කොළඹ – පුත්තලම මාර්ගයේ අද පැවති සුපිරි යතුරුපැදි – වාහන රැළිය පිටුපස තමන් සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
“අද කල්පිටියේ පැවැත්වෙන යතුරුපැදි තරගය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෝ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කිසිදු ආධාරයක් ලබා දී නොමැත. එය සංවිධානය කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නැති පෞද්ගලික ආයතනයක් විසින්” යැයි ක්‍රීඩා ඇමැතිවරයාගේ මාධ්‍ය අංශය පැවසීය.
පොලිස් අවසරය ඇතිව සංවිධානය කර තිබූ මෙම රැලියට රටේ තත්ත්වය නොසලකා අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ඉන්ධන නාස්ති කරන බවට චෝදනා කරමින් සාමාන්‍ය ජනතාවගෙන් විරෝධතා රැසක් එල්ල විය.
පුණ්‍ය පරිත්‍යාගයක කොටසක් ලෙස මෙම රැලිය සංවිධානය කළ බව උත්සව සංවිධායකයෝ පැවසූහ.








