රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර ඇත.
රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.
තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
” අවි බිම තබා ගෙදර යන්න” යැයි මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දී ඇත.
එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදිමට සිදුවෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ යුක්රේන් අගනුවර වූ කීව් නුවර පිපිරීම් සිදුව ඇති බවකි.