පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (12) උදෑසන 9.00ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායකවරයා පවසයි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන අවලංගු කළ පක්ෂ නායක රැස්වීම ඊයේ (11) පස්වරු 3.00ට පැවැත්වුණේ, Zoom ඔස්සේයි.
Zoom ඔස්සේ පැවති රැස්වීමෙන් අනතුරුව කතානායකවරයා පැවසුවේ, අද (12) යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කළ බවයි.
මේ අතර ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව පක්ෂ නායකයින්ගේ යෝජනා ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීමට තීරණය කළ බව ද කාතානායකවරයා සඳහන් කළේ ය.










