රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ සදහන් ඖෂධවල මිල ගණන් සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබදව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තම පාලන සමයේ ඖෂධ මිලගණන් සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා කී තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
ඒ පිළිබද සත්‍ය තොරතුරු සභාගත කිරීමටද මන්ත්‍රීවරයා කටයුතු කළේය.
මෙම අවස්ථාවේදී චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම විශේෂ සිදුවීමක් විය.










