහ කතරගම යන ප්‍රදේශවල සංචාරය කොට එහි ජනතාව සමග අදහස් බෙදා හදා ගැනීමටය. ඒ අනුව සියලු නිලධාරීන්ද එම ප්‍රදේශවලට ගොස් තිබූ අතර, දැඩි ආරක්ෂාවක්ද එම ප්‍රදේශවල යොදවා තිබිණි. නමුත් අවසන් මොහොතේ කොළඹින් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයාගේ එම සියලු වැඩසටහන් අවලංගු කිරීමට තීන්දු කර ඇති බවකි. එමෙන්ම ඒ වන විට සඳුදා පස්වරු 5ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කොට තිබිණි. නමුත් ඒ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ ජනාධිපතිවරයා නිතරම විවිධ කතා කියමින් පමණක් සිටින බවත්, එම කතා ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත්ය. එම නිසා මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කළ යුතු බව එම කසුකුසුවලින් වැඩිදුරටත් කියැවිණි.
පොහොට්ටුව රනිල් වර්ජනයක?
මීට අමතරව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක්ද ජනාධිපතිවරයා වෙත පසුගිය සතිය වන විට එල්ල වී තිබිණි. ඒ හේතුව නිසාද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබිණි.
අසනීපයෙන් බවට කටකතාවක්!
අනෙක් අතට ජනාධිපතිවරයාගේ මොනරාගල කතරගම සංචාරය හිටිහැටියේම අවලංගු කිරීමට පියවර ගැනීම මුල් කරගෙන මන්ත්‍රීවරු අතරේ නිල නොවන කටකතාවක්ද පැතිර යමින් තිබිණි. ඊට හේතුවී තිබුණේ ජනාධිපතිවරයා මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග පළමු වටයේ සාකච්ඡාව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම හේතුකොට ගෙන ජනාධිපතිවරයාට කොරෝනා රෝගය වැලඳී ඇති බවට කටකතාවක් පැතිර යෑමය. එසේ නම් ජනාධිපතිවරයාට දවස් 10ක් පමණ නිවෙසට වී සිටීමට සිදුවනු ඇති බවත්, එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයාට අයවැය ඉදිරිපත් කිරීමට හෝ පාර්ලිමේන්තුවට පැමිණීටම නොහැකි වනු ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ අදහස විය. එම කටකතාව තහවුරු වී නොතිබුණු අතර, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් එම කටකතාවන්ට තවත් තටු ලැබී තිබිණි. නමුත් ජනාධිපතිවරයා එම සියලු කටකතාවන්ට තිත තබමින් සඳුදා දින පාර්ලිමේන්තුවට පැමිණි අතර අඟහරුවාදා දිනයේදී අතුරු අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය. එහෙත් ගැටලුව වූයේ අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් ප්‍රධාන රැස්වීම දෙකක් ජනාධිපතිවරයා විසින් හදිසියේ අවලංගු කිරීමය. එම රැස්වීම් දෙක වූයේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමත්, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමත්ය. එම රැස්වීම් දෙකම අවලංගු කෙරුණද ඊට හේතුවක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ නැත. ඒ අනුව මෙම රැස්වීම අවලංගු කිරීමත්, මොනරාගල කතරගම සංචාර අවලංගු කිරීමත් තවමත් ඇත්තේ ප්‍රහේළිකාවක් බවට පත්වය.
පොහොට්ටුව කලකිරීමෙන් බව රනිල්ට මුහුණුවලින් පෙනෙයි!
කෙසේ වෙතත් අඟහරුවාදා සවස 2ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවීමට පියවර ගත්තේය. ඒ සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියද වෙනදා මෙන් වැඩි පිළිගැනීමක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ එදින නොලැබෙන බවක් ජනාධිපතිවරයාට පෙනී ගියේය. මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් යම් කලකිරීමකින් සිටින බව ඔවුන්ගේ මුහුණුවලින් ජනාධිපතිවරයාට දැකගන්නට ලැබිණි. මෙම තත්ත්වය ජනාධිපතිවරයාට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දැකගන්නට ලැබිණි. ඒ පිළිබඳ වටින් ගොඩින් කළ සොයාබැලීමකදී ජනාධිපතිවරයාට නිල නොවන අයුරින් දැනගන්නට ලැබුණේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා නොදීම හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමකින් පසුවන බවකි. හැකි ඉක්මනින් එම තනතුරු ඔවුන්ට ලබානොදුණහොත් යම් හෙයකින් ඔවුන් අතුරු අයවැයට ඡන්දය ලබා නොදෙන බවට තීන්දුවක් ගෙන ඇති බවත් එම තොතුරුවලින් ජනාධිපතිවරයාට දැනගන්නට ලැබිණි. රාජ්‍ය අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් පමණක් නොව කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින අයද මෙසේ කලකිරීමෙන් සිටින බවද ජනාධිපතිවරයාට වාර්තා වී තිබිණි.
