ඓතිහාසික මිහින්තලා පුදබිමේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කළ මෙම පහත ක්‍රියාව තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් රජය විසින් සිදු කළ මේ ක්‍රියාව පරාජය කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලින් හෝ බුද්ධසාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.