කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
ඒ මහතා අසාධ්‍යව සිටින බවට ව්‍යාජ ජායාරූපයක් සමාජ මාධ්‍යයේ පළව තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයද නිවේදයක් නිකුත් කොට තිබිණ.
කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා සදහන් කොට ඇත්තේ ‘මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් ගෙදර යන්න පුවන් කිව්වා. මට අමාරුයි කියලා වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා. හැබැයි හැමෝම වගේ මට ඉක්මණින් සුව වෙන්න කියලා දාලා තිබ්බා. ඒකට සතුටුයි. තව දවස් තුන හතරකින් සුවවෙලා රෝහලෙන් පිටවෙන්න පුලුවන්…’ යනුවෙනි.