දිලුම් – ෂෙහාන් රනිල්ව හමුවෙයි! රාජ්‍ය ඇමැතිකම් ගැන කතා කරයි!
ඒ අනුව අඟහරුවාදා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් කතා කිරීමට දිලුම් අමුණුගමත්, ශෙහාන් සේමසිංහත් ගොස් ජනාධිපතිවරයා මුණගැසුණහ. එහිදී මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා දීර්ඝව අදහස් දක්වමින් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටින බවත්, අයවැය ඡන්ද විමසීමට පෙර රාජ්‍ය අමාත්‍ය ධුර ලබා නොදුණහොත් ඔවුන් අයවැය ඡන්ද විමසීම වර්ජනය කරනු ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දෙමින් කියා සිටියේ තමන් අයවැය ඡන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට කටයුතු කරන බවකි. නමුත් කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම පසුවට සිදුකරන බවද ජනාධිපතිවරයා මෙහිදී දිලුම්ටත් ශෙහාන්ටත් දැනුම් දීමට පියවර ගත්තේය. ඊට හේතුව ලෙස ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් සැලසුම් කරමින් සිටින බැවින් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකසා ගැනීමට තව ටික කාලයක් තමන්ට අවශ්‍ය බවය.
පොහොට්ටුව කලබල වෙයි!
ඒ අනුව දිලුම් සහ ශෙහාන් මේ බව පක්ෂයට දැනුම් දීමත් සමග පක්ෂය ඇතුළේ තවත් ගැටුමක් නිර්මාණය වන ආකාරයක් දැකගන්නට ලැබිණි. මන්ත්‍රීවරුන් දැඩිව පෙන්වා දුන්නේ එවැන්නක් කිසිසේත්ම සිදුකළ නොහැකි බවත්, ඉතා ඉක්මනින් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවත්ය. එසේ නොවුණහොත් පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් අයවැය ඡන්ද විමසීම වර්ජනය කිරීමට සූදානමින් සිටින බවද ඔවුහු එහිදී කියා සිටියහ.
ගණන් හැදුවාම ආණ්ඩුවයි විපක්ෂයයි කරට කර!
ඒ අනුව මෙහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ කිසියම් ගණන් හැදීමක් සිදුකරන ආකාරය දැකගත හැකි විය. මෙම ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය, ඩලස්ගේ කණ්ඩායම, විමල්ගේ කණ්ඩායම, මෛත්‍රීපාලගේ කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යනාදී සියලු මන්ත්‍රීවරුන් එක් කළ විට එම ප්‍රමාණය 106කට ආසන්න වනු ඇති බව එහිදී ඔවුන්ට පෙනිණ. එමෙන්ම දැනට රනිල්ව ජනාධිපති ලෙස පත්කිරීම සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 134කගේ ප්‍රමාණය 119 දක්වා අඩුවනු ඇති බවද එහිදී ඔවුන්ට පෙනීගොස් තිබිණි. ඒ අනුව ඔවුන් තීන්දු කළේ එම තත්ත්වය ජනාධිපතිවරයාට පෙන්වා දී තමන්ට අවශ්‍ය ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කරන තැනට බලපෑම් කිරීමටය. විශේෂයෙන් පසුගිය සතියේදී බැසිල්, මහින්ද, නාමල් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් රැස්ව සිටි සාකච්ඡාවකදී පවා නාමල් මේ බව දැඩිව කියා සිටි බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නාමල්ව හමුවෙන්න රනිල්ගේ විශේෂ නියෝජිතයෙක්!
එම තත්ත්වය යටතේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයා නාමල් සමග සාකච්ඡා කිරීම සඳහා විශේෂ නියෝජිතයකු යවා තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. එම හමුව සාදයක් ආකාරයෙන් පවත්වන ලෙසටද එම විශේෂ නියෝජිතයාට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් ලැබී තිබුණු බවක්ද දැනගන්නට ඇත.
කලකිරුණු මන්ත්‍රීවරු සාගරව හමුවෙයි!
මේ අතර මෙසේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු බදාදා දිනයේ පොහොට්ටුවේ මහලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා මුණගැසීමට පියවර ගත්හ. එහිදීද ඔවුන් සාගරට දැනුම් දී සිටියේ තමන්ට හැකි ඉක්මනින් රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඡන්ද විමසීම දිනයේදී පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තමන් පියවර ගන්නා බවකි. මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ඉතා ආවේගශීලී ආකාරයෙන් සිය අදහස් පළකර තිබූ බවක්ද වාර්තා වේ. ඒ අනුව සාගර ඔවුන්ට කියා සිටියේ තමන් මේ අවනඩුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමට පියවර ගන්නා බවකි. ඒ අනුව සාගර අගමැති දිනේෂ් ගුණවර්ධනටත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංගටත් මේ බව වහාම දැනුම් දීමට පියවර ගත්තේය.
