• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රී වෙලා මාස 5යි! අවුරුදු 38න් ජීවිතය හැර ගිය කවුද මේ මාලිමාවේ කෝසල? Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මන්ත්‍රී වෙලා මාස 5යි! අවුරුදු 38න් ජීවිතය හැර ගිය කවුද මේ මාලිමාවේ කෝසල? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ පසුගිය 06 වැනිදා ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා මියගොස් ඇති අතර, මරණය සිදුවන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.
පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු කෝසල නුවන් ජයවීර මහතා මනාප ඡන්ද 61,713ක් ලබාගනිමින් කෑගල්ලෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් හත්දෙනා අතරින් දෙවැනි ස්ථානය හිමි කරගත්තේය. Sri Lanka Latest News

ඔහු ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙකි. එසේම ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ බවත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් (SSU) ජාතික දේශපාලනයට පැමිණි බවත් සඳහන් කර තිබිණි.

පහත පළවන්නේ කෝසල නුවන් ජයවීර මහතා මීට කෙටි කාලයකට පෙර හිරු ටීවී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.
කෝසල නුවන් ජයවීර කියන්නේ කවුද?

මම කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. මම ඉපදෙන්නේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාපාවල කියන ගමේ. මගේ මූලික අධ්‍යාපනය ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනය ලබනවා ඇහැලියගොඩ ජාතික පාසලෙන්. මගේ දේශපාලනයට එන්න මූලිකම පිවිසුම ගන්නේ විශ්වවිද්‍යාලයේදී. විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විදියට වැඩ කරලා, සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා දේශපාලනයට පිවිසිලා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුව නියෝජනය කරලා ඊට පස්සේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට මම පිවිසුණා.

මගේ දේශපාලන ජීවිතයට අවුරුදු 12ක් වෙනවා. ඒ කාලය තුළ මම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කළා. ඊට අමතරව ජාතික ජන බලවේගයේ තරුණ සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් කටයුතු කරනවා.

ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මහා ශිෂ්‍ය සංගමයට පහරදීම් වගේ දේවල් සිදුවෙන එකක් නැති වෙයිද?

කොහෙත්ම නැහැ. මොකද අපේ ආණ්ඩුව කියන්නේ මේ රටේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයන් හොඳට හඳුනාගත්ත දේශපාලන ව්‍යාපාරයක්.

රජයට බලපෑම් කරමින් විරෝධතා කරලා තියෙනවා. ඒ වගේම වැඩවර්ජනවලට යද්දීත් රාජ්‍ය සේවකයන්ගෙ පැත්තෙත් එහෙමයි. ඒ ආකාරයෙන්ම ඔබේ ආණ්ඩුවටත් බලපෑම් වෙන විදියට විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා කළොත්, වැඩ වර්ජන කළොත් කොහොමද ඔබලා ඒවාට උත්තර දෙන්නේ?

සටන් ක්‍රියාමාර්ග තේරුවේ තිබුණු පීඩාවන්ට එරෙහිව. ඒ ආකාරයේ පීඩා ඇති නොවන ආකාරයට වැඩ කළා නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් එවැනි දෙයක් සිදුවෙන්නේ නෑ කියන සහතිකය අපිට දෙන්න පුළුවන්.

SendShareShare
Previous Post

දවස් 20ක් හැංගිලා ඉඳලා බාරවෙච්ච දේශබන්දුට අද ඇප ලැබුණා! මෙදා සැරේ එළියෙ ඉඳන්ම අවුරුදු ජයට කන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

කුමාර් ගුණරත්නම්ලා නෙළුම් පොකුණ ළඟට වී මෝදිට හූ කිව්වාම හරිද? Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

සුරේශ් සලේ මහතා සිය අවසන් කැමති පත්‍රය සහ ඊට අදාල නීතිමය ලේඛන සකස් කිරීම සදහා සිය නීතීඥයා හමු වීමට අවශ්‍ය...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.