දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්න හමුවේ එම පීඩාවෙන් රටේ ජනතාව මුදාගැනීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට තිබේ.Sri Lanka Latest News
දැනටමත් ආණ්ඩුව භාණ්ඩාගාරයේ රුපියල් ටි්‍රලියනය ඉක්මවා යන මුදලක් එකතු කොට ඇති බව ප්‍රකාශ කොට තිබීම නිසා ජනතාවට සහන ලබාදීමේ අපහසුතාවක් නොමැති බවද විපක්ෂ නායකවරයා අවධාරණය කොට තිබේ.
එමෙන්ම දැනටමත් ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව වැනි රටවල් ඉන්ධන මත පනවා ඇති බදු අඩුකොට ජනතාවට සහන ලබාදීමට කටයුතු කොට ඇති නිසා වත්මන් ආණ්ඩුවද ඉකුත් මැතිවරණ සමයේ කී ආකාරයට ඉන්ධන මත පනවා ඇති ඉහළ බදු අඩුකොට ජනතාවට වහාම සහන ලබාදිය යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කොට ඇත.