රනිල්-දිනේෂ්-ප්‍රසන්න තීරණාත්මක සාකච්ජාවක්!
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ප්‍රසන්නත් අතර මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ප්‍රසන්න දැඩිව පෙන්වා දී තිබුණේ තනතුරු හිමි නොවන්නේ නම් සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමක් අයවැය ඡන්ද විමසීම වර්ජනය කිරීමට තීන්දු කර ඇති බවකි. ඒ අනුව මතුව ඇති තත්ත්වය වටහාගත් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නම් ලබන 09 වැනිදා වන විට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට තමන් කටයුතු කරන බවකි. එම රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය 35ක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කැබිනට් ඇමැතිවරුන් 40 දෙනකු පත්කිරීමට සැලසුම් කර ඇතැයි කියාය. ඒ, දැනට සිටින කැබිනට් ඇමැතිවරුන් 18 දෙනාත් ඇතුලුවය.
ඩලස්ගෙන් සජිත්ට මහ රෑ කෝල් එකක්!
මේ අතරවාරයේ පසුගිය සඳුදා රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඩලස් අලහප්පෙරුම මහතාගෙන් විශේෂ දුරකතන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් ඩලස්, සජිත්ට දැනුම්දී සිටියේ අඟහරුවාදා දිනයේදී තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවය. ඩලස්ගේ මෙම තීන්දුව ඉතා ඉහළින් අගය කළ සජිත් තමන් ඒ සඳහා හැකි සෑම සහායක්ම ලබාදෙන බවට ඩලස්ට පොරොන්දුවක් ලබාදීමටද කටයුතු කළේය. එමෙන්ම ඩලස් සඳුදා රාත්‍රියේම කතානායකවරයාටත් සිය තීන්දුව දැනුම් දී පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන ලෙස ඉල්ලා සිටියේය.
නන්දලාල් පන්නන කුමන්ත්‍රණය!
පසුගිය සතියේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. මහ බැංකු අධිපතිවරයකු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ තත්ත්වය පිළිබඳ මැති ඇමැතිවරුන්ට දේශනයක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. ඒ ආකාරයට වෘත්තීමය ලෙස මහ බැංකු අධිපතිවරයා මෙම කටයුත්ත සිදුකිරීමට පාර්ලිමේන්තුවට පැමිණියද එහිදී පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් නම් දැනගන්නට ලැබුණේ කිසිවකුත් පිළිගන්නා ආකාරයේ හැසිරීමක් නම් නොවේ. ඊට හේතුව වූයේ පොහොට්ටුවේ යම් මන්ත්‍රීවරුන් පිරිසක් හිතාමතාම මහ බැංකු අධිපතිවරයා අපහසුතාවට පත්කිරීමේ අරමුණෙන් ප්‍රශ්න ඇසීම සිදුකිරීමය. වරෙක මොනරාගල නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරයකු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ හෙතෙම තවමත් ද්විත්ව පුරවැසියකු නොවන්නේද කියාය. ඊට පිළිතුරු දෙමින් නන්දලාල් කියා සිටියේ තමන් ද්විත්ව පුරවැසියකු නොවන බවකි. මෙම මොනරාගල මන්ත්‍රීවරයා පොහොට්ටුව නියෝජනය කළද මේ වන විට අඩිය තියාගෙන සිටින්නේ පොහොට්ටුවෙන් වෙන්ව වෙනත් ස්ථානයකය. මෙම මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න ඇසීමත් සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක්ම මහ බැංකු අධිපතිවරයා අපහසුතාවට පත්වන ආකාරයේ ප්‍රශ්න ඇසීමට පියවර ගැනීම හේතුවෙන් එය සැලසුම්සහගත ක්‍රියාවක් බව දැකගන්නට ලැබිණි.
කිරිඇල්ල නැගිට යයි!
කෙසේ වෙතත් මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සහ නන්දලාල් අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවූයේ තමන් තනතුර භාරගන්නා විට මහ බැංකුවේ ඩොලර් මිලියන 200ක් පමණක් ඉතිරිව තිබූ බවට නන්දලාල් ප්‍රකාශ කිරීමත් සමගය. එහිදී කිරිඇල්ල කියා සිටියේ එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක මහ බැංකුව පාර්ලිමේන්තුව දැනුවත් කර නොතිබූ බවත්, මුදල් බලය ඇති පාර්ලිමේන්තුව පවා ඒ සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවත්ය. ඒ අනුව ඒ පිළිබඳ කිසියම් වචන හුවමාරුවක් සිදුවෙද්දී කිරිඇල්ල සිය ආසනයෙන් නැගිට රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
හර්ෂට පොහොට්ටුව එක්ක යකා නගී!
