අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් අනුෂ්ක ගුණසිංහ මහතා හදිසියේම ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
එම සටහන මෙසේය.
“ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද දින මා ඉල්ලා අස්විය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම මාවෙත පැවරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
එමෙන්ම පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි“










