ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස 2ට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කොටුවේ ජනාධිපති මන්දිරය වෙත කැදවා තිබේ.
මෙම කණ්ඩායම් රැස්වීමේදී අළුත් කැබිනට් මණ්ඩලය පත්කිරිම, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබද තීරණ ගණනාවක් ගැනිමට නියමිත බවද දැනගන්නට තිබේ.








