ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලබා නරාහේන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා නිවස බලා ගොස් ඇත. Sri Lanka Latest News
රෝහලින් පිටව ගියත් නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව රාජපක්ෂ මහතා පවසා ඇත.
එම රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇති වූ ගැටුමකදී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාදයකට බරපතල තුවාල සිදුවිය.
එම පාදයකට පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් ශල්‍ය කර්මයක්ද පසුගියදා කරනු ලැබීය.









