• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් මහසෙනගක් එක්ක පුත්තලමට එයි! පෝලිම් නැති කළා කියපු රටේ පාස්පෝට් පෝලිම්.. කටුනායක පෝලිම් හැදිලා තියෙන හැටි මතක් කරයි! මොන ආර්ථික ඔස්තාර්ලා ආවත් මහින්දගේ කාලේ තරම් මේ රට සංවර්ධනය කළ යුගයක් කවදාවත් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

September 4, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
නාමල් මහසෙනගක් එක්ක පුත්තලමට එයි! පෝලිම් නැති කළා කියපු රටේ පාස්පෝට් පෝලිම්.. කටුනායක පෝලිම් හැදිලා තියෙන හැටි මතක් කරයි! මොන ආර්ථික ඔස්තාර්ලා ආවත් මහින්දගේ කාලේ තරම් මේ රට සංවර්ධනය කළ යුගයක් කවදාවත් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.Sri Lanka Latest News

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතිය ද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ සඳහා වන වැඩපිළිවෙල තමා සතු බවද පවසන ඒ මහතා ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුවේ දී ඊයේ (03) පස්වරුවේ පැවැති ජනරැලිය අමතමිනි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අපේක්ෂාවෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රිකක්ය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය වගේ බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.

තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ. මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආන්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විෂෙන් තොර වෙන්න ඕන කියලා.

අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලඟ තිබෙනවා. ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕන. සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය කරන්න ඕන.

ආයෝජකයන් ගේනවා වගේම දේශීය හා විදෙස් රැකියා වෙළඳපොල තුළ ඊළඟ වසර 10 කාලයේ දී අපි රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කරන්න පියවර ගන්නවා. ඒ තුළින් සෘජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ලබාගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමඟ දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැසුවා කියා ඵලක් නැහැ. පසුගිය වසර 20 හා 30 ගත්විට දේශපාලන ප්‍රතිපත්ති ඇතැමුන්ගේ එක හා සමානයි. එකම කාරණය කතා කරනවා. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකම දේ කියනවා. ඒ අපේක්ෂකයන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ බටහිරකරණය මිස නවීකරණය නොවෙයි. මම විශ්වාස කරන්නේ බටහිරකරණය නොවෙයි අපි අපේ රට නවීකරණය කරා රැගෙන යායුතුයි කියන විශ්වාසය සහ වැඩපිළිවෙල සමඟ අපි දේශපාලනය කරනවා. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. ඒ නිසා එක් එක් අයගේ ප්‍රතිපත්ති වෙනස්. ඇතැමුන් මේ රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා.

මේ රටට හානියක් වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අද පෝලිම් යුගයක් ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේම ඉන්නේ පෝලිම් ඉවත් කරන්නයි. නමුත් පාස්පෝට් පෝලිම එන්න එන්න දිගු වෙනවා. පොලීසියේ මහත්වරු උදේ සිට රෑ වෙනකල් පාස්පෝට් පෝලිම හදනවා. අනෙක් පැත්තෙන් විදෙස් සංචාරකයන් ලංකාවට එනවිට ගුවන් තොටුපළ තුළ පෝලිමක් නිර්මාණය වී තිබෙනවා. සමහරුන්ගේ ප්‍රතිපත්තිය තමයි පෝලිම වැඩිවෙනවා නම් මිල වැඩි කරනවා. පරිභෝජනය අඩු කරනවා. සංචාරක ව්‍යාපාරයටත් එය කරයි ද කියා බියක් දැනෙනවා. අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන කියා අපි විශ්වාස කරනවා. උද්ධමනයට සමානව රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවිය යුතු වෙනවා. ඒකට දේශපාලඥයන් මැතිවරණයක් එනකල් බලා සිටිය යුතු නැහැ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, මාරුවීම්, නිසි ක්‍රමවේදයකට වියයුතු වෙනවා. ඒකට දේශපාඥයන් පැමිණ මැතිවරණයක් පැමිණෙන තෙක් බලා සිටිය යුතු නැහැ.

රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු 10 තුළ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි.

ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නැහැ කියනවා. නමුත් රැස්වීම්වලට යනවිට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහපොලවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 දාට චන් මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි,

හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කලා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් මේ ළඟදී එක්තරා පුද්ගලයෙක් ඇසුවා. එදා රජෙක් නොමැති අවස්ථාවක ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළන්දවපු පරපුරේ අපි කිසිඳු අවස්ථාවක ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කළ ආදරණීය නායාකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ. මේ රට ආරක්ෂා කළේ ඔහුයි. යුද්ධය අවසන් කළේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා. නායකයෝ කී දෙනෙක් මේ රටේ හිටියා ද. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. එදා අම්මයි තාත්තයි එක බස් එකේ ගියේ නැහැ. ශ්‍රී මහා බෝධිය අසල සිල් ගන්න ගිය උපාසක උපාසිකාවන් මරා දැම්මා. කාත්තන්තුඩි පල්ලියට ගැහුවා. එවැනි තත්ත්වයක් අපේ රටේ තිබුණේ. නමුත් ඒ යුද්ධය අවසන් කොට අපිට නිදහස හා සාමය උදාකරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. රටට සංවර්ධනය ගෙන එමින් දැවැන්ත ව්‍යාපෘති රැසක් කළා. අද ඉන්න ඇතැමුන්ට විකුණාගෙන කන්න හරි මේ රට ගොඩනැඟුවේ මහින්ද රාජපක්ෂ මහතායි. කොන්ද පණ ඇතිව වැඩකළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි. එයින් පසුව රට නැවත බෙදන්නේ නැහැ කියා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලේ නාමල් රාජපක්ෂයි.

මැයි 9 අරඟලය අපි දන්නවා. එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. එදා මැයි 9 දා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය තුළ මරා දමන්න ඇතැමුන් උත්සාහ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා. නමුත් ජාතියේ වාසනාට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා. නමුත් මේ සටන අපි කරන්නේ ජාතිය, ආගම, රට බේරා ගන්නටයි. එහෙම නැතිව ගෑස් ටැංකිය බේරා ගන්න නොවෙයි. මේ රටේ සංස්කෘතිය බිමට සමතලා කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් මේ රටේ ඕනෑම අයෙකුට ඉන්න පුළුවන්. මේ සංස්කෘතිය තුළ ඕනම කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙම සංස්කෘතියක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ කට්ටිය කටයුතු කරන්නේ තමන්ගේ ආත්මය පාවා දෙන්නයි. නාමල් රාජපක්ෂට ඡන්දය දෙන්න අවශ්‍ය ඇයි කියා අපි තීන්දු කරන්න ඕන. 2015 වසර වනවිට මේ රටේ වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග සාදා තිබුණා. පාවා දෙන දේශපාලනය අපේ රටෙන් නතර කළයුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පිංතූරය උඩින් ගහලා ඡන්දයට එන සැමට අපි පාඩමක් ඉගැන්විය යුතු වෙනවා. ජාතියට පණ දෙන්න පුළුවන් නායකයින් මේ රටට පත්කළ යුතු වෙනවා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා,

සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළා. මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක එතුමා දේශපාලනය කළා. පුත්තලමේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කළා. හිරේ ගියත් මගේ දේශපාලනය නතර කරන්නේ නැහැයි කියා එදා කිවුවා. සනත් නිශාන්ත රටට යම්කිසි පණිවුඩක් ඉතිරි කළා. ජනතා විමුක්ති පෙරමුණ හදලා තිබුණු මතය අපි දන්නවා. යම්කිසි අයෙක් වැඩක් කර තිබෙනවා නම් නිවන් සුව අත්වේවා කිවුවා. වැඩ කළත් වැරැදියි නැතත් වැරැදියි. රාජපක්ෂවරුන්ට විවිධ චෝදනා එල්ල කළා. අරගලය එක්ක ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවට දැම්මා. අපේ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතබා විනාශ කළා. අදත් ජනතා විමුක්ති පෙරමුණ වෛරය වපුරනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ නිල ඇඳුම ඇදගෙන සිටි පොලිස් නිලධාරීන් ඝාතනය කළා. 22 දාට දිනූ පසුව ඇඟිලි තුඩකින් හෝ හානියක් කරන්නේ නැහැ කියා කියනවා.

හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක නවදන්කුලමේ මේධානන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක යු.කේ.ඩී පාලිත, හලාවත ආසනයේ සම සංවිධායක සමන්ත පෙරේරා මහත්වරු සහ නීතීඥ චමරී පෙරේරා මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

පහුගිය දවස්වල ආණ්ඩුව ලොකුවට පෙන්වපු TNA සේනාධිරාජාගේ කතාව අතේ පත්තු වුණු වීඩියෝව එළියට ආවා! ‘අපි සජිත්ට සහාය දෙනවා!’ මෙන්න සේනාධිරාජාම කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ගේ ජන සුනාමිය උතුරෙන් දකුණට එයි! ගාල්ලේ විජයග්‍රාහී ජන රැලියට මහා ජන ගඟක්! සජීවී වීඩියෝව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.