අද දින සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්රීවරුන් විදුලි පන්දම් (ටෝච්) රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් යළිත් වතාවක් පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.
මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙසේ විපක්ෂය විදුලි පන්දම් පාර්ලිමේන්තුවට රැගෙන විත් අති බව පැවසේ.
ආණ්ඩු පක්ෂය ඊට දැඩි විරෝධය පළ කරමින් කියා ඇත්තේ මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවකි.
මේ සම්බන්ධයෙන් කනායකවරයාගේ අවධානය යොමු කරවීමටද ආණ්ඩු පක්ෂය අද සූදානම් වී සිටින බව දැනගන්නට ඇත.










