හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය පසුගිය 17 වැනිදා යෙදී තිබුණු අතරල එදින ජනාධිපතිවරයා හා රාජපක්ෂ පවුලේ දූදරුවන් එක්ව මහින්ද වෙනුවෙන් කේක් ගෙඩියක් කපා ‘හැපි බර්ත් ඩේ’ කී බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අපි වාර්තා කර සිටියෙමු. ජනාධිපතිවරයා හා කේක් කැපීම අලුත් කතාවක් නොවුවද, එම කතාවෙන් පසු කිසිවකුත් නොදන්නා තවත් අලුත් කතාවක් රටට හෙළිදරව් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, මෙම උපන්දින සාදය සංවිධාන කොට තිබූ නිවෙස සම්බන්ධයෙන්ය. මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම පාටිය පැවැත්වුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වාසය කරන ආණ්ඩුවේ නිල නිවෙසේ බවය. මලලසේකර මාවතේ එම නිල නිවෙස පිහිටා ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන සමයේ එම නිල නිවෙසේ වාසය කොට ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලින් අනාවරණ කොට තිබිණි. පසුව දිනේෂ් අගමැති ධුරය භාරගැනීමෙන් පසු එම නිල නිවෙසින් නික්ම ගොස් ඇති අතර පසුව එය නාමල් විසින් වාසය කිරීම සඳහා භාවිත කොට ඇති බවද කියවිණි.Sri Lanka Latest News
නමුත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් පමණක් භාවිත කළ හැකි ආණ්ඩුවේ නිල නිවෙසක්ල ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන නාමල් භාවිත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ය. ඒ අනුව ඉදිරියේදී මෙම මාතෘකාව දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.










