සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට සූදානම් වීඹත් සමග කිසියම් උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
එහිදී පාර්ලිමේන්තු ආරක්ෂකයන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ සිරුර පමණක් නොව ලිපිගොනුද පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බව පැවසේ.
මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ඊට විරෝධය පළ කර ඇති අතර එහිදී ආරක්ෂකයන් විසින් ඉහළින් ලැබුණු උපදෙස් අනුව ලිපිගොනු පරීක්ෂා කිරීම සිදුකරන බව ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත.








