ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අරලිය ගහ මන්දිරයේදී අද සවස 4.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට ඇත.
මේ සඳහා පසුගිය දිනෙක අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ටද ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.









