වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය.Sri Lanka Latest News
ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ.
පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය.
එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී.
එමෙන්ම එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වාදෙන්නේ සිල්ලර සහල් අලෙවිය සඳහා රජය පනවා ඇති පාලන මිලද ඉක්මවා සහල් තොග මිල ඉහළගොස් ඇති බවය.









