දේශපාලන හා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන යන අය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ, එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධවය.
මේ හේතුවෙන් ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් කර ඇතැයි ඔහු ට චෝදනා එල්ල කර ඇති බවද වාර්තා වෙයි.
කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් ඊයේ ( 01) අලුයම 1.45 ට පමණ ඔහුව අත්අඩංගුවට ගත් ජයසුමන පසුව අධිකරණය මගින් ලබන 04 දක්වා රිමාන්ඩ් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවත් මෙහිදි අලුයම කාලයේ අත්අඩංගුවට ගැනීමත්, ප්‍රති ත්‍රස්ත පනත යොදාගැනීමත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරෙන තත්ත්වයක්ද පෙන්නුම් කරයි.
ඒ වත්මන් ආණ්ඩුව, විපක්ෂයේ සිටි සමයේ ප්‍රතිත්‍රස්ත පනතට දැඩිලෙස විරෝධය දැක්වීමත් ඊට අවශ්‍ය සංශෝධන ගෙනෙන බවට ජනාධිපති අනුර දිසානායක සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් කර තිබීමත් නිසාය.










