මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල පැවසුවේ රටට අවශ්‍ය සමස්ථ කාබනික පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රටතුළ නිපදවීමට නොහැකිවීම හේතුවෙන් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස එම පොහොර වර්ග ආනයනය කරන බවයි.
හෙක්ටෙයාර් ලක්ෂ 7කට අවශ්‍ය කාබනික පොහොර මෙසේ ආනයනය කරනු ඇති බව දැනගන්නට තිබේ.










