පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.Sri Lanka Latest News
ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය.
ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුෂණය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය නිමා කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බව තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින් පැවසීය