ඉන් අනතුරුව උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේ හර්ෂ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතරය. එහිදී හර්ෂ කියා සිටියේ මෙවැනි ආකාරයේ අර්බුදයක් මතුවන බව විපක්ෂ නායකවරයාත්, තමනුත් අවස්ථා රැසකදීම ආණ්ඩුවට දැනුම් දී සිටි නමුත් ආණ්ඩුව වගේ වගක් නැතිව සිටි බවය. එහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන් හර්ෂට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී හර්ෂ ද තමන් ඉදිරිපිට තිබූ මයික්‍රෆෝනයට අතින් ගසමින්, ‘අපිට ආණ්ඩුව උදේ හවස කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එකතු වෙන්න කියලා. හැබැයි මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තමන්ගෙ අතින් වෙච්ච ඒ වගේ වැරැද්දක්වත් පිළිගන්න තරම් නිහතමානීකමක් නැහැ. ඒ වගේ මන්ත්‍රීවරුන් එක්ක අපි කොහොමද තවදුරටත් එකට වැඩ කරන්නේ?…’ යැයි කියමින් රැස්වීමෙන් පිටව යෑමට පියවර ගත්තේය. හර්ෂ සමග රංජිත් මද්දුමබණ්ඩාරද රැස්වීමෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙම හමුවේදී මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය මහත් සේ අගය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වනු දැකගත හැකි වීම විශේෂ සිදුවීමක් විය.
සජබ මන්ත්‍රී කණ්ඩායමේදී කිරිඇල්ල ගැහුවේ කාටද?
සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය. එහිදීද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණේ ජනාධිපතිවරයාගේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවය.ආර්ථිකය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්යවරුන් කිහිප දෙනෙක්ම එම අවස්ථාවට කැඳවීමට සජිත් පියවර ගෙන තිබුණේය.
‘අයවැය තත්ත්වය පිළිබඳ ඔබතුමන්ල ඇත්ත පැහැදිලි කරන්න…’ සජිත් ඉල්ලා සිටියේය. අයවැයේ පවතින අඩුපාඩු, එහි බරපතළ දෝෂ, පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
‘මේ අයවැයේ මොන කාරණා තිබ්බත් ජනාධිපතිවරයාට මේ අයවැය සාර්ථක කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එතුමා පොහොට්ටුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සිරකරුවෙක් වෙලා ඉවරයි….’ ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය. ‘අයවැය යෝජනාවලියෙ සමහර කරුණු හොඳයි. අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු කීපයකුත් එතැන තියෙනවා. හැබැයි මේවා ප්‍රායෝගික තලයට ගෙන එන්න එතුමාට කිසිසේත්ම පුළුවන් වෙන්නේ නැහැ….’ සජිත් කීවේය.
‘අපිට බැහැ අයවැයේදී කිසිම විදියකට ආණ්ඩුවට සුදු හුණු ගාන්න. මොකද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ වහලෙක්. එතුමා හදලා තියෙන්නේ අපේ ආණ්ඩුවක් නෙමේ. එතුමා හදලා තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්. ඊළඟ මැතිවරණයේ දී එතුමාලා ඉදිරිපත් වෙන්නේ ඒකට. ඒ කියන්නේ ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවයි යූ.එන්.පී. එකයි එකට තමයි තරග කරන්නේ….’ රෝහණ බණ්ඩාර කීවේය.
කෙසේවෙතත් මෙහිදී කිරිඇල්ල කළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු විය.
‘කකුල් දෙපැත්තේ තියාගෙන අනුන්ගෙන් යැපෙන දේශපාලනයක් කරන්න අපිට බැහැ. එක එක්කෙනාට ඕන විදියට සමගි ජනබලවේගය පාවිච්චි කරන්නත් බැහැ. අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය. ඒ විතරක් නෙමේ ඊළඟට ආණ්ඩු බලය ගන්න ඉන්න පක්ෂය. ඒ නිසා කාගෙවත් දේවල්වලින් අපි යැපෙන්න ඕනේ නැහැ. අපි අපේ මතයේ ඉමු. මේ වෙලාවේ පොහොට්ටුවත් එකත් එකයි යූ.එන්.පී. එකත් එකයි. ඒක රටට කියන්න බයවෙන්න දෙයක් නෑ….’ කිරිඇල්ල කීවේය.
මහබැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින කුමන්ත්‍රණයක් පිළිබඳ සජිත් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනාවරණයන් කිහිපයක් කළේය. ඔහු පවසා සිටියේ මහ බැංකු අධිපතිවරයා ද්විත්ව’ පුරවැසියෙක් යැයි හංවඩු ගසමින් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවය.