ජාතික නිවාස අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථනයෙන් තර්ජනය කළ බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
077-2624202 යන දුරකථන අංකයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා හිරු මාධ්‍ය නාලිකාවේ ප්‍රධනියාගේ සහෝදරයා බවත් අම්බලන්තොට වැලි ජාවාරම සම්බන්ධයෙන් දර්ශන වාර්තා කිරීමෙන් වළකින ලෙසට තමන්ට පැවසූ බවත් සමන්ත හෙට්ටිආරච්චි මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දන්වා ඇත.
ඊට අදාල හඬපට ද ලබාදී තිබේ.
දුරකථන අංකය සම්බන්ධව පරීක්ෂා කිරීමේදී එය දුමින්ද සිල්වා හට අයත් බව තහවුරු වූ බවද සමන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.










