ලබන බදාදා (08) දිනයේ සිට සියලු මෘදුකාංග සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.Sri Lanka Latest News
මේ හරහා වත්මන් ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව සමස්ත තරුණ ප්‍රජාව විශාල රැවැටීමකට ලක්කොට ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා ඉකුත් මැතිවරණ සමයේදී සිය මැතිවරණ ප්‍රකාශය හරහා ජනතාවට පොරොන්දුවක් දෙමින් මෘදුකාංග සේවාවන් සඳහා වැට් බද්ද 0%ක් බවට පත්කරන බව කියා සිටියද, මේ වනවිට එම ප්‍රකාශය ආපස්සට හරවමින් මෘදුකාංග සේවාවන්ට වැට් බදු අයකිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, ඒ හරහා තරුණයන්ට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව කඩකර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම එය එම කර්මාන්තයේ උන්නතියට සිදුකරන විශාල බාධාවක් බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.










