N-JOY වෙළෙද නාමය යටතේ වළෙදපොළේ ඇති පොල්තෙල්වලද ඇෆ්ලටොන්සීන් නැමැති පිළිකාකරකය අඩංගු වී ඇති බවට තහවුරු වීමත් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇති ගබඩාවකට සීල් තැබීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.
එමෙන්ම වෙළෙදපොළේ ඇති එම පොල්තෙල් තොග නැවත කැදවීමටද පියවර ගෙන තිබේ.
පසුගියද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ 2ක් පවත්වාවාඇති අතර එම පරීක්ෂණ දෙකෙන්ම මෙම පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරකය ඇති බව තහවුරු වී ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.










