කොරෝනා සමයේ ගෙන්වූ ඖෂධ සම්බන්ධ කිසිදු තොරතුරක් මැකී ගොස් නැති බවත්, මැකී ගොස් ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කාල සමයේ වැඩි මිලට ඖෂධ ගෙන්වීමේ තොරතුරු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.
එසේ මිලදී ගත් ඖෂධ 35ක් සම්බන්ධයෙන් තොරතුරුද අමාත්‍යවරයා සභාගත කිරීමට පියවර ගත්තේය.
මේ පිළිබද විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද හෙතෙම කීය.










